Sunday, August 9, 2020

පිපුරුමෙන් අවතැන් වූ ලෙබනන් ජනතාවගේ සහයට ලොව පුරා මානවවාදීන් ලෙබනනයට රොදබදී.


පසුගිය කාල සීමාව තුළ දී ලෙබනනය ඉතිහාසයේ ඔවුන් මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුධයෙන් බැටකමින් සිටියා.එය කෙතරමු දරුණුවීදයත්,ලෙබනන් පවුම ඔක්තෝම්බර් මාසයේ සිට එහි වටිනාකමෙන් 80% කට වඩා පහළට වැටී ඇත.40% ක ජනතාවක් විරැකියාවට පත්වූ අතර 2020 අවසන් වන විට ජනගහණයෙන් 80%කටම ස්වෝත්සාහයෙන් තම ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට නොහැකි වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබුණි.


මෙවැනි අර්බුධයක ගිලී සිටි ලෙබනන් ජනතාවට තවත් ඛේදජනක සිදුවීමකට මුහුණපෑමට සිදුවිය.අඟහරුවාදා (අගෝස්තු 04) බේරූට් අගනුවර වරාය ආශ්‍රිතව හටගත් ගින්නකින් අනතුරුව විශාල හත්තක ආකාරයේ වළාවක් මතු කරමින් සිදු වූ පිපිරීමෙන් බේරූට් නගරය දෙදරුම් කැවිණි.මෙහිදී අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකුවත් මරණයට පත් කරමින් සහ තවත් 4,000ට වැඩි පිරිසකට තුවාල සිදුවූ බවට වාර්ථාවේ.වරායේ ගුදමක් තුළ  සර හයක කාලයක් පුරා ඉතා අනාරක්ෂිතව ව ගබඩාකර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් පුපුරායාමෙන් මෙම විනාශය සිදුව ඇත.

මේ සමගම වරාය කටයුතු අඩාල වීම නිසා ලෙබනන්  ජනතාව විශාල ආහාර අර්බුධයකට මුහුණ පා සිටි අතර  පැවති ආර්ථික අර්බුධය නිසා ඇතිව තිබූ තත්වය විසින් මේ මොහොතේ ජනතාව කිසිත් කරකියාගත නොහැකි අසරණභාවයකට ඇදදමනු ලැබුවේය.නමුත් අද වන විට දහස් සංඛ්‍යාත මානවවාදීන් ලෝකයේ විවිධ රටවල සිට බේරූට් වලට පැමිණ පිපිරුමෙන් දැවී අළුවුණු නගරය පිරිසිදු කිරීමට සහ උන් හිටි තැන් අහිමි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට උදවු කිරීමටද දිවා රෑ වෙහෙස වෙමින් සිටී.බො‍‍හෝ මානව හිතවාදී කණඩායමි පැමිණ තිබෙන්නේ ලෙබනනයට කිලෝ මීටර් සිය ගණනක් දුරින් යුත් සයිප්‍රස් රාජ්‍ය යෙනි.

මීට අමතරව ලෙබනන් ජනතාවට සහයෝගය ලබා දිය හැකි ක්‍රම සොයන අය සඳහා, රට තුළ ක්‍රියාත්මක වන ස්වේච්චා සංවිධාන 10 ලැයිස්තුවක් ලෙස පෙළ ගැසෙමින් අන්තර්ජාලය තුලින් ලෙබනන ජනතාවට මෙි මොහොතේ අත්‍යාවශ්‍ය මොනවද යන්න විස්තර කරමින් ආධාර රැස්කරමින් සිටී.

සමාප්ති යුගයක දිනෙන් දින ඛේදණීය අත්දැකීම් වලට මුහුණදෙමින් සිටින ලෝකයට ඇති එකම විසදුම වන ගෝලීය කොමියුනිස්ට්වාදයක සුබවාදී බලාපොරොත්තුවක්, විපතටපත් වූ ලෙබනන් ජනතාව වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික සීමාවෙන් ඔබ්බට ගොස් ලෝකවාසී සහෘද ජනතාවගේ සෘජු මැදිහත්වීම සහ ශ්‍රමය විසින් අපට ඒත්තුගන්වයි.

Add caption



0 comments:

Post a Comment