2019 අ.පො.ස. උසස්පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට පවත්වන ලදී. මෙම විෂය නිර්දේශ දෙකෙන් පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායම් දෙකට වෙන වෙනම කඩඉම් ලකුණු දෙකක් නිකුත් කරන ලදී. මෙවර කඩඉම් ලකුණු සකස් කරන ලද්දේ පෙර වසර පහක බඳවාගැනීම් ප්‍රතිශතවල සංයුක්ත මධ්‍යන්‍ය අගය ගණනය කිරීමෙනි. මෙම කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාල වෙත සිසුන් බඳවාගැනීමේදී විශාල අසාධාරණයක් සිදුව තිබේ.
තවද , මෙම කඩඉම් ලකුණු ගැටලුවට අමතරව කලා විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා මුහුණ දුන් සිසුන්ට කඩඉම් ලකුණු නිකුත් කිරීමට පෙර එම ප්‍රායෝගික පරීක්ෂණවල ප්‍රතිඵල ලබා නොදීම නිසා ඇති වූ විශේෂ ගැටලුවක් ද පවතී.
මෙම ගැටලුව නිසා අසාධාරණයට පත් සිසුන් විශ්වවිද්‍යාල වලට බදවා ගන්නා ලෙසත් විශ්වවිද්‍යාල බදවාගැනීම් ඉහළ දමන ලෙසත් බල කරමින් "නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය" විසින්
බොරු පොරොන්දු එපා!
A/L කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු සිසුන් සරසවිවලට බඳවාගනු!යන සටන් පාඨය මූලික කරගෙන උද්ඝෝෂණයක් හා සත්‍යග්‍රහයක් කොලබ ලිප්ටන් වටරවුමෙදී ජනවාරි 26 දින පැවැත්විය.
මේ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි උසස්පෙල සිසුන්,දෙමාපියන්,විශ්වවිද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් සම්බන්ධව තිබුණි.
0 comments:
Post a Comment