Friday, July 31, 2020

ලෙබනනය බිලිගත් ආර්ථික අර්බුදය. (විරැකියාව 40% දක්වා ඉහළට,විදුලි සැපයුම දිනකට පැය 2)




මේ වන විට ලෙබනනය ගැඹුරු අර්බුදයකට මුහුණ දී සිටින අතර, අධි උද්ධමනය, විරැකියාව, සාගින්න සහ විදුලිය අවහිර කිරීම් හේතුවෙන් මිලියන ගණනක් දෙනාගේ ජීවිතය තර්ජනයට ළක්ව තිබේ.

මෙම ආර්ථික අර්බුදය, වසර ගණනාවක දූෂිත නව ලිබරල් පාලනයේ ප්‍රතිඵලයකි. මෑතදී එක්සත් ජනපදය ලෙබනනයට සම්බාධක පැනවීමත් සමඟ එය නරක අතට හැරුණි.

ලෙබනන් පවුම ඔක්තෝම්බර් මාසයේ සිට එහි වටිනාකමෙන් 80% කට වඩා අහිමි වී ඇත.ප්‍රාග්ධන පාලනය, ක්‍රය ශක්තිය අඩුවීම සහ භාණ්ඩ ආනයනය කිරීමට එක්සත් ජනපද ඩොලර් නොමැතිකම හේතුවෙන් ලෙබනනයේ වෙළඳසැල් සහ ව්‍යාපාර 50%ක් වසර අවසාන වන විට වසා දමන බවට පුරෝකථනය කර ඇති අතර ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රැකියා විරහිත සංඛ්‍යාව දැනය 40% දක්වා වේ.

ලෙබනනයේ ආහාර සැපයුමෙන් 80% ක් වන මූලික ආහාර මිලෙහි සැලකිය යුතු වැඩි වීමක් දක්නට ඇත. 2020 අවසානය වන විටදී, ජනගහනයෙන් 3/4 ක්ම ආහාර දීමනාව මත ජීවත් වනු ඇතැයි දැනට ගණන් බලා ඇත.

ලෙබනන් පුරවැසියන්ට මේ වන විට විදුලිය ලැබෙන්නේ දිනකට පැය 2 ක් පමණි. ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වීම,සිරියාව සහ ඉරානය වැනි ඇ.එ.ජ.සම්බාධක පනවා ඇති රටවලින් ඉන්ධන ආනයනය කිරීම තහනම් වීම මීට ප්‍රධාන හේතුවක් වී ඇත.

ඇස්තමේන්තු කර ඇති පරිදි ලෙබනන් ජාතිකයන්ගෙන් 50% ක් දැන් දරිද්‍රතා මට්ටමේ ජීවත් වන අතර මධ්‍යම පංතිය පටු වීම හමුවේ එය සංඛ්‍යාත්මකව තවත් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කරමින් සුබසාධ කප්පාදු කිරීම ජනතාව තවදුරටත් දුගීභාවයට පත් කරවන්නක් වේ.





0 comments:

Post a Comment