Tuesday, July 26, 2016

මර්දනයට එරෙහිව ඒකාබද්ධ පෙරමුණක් අවශ්‍යයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යවන් තුන් දෙනෙක් සහා ශිෂ්‍යයින් තුන් දෙනෙක් අත් අඩංගුවට ගෙන දින පනහකට අධික කාලයක් රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ. ඒ නවක වදයට යොමු කිරීම සහා පරුෂ වචනයෙන් බැන වැදීම යන චෝදනා මතය.පරුෂ වචනයෙන් බැණ වැදීමේ චෝදනාව පසුව ලිංගික බලහත්කාරකම් කිරීම ලෙස අර්ථකතනය කරන්නට විය. මීට අමතරව කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 24 දෙනෙකුගේ පන්ති තහනම් සිදු කර ඇත.
එමෙන්ම  ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කර මර්දනයක් දිඟින් දිගටම සිදු වෙමින් පවතී. ශිෂ්‍ය පා ගමන් වලක්වා අධිකරණ නියෝග ගැනීම, නඩු පැවරීම, ශිෂ්‍ය උද්ඝෝශණ වලට පහර දීම, ශිෂ්‍ය නායකයින් අත් අඩංගුවට ගැනීම, ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස් වලට පොලිසියෙන් යවා නිවැසියන් බිය වැද්දීම වැනි මර්ධනයන් ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කර මෙම ආණ්ඩුව සිදු කරමින් තිබේ.

 
පසුගිය මහා මැතිවරනය සහා ජනධිපතිවරනය යන අවස්ථා දෙකේදීම ප‍්‍රමුඛ සටන පාඨයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය හවුල් ආණ්ඩුව ඡුන්ද ව්‍යාපෘතිය වෙනුවෙන් බාවිතා කරන්නට විය. ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල වූ මර්ධනය ඉතා නින්දිත ලෙස ජනාධිපතිවරනය තුල මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම ජයග‍්‍රහනය වෙනුවෙන් යොදා ගැනුනි.එමෙන්ම සුදු වෑන්, මාධ්‍ය මර්දනය, අතුරුදහන් කිරීම්, දේශපාලනය සිරකරුවන්, ඉඩම් කොල්ල කෑම් වැනි බොහෝ කාරනා ගැන නන් දොඩවමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බලාපොරොත්තුවක් සමාජයට දෙමින් බලයට පැමිනි යහපාලන ආණ්ඩුව ලබා දුන් සියළු පොරොන්දු පුස්සක් බවට පත් වී තිබේ.
ඒ බව පැල් වෙහෙර බීජ ගොවිපොල පෞද්ගලීකරණයට එරෙහිව සටන් කල පැල් වෙහෙර ගොවීන්ට, පිරිසිදු ජලය කිරීමට එරෙහි වූ බඳ ගිරිය ජනතාවට, ලිංගික හිංසන වල වග උත්තර කරුවන් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සටන් කල යාපනය සහා කොටකෙතන ජනතාවට, බීජ සහනාධාරය කප්පාදුවට් එරෙහිව සට්න් කල දෙහිඅත්තකන්ඩිය ගොවීන්ට, කුණු කන්ද ඉවත් කරන ලෙස ඉල්ලූ මීතොටමුල්ල ජනතාවට ඇතුළු අවස්ථා ගනනාවකදී අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කල ශිෂ්‍ය ව්‍යාපාරයට ම්ලේච්ච ලෙස පහර දීම් තුළින් පැහැදිලිවන්නේ මෙම ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ක‍්‍රියාමාර්ගයි. 
ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමට සිදු වීම සහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දීම යන කාරනය ගැන පුළුල් ලෙස අවධානය යොමු කල යුතුය. එයට හේතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වීම යනු පාලකයින්ගේ නව ලිබරල් ප‍්‍රතිපත්තිය කියාත්මක වීම සමඟ සෘජු සම්බන්දයක් පවතින බැවිනි. එනම්  නව ලිබරල් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේදී අධ්‍යාපනය සෞඛ්‍ය විකිනීම, කම්කරු නීති කප්පාදු කිරීම, සහනාධාර කප්පාදු කිරීම, රජය මැදිහත් වී සිදු කරන සුභ සාධන සේවාවන් කප්පාදු කිරීම වැනි දේවල් සිදු කිරීමට සිදු වන අතර එසේ කිරීමේදී මර්ධනය ගෙන ඒම අනිවර්‍ය වේ. එබැවින් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සටන් කරන බලවේග සඳහා මර්ධනයට මුහුණ දීමට සිදු වීම අනිවාර්‍ය වේ. 
මේ වන විටත් මෛත‍්‍රී- රනිල් හවුල් ආණ්ඩුව නව බදු ප‍්‍රතිපත්ති හදුන්වාදෙමින්, කම්කරු නීති සංශෝදනය කරන්නට සෙරසෙමින් සිටී. ඒ වගේම සහනදාර කප්පාදු කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය කොන්දේසි මත ණය ගනිමින් සිටී. ණය කොන්දේසි වලට අනුව අධ්‍යාපනය සෞඛ්‍ය විකිනීමට සිදු වීම බදු වැඩි කිරීම සඳහා ආන්ඩුව එකග වී ඇත. එබැවින් ඉදිරියේදී සටන් කරන බලවේග මත දැවැන්ත මර්දනයක් පැමිනීම අනිවාර්‍යයකි. 
දැනටමත් යහපාලන ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙමින් සිටින ශිෂ්‍ය ව්‍යාපාරයට ඉදිරියේදී තීව‍්‍ර වෙමින් එන මර්දනයට තනිව මුහුණ දීමට නොහැකි වනු ඇත. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම සඳහා කරන අරගලයට ශිෂ්‍ය ව්‍යාපාරයට තනිව සිදු කල නොහැක. එබැවින් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව, නව ලිබරල් ප‍්‍රතිපත්ති වලට එරෙහිව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම සඳහා සියළු සටන් කරන බලවේග සමඟ ඒකාබද්ධ විය යුතුය. ඒ සඳහා නිවැරදි දේශපාලන දෘස්ඨියක සිට සංවිධානය  වී සටන් කල යුතුය. ඒ සඳහා එකාබද්ද පෙරමුනක් ගොඩ නැගීම අනිවාර්‍ය වේ. එය සිදු කිරීම අද දවසේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය නිවැරදිව කිරා බැලීමකි.

0 comments:

Post a Comment