Friday, July 31, 2020

කන්තලේ නගරයේ දී ආසිරි - ඇබර්ඩීන් උපාධි කඩයට එරෙහිව සිසුන් විරෝධතවයක.


වසර 72ක් තිස්සේ අපි ජනාධිපතිවරු සහ ආණ්ඩු මාරුකලෙමු.මේ මොහොත වන විටත් අප සිටින්නේ මහ මැතිවරණයක් අබියසය.පුද්ගල චරිත ගැන පමණක් සංවාදයක් පවතින අතර ප්‍රතිපත්ථි ගැන ඇසෙන්නේ නොමැති  තරම්ය.එබැවින් සුපුරුදු චක්‍රයම නැවත වරක් සිදුවීමට නියමිතය.හිස් පොරොන්දු කන්දක් අවසානයේ සුපුරුදු ලෙසම නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තියම ඉදිරියට යාමට නියමිතය.

ඊට අදාල ඉගි මේ මොහොත වන විටත් ඇති තරම් ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ලබා දී ඇත.අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත්කර ධනපතියන්ට තම ප්‍රාග්ධනය ආයෝජයන කරවා ලාභ සෙවීමට ඉඩහසර සකසාදීමේ උත්සාහය නැවත වටයකින් ක්‍රියාත්මක කිරීමට වත්මන් පාලනයද කටයුතු ආරම්බ කර තිබේ..ඒ අසිරි රෝහල් සමූහය සහ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යලය සමග ඒකාබද්ධව වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට කටයුතු කිරීම හරහාය.පවතින නීතිමය රාමු වලින්ද රිංගායමින් ධනපති ව්‍යාපාරිකයන්ගේ ලාභ උවමනාවන් වෙනුවෙන් සිදුකරනු ලබන මෙම පොදුජනයගේ අධ්‍යාපන අයිතිය අහිමි කරලීමේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය දැක්වීම සදහා,

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන ආසිරි - ඇබර්ඩීන් උපාධි කඩය වහා අහෝසි කරනු !
ආසිරි - ඇබර්ඩීන් හරහා ගෙන එන පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු ! 
යන සටන් පාඨ මූලික කරගෙන 
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් උද්ඝෝෂණ මාලාවේ අදියරක් වශයෙන් අද දින කන්තලේ නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

0 comments:

Post a Comment