ඓතිහාසික වශයෙන් භික්‍ෂූන් වහන්සේලාගේ කාර්යභාරයට නිදහස් අධ්‍යාපනය පමණක් නොව, සමාජ කාර්යභාරයක් ද පැවරී තිබෙනවා එම කාර්යභාරයෙ ඓතිහාසික අත්දැකීම් මොන වගේ ද?
චරථ භික්‍ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය වශයෙන් බුදුන් වදාළ පරිද්දෙන් භික්‍ෂුවගේ කාර්යභාරය බොහෝ පොදු ජනතාවෙගේ හිතසුව පිණිස වන්නේ ය. මුල් බුදු සමයේ භික්‍ෂුවගේ අරමුණ සත්‍ය හා කුසලය සෙවූ මිනිසුන්ට ආධ්‍යාත්මික විමුක්තිය ළ`ගා කර දීමට මැදිහත් වීමයි. ක‍්‍රම ක‍්‍රමයෙන් සමාජය දේශපාලන ආර්ථික වශයෙන් වෙනස් වීමත් සමගම භික්‍ෂුවගේ මැදිහත් වීමත් ඊට අනුව සිදුවුනා. එ් එ් යුගවල භික්‍ෂුව සමාජයට මැදිහත් වූ විවිධ අවස්ථා දකින්න පුලූවන්. ලංකාවට අදාළව ගත්තත් රාජ්‍ය පාලනයේ සිට ගමෙහි සුබසාධන කටයුතු දක්වා භික්ෂුව මැදිහත් වුනා. භික්‍ෂුවගේ කාර්යභාරය වෙන්නේ එ් එ් කාලවලදී පොදු ජනයාට ඇතිවන ප‍්‍රශ්න ගැටළුවලට මැදිහත් වෙන එක.
මෑත කාලෙ ගත්තත් සමාජ ක‍්‍රමයේ අර්බුදය නිසා පැන නැගුණු ගැටළුවලට පිලියම් සොයන්න භික්‍ෂුව දායක වෙලා තියනවා. 1930 දශකෙ ඇති වූනු මැලේරියා රෝග වසංගතය අතුගා දැමීමට වගේම 1935 දී සමසමාජ පක්‍ෂය නිර්මාණය කරද්දිත් එයට මැදිහත් වුනා, විද්‍යාලංකාරය විසින් කාලය නම් පුවත්පත හරහා සමාජ ගැටළු කතා කලා, අධිරාජ්‍ය විරෝධී අරගලයට සම්බන්ධ වුනා, වැඩ වර්ජන සාර්ථක කිරීම ස`දහා මැදිහත් වුනා. ඒකෙන් පෙන්නේ ඓතිහාසිකව භික්‍ෂුව සමාජ කාර්යභාරයට මැදිහත් වූනු විදිහයි.
භික්‍ෂූන් වහන්සේලාට දේශපාලනය අකැප ද?
දේශපාලනය කියන්නේ පක්‍ෂ, පාට, පාර්ලිමේන්තුව, මැතිවරණ හා උද්ඝෝෂණ යන කරුණුවලට පටු කළ හැකි මාතෘකාවක් නෙවෙයි. දේශපාලය අපි කන බොන දේ ඉදල සියල්ල තීරණය කරනු ලබන ක‍්‍රියාවලියක්. එනිසා දේශපාලනයෙන් ගැලවෙන්න භික්‍ෂුවට විතරක් පුලූවන් වෙන්නේ නෑ. පොදු ජනයාට ඇතිවන ගැටළුවලට පිළියම් සෙවීමට මැදිහත් වීම දේශපාලනය නම් බුදුන්ගේ පටන් අද දක්වා ම භික්‍ෂු සංස්ථාව එ් ස`දහා මැදිහත් වූ ආකාරය සුලභයි. ජලය බෙදා ගැනීම සම්බන්ධව බුදුන් දවස ශාක්‍යයන් හා කෝලිය ජනයන් අතර ඇති වූ ගැටළුවට බුදුන් මැදිහත් වීම, සුනීත සෝපාක වැනි සමාජයේ පීඩාවට පත් වූවන්ට මැදිහත් වීම, විශේෂයි. එදා සමාජය උස්පහත් වශයෙන් බෙදා මිනිසුන්ගේ අයිතිවාසිකම් උදුරා ගනිද්දී බුදුන්, භික්‍ෂූන් වහන්සේ එයට මැදිහත් වූහ. අද ධනපති හා නිර්ධන වශයෙන් පන්ති දෙකක මිනිසුන් දකින්නට ලැබේ. එදා සුනීත සෝපාකලා මෙන් අද 18 ලක්‍ෂයක් කම්කරුවෝ විදේශයන්හී වහල්කම් කරනවා.
භික්‍ෂුව කුලයට, ගෝත‍්‍රයට, ජාතියට එරෙහිව අරගල කලා. (ජාතිත්‍ථද්ධෝ ධනත්‍ථද්ධො ගොත්‍ථත්ථද්ධෝච යෝ නරෝ...* බුදුන් වහන්සේ ජාතිය, ධනය, කුලය හා ගෝත‍්‍රය මුල් කරගෙන මිනිසුන් බෙදීම ප‍්‍රතික්‍ෂේප කළා. ඉතින් අපි ජාතිවාදයට, කුලවාදයට හා ආගම්වාදයට විරුද්ධව කටයුතු කරනව. බුදුන් දවස කාන්තාව සැලකුවෙ තිරිසන් සත්වයෙකු වශයෙන්. ඔවුන්ගේ අයිතිවාසිකම් සියල්ල ඔවුන්ට අහිමි වී තිබුනා. බුදුන් හා භික්‍ෂූන් වහන්සේලා කාන්තා නිදහස වෙනුවෙන් පෙනී සිටිය. අද බොහෝ කාන්තාවන්ට කුස්සිය හා ධනපතියන් අභිමුව හෝ විදේශයන්හී වහල් බව උරුම වෙලා තියෙනවා. ඒ පුරුෂාධිපත්තිය ඇතුලෙ පීඩාවට පත් වෙමින් ඉන්නවා. අපි එයට එරෙහිව අරගල කරනවා. සුළුතර ධනපතියන් කිහිප දෙනෙක්, බහුතරයක් වූ පොදු ජනතාවගේ ශ‍්‍රමය, මහන්සිය හොරකම් කරමින් ඉන්නවා. සූරාගෙන කනවා. අපි එ් හොරකමට, සූරාගෙන කෑමට විරුද්ධව වැඩ කරනවා.
සිව්පසයෙන් උපස්ථාන කරන පොදු ජනතාවට භික්‍ෂුවගේ මැදිහත්වීම පිලිබ`දව බුදුන් වදාරන්නේ ”ගිහීනමුපකරොන්තානං නිච්චමාමිස දානතෝ කරෝථ ධම්මදානේන තේසං පච්චූපකාරකං” කියලයි. එහෙනම් සත්‍යය හා කුසලය සෙවූ ජනතාවට දහම් දෙසීමෙන් ප‍්‍රත්‍යුපකාර කරන්න කියලයි. අද සමාජය ගත්තත් බහුතර ජනතාව එදා දවසේ බඩගින්න නිවා ගන්න, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න වගේ ම බෙහෙත් හේත් ටිකේ සිට ඉන්න ගෙයක් දොරක් දක්වා වෙනුවන් අරගල කරමින් ඉන්නවා. ඉතින් අපි හිතනව අද දවසේ අපේ කාර්යභාරය බහුතරයක් වූ පීඩාවට පත්ව සිටින පීඩිත පන්තියේ, දුක්වි`දින මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වීම කියල.
ඒ මැදිහත්වීම අර්ථ ගැන්වෙන්නේ දේශපාලනය යනුවෙන් නම් ඒක කැපද අකැප ද යන්න විවාදයක් නැහැ. එ්ක කැපයි. මේ විවාදය අද ඊයේ පැනනැගුනු සාකච්ඡුාවක් නෙමෙයි. 1940 දශකයේද මේ සාකච්ඡුාව මේ විදිහට ම ආව. යක්කඩුවේ ප‍්‍රඥාරාම හිමි, වල්පොල රාහුල හිමි, කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමි නාත්තන්ඩියේ ප‍්‍රඥාකර හිමි සහ බඹරැුන්දේ සීවලී හිමි ඇතුළු විද්‍යාලංකාරය මුල් කරගත් භික්‍ෂූන් පීඩිත පන්තියේ ජනතාවගේ පීඩනයට එරෙහිව අයිතිවාසිකම් දිනා ගැනීමට කොන්දේසි විරහිතව මැදිහත් වීමේදී එදා පැවති පාලක පන්තිය භික්‍ෂුවට දේශපානය අකැපය, එ් නිසා මිනිසුන්ගේ ප‍්‍රශ්නවලට මැදිහත් නොවන ලෙස බලපෑම් කළා පමනක් නෙවේ පහරදීම් පවා සිදු කළා. ඞී එස් සේනානායක 1946-03-23 රාත‍්‍රියේ විද්‍යාලංකාරයට පැමිණ භික්‍ෂූන්ට කළ මැදිහත්වීම ඉන් එකක්. එදා යක්කඩුවේ හිමියන්ගේ නායකත්වයෙන් දේශපානය කිරීම සම්බන්ධව පුළුල් සාකච්ඡුාවක් සිදු වුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස විද්‍යාලංකාර ප‍්‍රකාශය නිකුත් කළා. එදා එ් මහ යතිවරුන් ඉදිරිපත් කළ අදහස අපගේ ද අදහසයි. (”රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩ පිළිවලක් වේ නම් එහි නම දේ්්්්හපාලය හෝ වේවා කුමක් හෝ වේවා එහි යෙදීම භික්‍ෂූන්ට සුදුසුම ය.”*-විද්‍යාලංකාර ප‍්‍රකාශය - 1949.02.13
එ් විතරක් නෙමෙයි මේ පාලකයො අධ්‍යාපනය විකුණමින් ඉන්නවා. එ් වගේ ම පොදු මිනිසුනගේ අයිතිවාසිකම් උදුරාගනිමින් ඉන්නවා. එහි දී භික්‍ෂූන් වහන්සේ ද විවිධ පැතිකඩ වලින් එ් ස`දහා සම්බන්ධ වී ඉන්නව. අධ්‍යාපන කටයුතු, ග‍්‍රාම ප‍්‍රතිසංස්කරණ කටයුතු, අපරාධ මර්ධන කටයුතු, සහනදායක කටයුතු, අමධ්‍යප කටයුතු, සාමාජයික කටයුතු ආදියට මූලිකව සම්බන්ධව ක‍්‍රියා කරමින් අදත් භික්‍ෂූන් වහන්සේ දැන හෝ නෙදැන දේශපාලන කටයුතුවල යෙදී ඉන්නවා. මේ කටයුතුවල යෙදීම වරදකැයි අප නොපිළිගන්නේ නෑ. මොකද, භික්‍ෂූන් වහන්සේ ද මේ සමාජයෙන් වියුක්ත කෙනෙක් නොවන නිසා. ඒ වගේම, මේ මාතෘකාව සම්බන්ධයෙන් යක්කඩුවේ හිමියන්ගේ අපේ ගමන් මග හා වල්පොල රාහුල හිමියන්ගේ භික්‍ෂුවගේ උරුමය තුළින් හොදින් අවබෝධ කරගන්න පුලූවන්. ඒ නිසා දේශපාලනය අකැපයි කියන්නේ පාලකයෝ. අපි ඒක තේරුම් අරගෙන වැඩකරන්නේ.
භික්‍ෂු පනතට විරුද්ධ වන්නේ ඇයි.
ලංකා ඉතිහාසයේ එක මොහොතක භික්‍ෂූන් හි`ග වී ගණින්නාන්සේලා විසින් ශාසනය ආරක්‍ෂා කළා. වැලිවිට සංඝරාජ හිමියන්ගෙන් පස්සේ ආයිම වතාවක් භික්‍ෂූන් වහන්සේලා විසින් ශාසනය යාවත්කාලීන කළා. මේ වෙනකොට ධනවාදය ගෝලීය වශයෙන් ලංකාවත් ආක‍්‍රමණය කරමින් සිටියේ. ලංකාවට ධනවාදය පැමිණෙන්නේ අධිරාජ්‍ය ස්වරූපයෙන් අධිරාජ්‍ය විරෝධී සංකල්පයක සිට පොදු ජනතාව හා භික්‍ෂූන් වහන්සේ එයට එරෙහිව කටයුතු කළා. එහි දී භික්‍ෂුව පාලනය කිරීම ස`දහා මහනායකවරුන් පත් කිරීම අධිරාජ්‍යවරුන්ගේ එක කුමන්ත‍්‍රණයක්. නායකකම්, වරප‍්‍රසාද පිරිසකට ලබා දී සංඝ සංස්ථාව පාලනය කිරීම, පාලකයන්ට අවනතව තබා ගැනීමට එම තනතුරු නම්බු නාම ලබා දුන්නා. මහානායක තෙරුන් පත් කරන මෙහොතේ අදටත් ලබාදෙන සංනස් පත‍්‍රය එ් බව මනාව පැහැදිළි කරනවා. එනම් එහි දැක්වෙන ආකාරයට මහානායක හිමිවරුන්ගේ කාර්යභාරය වන්නේ පවතින පාලනයට සුවච ව කීකරුව සුපක්‍ෂව කටයුතු කිරීම.
මේ වන විට ඔවුන්ට එය එ් හරහා සිදුකර ගැනීමට නොහැකි තැන අධිකරණය, නීතිය හරහා පොදු ජනතාවට වැඩ කරන, මිනිසුනගේ අයිතිවාසිකම් ඉල්ලන භික්‍ෂූන්ට මර්දනය ගේන්න මේ භික්‍ෂු පණත ගෙනත් තියෙන්නේ. ආගම කියන්නේ මිනිහෙක්ගේ පුද්ගලික කටයුත්තක්. එය නීති මගින් කරන්න පුලූවන් දෙයක් නෙවේ. ඇතැම් අය භික්‍ෂු පණතට විරුද්ධව යම් යම් ප‍්‍රකාශ කරනවා දකින්ට ලැබුණා. එකී බලවේග ආගම රාජ්‍ය ආගම විය යුතු බවත්, රාජ්‍ය විසින් ආගමට නීති ගෙනෙන විට එයට මැදිහත්වීම විහිළුවක්. එනිසා අපි මේ පනතට විරුද්ධයි. ඒ් මිනිසුන්ගේ නිදහස සීමා කරන්නත්, සටන් කරන භික්‍ෂූන් මර්දනය කරන්නත් මේක පාවිච්චි කරන නිසා.
ශිෂ්‍ය ව්‍යාපාරය බෙදීමට, දුර්වල කිරීමට, විනාශ කිරීමට යම් ක‍්‍රියාවලියක් දියත් වන බව පැහැදිළි යි. ඔබ වහන්සේ අ`දුනාගෙන තියෙනව ද?
සටන් කරන බලවේගවලට මර්දනය ගෙන එ්ම හැම ආණ්ඩුවක් ම කළා. ඒක ඔවුන් කලේ බෙදීම් ඇති කරල විවිධ මතවාද හරහා. එදත් ශිෂ්‍ය ව්‍යාපාරය දෙකඩ කරන්න පාලකයො මැදිහත් වුණා. අදත් ශිෂ්‍ය ව්‍යාපාරය අධ්‍යාපනය විකිණීමට එරෙහිව සහ සමාජයේ දැවෙන ප‍්‍රශ්න විශේෂයෙන් ම පරිසරය විනාශ කරන වරාය නගර ව්‍යාපෘතිය, මීතොටමුල්ල බ`දගිරිය තොටල`ග, පානම මිනිසුගේ ඉඩම් අයිතිය වගේම දරාගන්න බැරි ජඩ බදු ප‍්‍රතිපත්තිවලට එරෙහිව සටන් කරමින් ඉන්නවා. ඉතින් පාලකයො ශිෂ්‍යයො බේද කරල දුර්වල කරන උත්සාහයක ඉන්නවා. මෙවර විශේෂත්වය වන්නේ විවධ කණුඩායම් යොදාගෙන ඒ මර්දනය, බෙදීම කරමින් ඉන්නවා. කැලණියෙ සිසුන්ව භේදභින්න කිරීමේ දී ඇතැම් ආචාර්යවරුන් පවා යොදා ගැනීම ඒකට හො`දම උදාහරණයක්.
වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයට භික්‍ෂුු අන්තරේ මැදිහත්වීම මොන වගේ ද?
වකුගඩු රෝගය මිනිසුන්ගේ ජීවිත හතළිස්දාහකට වැඩි ප‍්‍රමාණයක් දැනටමත් බිලි අරන් ඉවරයි. මෙම ප‍්‍රශ්නය නිරාකරණය කරන්න වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයේ මැදිහත්වීම, ඔවුන්ගේ සටන්පාඨ තුළින් පේනවා. එ් මැදිහත්වීම මේ ප‍්‍රශ්නය නිරාකරණය කිරීමේ දිසාවට බව ඉතින් එ් නිසා අපි අපේ පූර්ණ ශ‍්‍රම දායකත්වය සහ මතවාදී දායකත්වය ඒ වෙනුවෙන් සපයනව. සරලව ම කියනවනම් ගෙයින් ගෙට ගිහිල්ල කරන මැදිහත්වීමකට, දැනුවත් කිරීමකට දැනටත් අපි සම්බන්ධ වෙලා ඉන්නේ.
නිදහස් අධ්‍යාපනයත් අද්‍යාපනයේ නිදහසත් දිනාගන්න මේ මෙහොතේ භික්‍ෂු අන්තරය ගන්න ක‍්‍රියාමාර්ග මොනවද?
විද්‍යාලංකාර ප‍්‍රකාශයේ ස`දහන් වෙන්නේ මෙහෙමයි.
”රට වැසියාගේ දියුණුව ස`දහා ක‍්‍රියා කිරීම මෙන් ම ඔවුන්ගේ දියුනුවට බාධක වන කරුණුවලට විරුද්ධව ක‍්‍රියා කිරීමත් භික්‍ෂූන්ට අයත් බව අප පිළිගනිමු. උදාහරණයක් වශයෙන් කියතොත් අප රටවැසියාගේ පොදු දියුණුව ස`දහා මේ ළ`ගදි ලැබුන නිදහස් අධ්‍යාපනය විනාශ කරලීමට කරන හැම උත්සාහයකට ම විරුද්ධව ක‍්‍රියා කොට එය චිරස්ථායී කර ගැනීම භික්‍ෂූන්ට අයත් පරම යුතුකමකි.’’
ඉතින් අද දවසේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සමගින් කොන්දේසි විරහිතව සටන් පෙරමුණේ අපි ඉන්නව. ආණ්ඩුව මේ මොහොතේ අද්‍යාපනය විකිණීමට, පෞද්ගලීකරණ කිරීමට මාළඹේ හොර උපාධි කඩය නීතිගත කිරීමට ලොකු උත්සාහයක ඉන්නවා. ඒකට එරෙහි සටන් ක‍්‍රියාමාර්ගවල අපි ඉන්නවා වගේ ම අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය ඇතුලෙ භික්‍ෂුවට බලපාන ගැටළුවලට එරෙහිව අපි කටයුතු කරමින් ඉන්නවා. ශාස්ත‍්‍රීය විෂයන් කප්පාදුවට මෙන් ම බොදු පාලි විශ්වවිද්‍යාලයේ ඉල්ලීම් අටේ අරගලය කරමින් ඉන්නවා. ඒ වගේම හෙට දවසේ අරගල බිමේ අපේ කි‍්‍රයාමාර්ග බොහොම ශක්තිමත්ව ගන්නව කියලත් කියන්න ඕන
0 comments:
Post a Comment