Saturday, January 23, 2021

A/L කඩඉම් ලකුණු ගැටලුවට විසදුම් ඉල්ලා රට පුරා උද්ගෝෂණ

 


බොරු පොරොන්දු එපා!

A/L කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු සිසුන් සරසවිවලට බඳවාගනු!

යන සටන් පාඨය යටතේ ජනවාරි මස 22,23 දෙදින තුළ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් රට පුරා උද්ගෝෂණ සංවිධාණය කර තිබුණි. මහනුවර, ගාල්ල, හම්බන්තොට, තලුතර, කෑගල්ල, ගම්පහ, බදුල්ල යන දිස්තික්ක වල සංවිධානය කර තිබූ මෙම උද්ගෝෂණ වලට උසස්පෙළ සිසුන්, දෙමාපියන්, සරසවි සිසුන් සම්බන්ධ වී තිබුණි.

2019 අ.පො.ස. උසස්පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට පවත්වන ලදී. මෙම විෂය නිර්දේශ දෙකෙන් පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායම් දෙකට වෙන වෙනම කඩඉම් ලකුණු දෙකක් නිකුත් කරන ලදී. මෙවර කඩඉම් ලකුණු සකස් කරන ලද්දේ පෙර වසර පහක බඳවාගැනීම් ප්‍රතිශතවල සංයුක්ත මධ්‍යන්‍ය අගය ගණනය කිරීමෙනි. මෙම කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාල වෙත සිසුන් බඳවාගැනීමේදී විශාල අසාධාරණයක් සිදුව තිබේ.

ඒ අනුව මෙම කඩඉම් ලකුණු ගැටලුවේ මූලිකම කරුණ විෂය නිර්දේශ දෙකකින් ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් සුදුසුකම් සපුරා තිබියදීත් විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා ප්‍රමාණය ස්ථාවරව එකම මට්ටමක පැවතීමයි.

මෙම කඩඉම් ලකුණු ගැටලුවට අමතරව කලා විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා මුහුණ දුන් සිසුන්ට කඩඉම් ලකුණු නිකුත් කිරීමට පෙර එම ප්‍රායෝගික පරීක්ෂණවල ප්‍රතිඵල ලබා නොදීම නිසා ඇති වූ විශේෂ ගැටලුවක් ද තිබේ.










0 comments:

Post a Comment