Tuesday, July 26, 2016

අන්ධකාරය පලවා හැරිය යුතුව ඇත

මහා අන්දකාරය පලවා හැරිය යුතුව ඇත. මධ්‍යම රාත‍්‍රිය ගෙවිගොස් ඇත. නමුත් අන්ධකාරය එකසේම රජයමින් තිබේ. පාලකයන්ට හිරු උදාවිම තරම් ශොචනීය පුවතක් තවත් නැත. ඔවුන් සමාජය තවම අන්ධකාරයෙහි ගිලි තබෙන නිසා නිර්ධන පාන්තිකයන්ට කිසිදිනෙක අලොකය දකින්න නොලැබෙන බව පුන පුනා කියමින් සිටියි. නමුත් අපට වඩා හොදට හිරු උදාවිමට තිබෙන්නේ තව හොරා කිහිපයක් බව ඔවුන් දැන සිටියි. එම නිසාම හිරු උදාවිට ප‍්‍රථම වවුලන් මෙන් ලැග සිටිමට තැනි සොයමින් සිටියි. ශිෂ්‍යයන් මාළඹේ සයිටම් අහෝසි කිරීමේ සටන ඉදිරියට පැමිණෙන විට රාජිත සේනාරත්න අමතිවරයා තමන්ටම නඩු පවරා ගන්නේ නිකන්ම නොවේ. ඔහුට අනුව ඇත්තේ තව හොරා කිහිපයකි. සමාජය බලමු`ඵ ගන්වමින් සටියි. ජනවාරි අට ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙප්පයක් බව හෙළිවි තිබේ. ආණ්ඩුවට ඉදිරියට ගෙනයාමට සටන් පාඨ සොයමින් හතර අතේ ගාටමින් සිටියි. මෛති‍්‍ර රනිල් තමන්ට හම්බවෙන කුණුවි පරණ වු  ඕනෑම මස්කට්ටක් සුප්පු කිරීමට සැරසෙන්නේ මේ නිසාය. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන විට කොක්කේන් බැරිනම් කෙක්කෙන් වැඬේ බෙරන්න සුදානමින් සිටියි. දැන් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන බව පෙන්විමටත් සටනක් කරන බලවේග මර්දනය කිරීමටත් වඩා සුදුසු ක‍්‍රමවේද සොයමින් සිටියි. මෙහිදි ආණ්ඩුව නීති ප‍්‍රතිසංස්කරණය හරහා ජනතාව මර්දනය කිරීමට සැරසෙයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදි බව කියන විට අනෙක් පැත්තේන් කටුනායක වේළදකලාපයේ කම්කරු නායකයන්ට මැරයන් ලවා පහර දිමට කටයුතු කරයි. මෙවැනි රංගනයක ඉදිරියේ සටන් කරන බලාවේගවල කාර්ය භාරය සු`ඵපටු නොවනක බවත් අප අවධාරණය කළ යුතුය.

ආණ්ඩුවට එට්කා ගිවිසුම අත්සන් කළ යුතුය. පොට් සිටි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයා යුතුය. එසේම මේ හා සමගාමිව කම්කරු නීති සංශෝදනය කළ යුතුුය. මේ සදහා චිනය ඉනිදියාව පමණක් නොව ඇමරිකාවේද සහය ලබා ගැනිම අනිවාර්ය වි තිබේ. ඔවුන් තමන්ට රටේ ආර්ථිකයෙන් තමන්ට ගබා ගත හැකි කොටස පිළිබදව වඩා අවධාරණයෙන් කටයුතු කරනු ඇත. මොකද ලංකාව වැනි රටකින් අධිරාජ්‍යවාදින්ට ලබාගත හැකි දේවල් ඉතා සීමිත වුවත් ඒයද අතහැරීමට ඔවුන් සුදානම් නැත. මොකද ඇමරීකාව වේවා චීනය හෝ වේවා නැත්නම් වෙනත්  ඕනෑම රටක් වේවා තම ආර්ථිකය හසුරුවා ගත නොහැකිව ඉතා අසණව සිටියි. මොවුන් තම බලය රදාවා ගැනිමට අසාර්ථාක උ\ත්සහයක නිරතවා සටියි. කොමෙන් කෙමෙන් වැඩෙන ආර්ථික අර්බුදය ලොව පුරා දිවෙමින් තිබෙයි. බ්‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විමට ජනතා තීන්දුවක් ලබා දී තිබේ. දැන් ඬේවිඞ් කැමරන්ට බ්‍්‍රතාන්‍ය තුල කළ හැක්කක් නොමැත. ඔහු අගමැති ධුරයෙනක් ඉල්ලා අස්විමට නියමිතය. මේ අතර ප‍්‍රංශ කම්කරුවන්ගේ අරගලය ක‍්‍රමයෙන් ඉදිරියට ඇදෙමින් පවති. කිසිදු රටකි කිසිදු ධනපති පාලකයෙකුට මිට උත්තරයක් නොමැත. ලංකාව මෙන්ම ඔවුන්ද කටයුතු කරන්නේ නිර්ධන පාන්තිගේ අයිතින් කප්පාදු කිරීම පමණි. දැන් ධනවාදයට ඉදිරියට යාමකත් නැත. නමුත් මේ රංගන සියල්ල සිදුවන්නේ නිර්ධන පාන්තිකයන්ට දියුණු දේශපාලන පක්ෂයක් නොමැකති විම මතය. ලොකයේ බොහෝ එරවට ජනතාව වාමංශය වෙතට නැඹුරු වුවත් තවම නිවැරදි මාක්ස් ලෙනින් වාදි ස්ථාවරයක සිට ක‍්‍රියාත්මක නෙවිම ගැට`ඵවක්ව තිබේ. නමුත් සියලූ චලිතයන්ගේ අවසාන ඵලය බවට සමාජ පරිවර්ථනයකට අදාළ ද්‍රව්‍ය හා මනෝමුලික කොන්දේසි සම්පුර්ණවෙමින් පවති.
ලංකාව තුලද ඊට අදාළ වටපිටාව සැකසීමට කටයුතු කරන්නේ පාලකයන්ය. ආණ්ඩුවට තම ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට වැට් බද්ධ වැඩි කිරීම අනිවාර්ය වි තිබේ. නමුත් එඊට ප‍්‍රති උත්තර බදින ජනතාව මාතර, වැලිගම වැනි ප‍්‍රදේශවල හාර්තාල පැවැත්විය. මෙහි දේශපාලන අවශ්‍යතාව කගේ උවත් එවැනි ක‍්‍රියාවකට ජනතාව කැදවිමට තරම් අවශ්‍යවන්නා වු තත්ත්වයන් සම්පුර්ණව ඇත. දැන් විශ‍්‍රාම වැටුප් කප්පාදු කළ යුතුය. ඊට කම්කරු ව්‍යාපාර කෙසේ පිළිතුරු දුන්නද කම්කරුවන් තමන්ට අහිමි විමට තිබෙන අයිති රැුක ගැනිමට කටයුතු කරනු ඇත. 
කටුනායක වෙළද කලාපයේ කම්කරු නායකයන්ට මැර ප‍්‍රහාර එල්ළ වන්නේ නිකම්ම නොවේ. එයින් ආණ්ඩුව සාඥඥා්වක් ලබා දී තිබේ. ඊ.ටි.එෆ් අරමුදළ කොල්ල කැමට නියමිත වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව ආණ්ඩුවේ මෙම හැසිරීමෙන් හදුනා ගත හැකිය. දැන් භිය ගැන්විම අනිවාර්ය වේ. විශ්වවිද්‍යාල තුල මේ සදහා පෙලිසි, අධිකරණ, බන්ධනාගාර, මැර ප‍්‍රහාර ,කදුලූ ගැස් බටන් පොලූ යොදා ගිනිමින් තිබේ. සටන් කරන බලවේග දුර්වල කරීමට භාවිතා කළ හැකි  ඕනෑම ක‍්‍රියාවලියක් මේ සදහා ඔවුන් භවිතා කරනු ඇත. පසුගිය කාලයේ දී ජනමාධ්‍යයේ හැසිරීම නිරීක්ෂණය කළ විට මෙය හොදින් හදුනා ගත හැකිය. ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට අවශ්‍ය ජනමනස සැකසීමට ආණ්ඩුව මාධ්‍ය යොදා ගත්තේය. ශිෂ්‍යයින් පස්දෙනෙක් හා ශිෂ්‍යාවන් තිදෙනෙක් දින පනහකට අදික කාලයක් සිරගත කොට තැබීමට ජවමාධ්‍යයේ මෙම කුප්පක‍්‍රට හැසිරීම සමත් විය. මෙහි තිබෙන හොද ලක්ෂණය නම් එළි පිටම ඒකාපාර්ෂවිකව රගනය යෙදිම ජනතාව ඒ ආකාරයටම භාරගැනිමට සුදානම් නොවිමයි. කෙසේ වෙතත් මින් ඉදිරියට ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන් ගත්විට මර්දනයේ එක් කාල පරිච්ඡේදයක නිමාව දැක ගත හැකිය. ආචාර්ය මහාචාර්යවරු යොදා ගත් මෙම වැඩ පිළිවෙළ අසාර්ථක වනවිට ඔවුන් මින් ඉදිරයට පැමිනෙනවා ඇත. එය අමානුෂිකත්වය සමග එක්ව පෙළ ගැසෙනවා ඇත. මුද්ධ කම පිටු දකින බොහෝ පිරිස් මෙයින් ඈත් වුවත් තව දුරටත් මර්දනය පමණක් තම අවශ්‍යතාව බවට පත් කරගත් උදවිය මේ සදහා එකතුවනවා ඇත. ඊට ඉතා බොළද තර්ක යොදා ගනිමින් පැය ගණන් සාකච්ඡුා ද මතුවිය හැකිය. එසේම ඒයින්  ඕනෑම අමානුෂික ක‍්‍රියාවක් සාධාරණය කිරීමට ඔවුන් නොපැකිලිව ඉදිරිපත් වනු ඇත. 
පන්ති තහනම් හිරගෙවල් පමණක් නොව මැර ප‍්‍රහාර වලට ශිෂ්‍ය ව්‍යාපාරය සුදානම් විය යුතුය. මේ සදහා ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහි බලවේග ඉතා හිතෛෂින් ලෙස ලගින්ම සිට පාවදිම සිදුකරනාව ඇත. මෙවැනි වටපිටාවක ප‍්‍රාජාතන්ත‍්‍රවාදය උදේසා බලමුල ගැන්විම අනිවාර්ය දෙයකි. සියලූම සටන් කරන බලවේග හුදකලා කිර්මට ආණ්ඩුව ගන්නා මෙම උත්සහ ව්‍යාර්ථ කිරීමට වෙනත් කිසිවෙක් සමත් නොවනු ඇත. සටන් පිඩිතයන් හැරුණාම සටන් නොකරන කිසිවෙක් මේ සදහා ඉදිරියට නොපැමිණෙන බවද කිව යුතුය. සටන් හුදකළා කරන්නේ මේ සදහා කකුලෙන් අදිනවා නොවනු මානය නමුත් අයිතින් වෙනුවෙන් සටන් කරන බලවේග වලට එය අතථ්‍යවශ්‍ය වන තරමට ආණ්ඩුවට එය අකුණු පහරක් වනු ඇත. එම නිසා තව තවත් බෙදි වෙන්වනවාට වඩා අයිතීින් වෙනුවෙන් කේන්ද්‍රගත විම අනාවාරය වේ. මේ සදහා ගොකයේ බොහෝරටවල උදාහණ අවශ්‍ය පමණටත් වඩා සොයා ගත හැකිය. වෙඩි උන්ඩයට බියෙන් පලා වනවාට වඩා ආණ්ඩු සමග මිතුරු දම් බදිනවාට වඩා පිඩිතචයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ගොඩ නැගි තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදින් උදෙසා උද්ඝෙෂකයෝ නම් සංවිධානය ශක්තිමත් කිරීම අදට වඩා හෙට දවසේ අවශ්‍යතාවයක් වනු ඇත. 

0 comments:

Post a Comment