”අහසෙ දෙයියො නෑ” මේ පහුගිය දවස් වල ෆේස් බුක් වැනි සමාජජාල මාධ්‍ය ඇතුළෙ ජනපි‍්‍රය වූ පාඨයක්. මේ වගේ අළුත් වචන, පාඨයන් රාශියක් පහුගිය කාලයේ නව යොවුන් පරම්පරාවේ ශබ්දකෝෂයට එකතුවුණා. ඒ වචන එක්කම මතුවුණු රැුල්ලක් තමයි රැුප් සංගීතය. විශේෂයෙන්ම පාසල් යන වයස යොවුන් කණ්ඩායම් අතර එය වේගයෙන් පැතිරෙන්න ගත්ත. රැුප් සංගීත ශෛ්‍යලියටම ආවේණික හිස් වැසුම්, ඇදුම් විලාසිතාවන් ආදියට හොද වෙළදපලකුත් ගොඩනැගුන. හැමෝම කොහොම හරි පොඩියට සිංදුවක් ෆොන් එකෙන්ම වීඩියෝ කරල යූ ටියුබ් දාන්න උත්සහ ගන්නව දකින්න පුළුවන්. එකම වචන ටික උඩ යට දදා හැමෝම රැුප් කරන්න උත්සහ කරණ අතර ඒව අතරට අසභ්‍යයැයි සම්මත වචන එකතු කිරීම දකින්න ලැබුණ. මේ විදිහට රැුප් සංගීතය ජනපි‍්‍රය වෙද්දි රැුප් සංගීත කණ්ඩායම් පවා බිහිවෙන්න ගන්නව. ඇත්තටම රැුප් සංගීතය කියන්නෙ මොකක්ද?
හිප් පොප් සංස්කෘතිය ආශිතව රැුප් මුළින්ම හැදෙන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ අපි‍්‍රකාවෙන් සංක‍්‍රමණික ඇමෙරිකානු ජනතාව අතරිනුයි. මේ හිප් පොප් උපසංස්කෘතිය ඇතුළත බ්‍රේක් ඩාන්ස්, කුරුටු ගී කවි වැනි විවිධ කලා සම්ප‍්‍රදායන් දකින්නට ලැබුණ. මේ කලා සම්ප‍්‍රදායන් තුළ දකින්න ලැබුණෙ අපිට පුරුදු ජන ගී සම්ප‍්‍රදායන් ආදියෙ තියෙන ලාලිත්‍යය වෙනුවට කටුක බවක්, රළු බවක්. ඒකට හේතුවෙන්නෙම මේ කලා සම්ප‍්‍රදායන් පැන නගින සමාජ පසුබිමයි. අපි‍්‍රකානු ඇමෙරිකානුවන් යනු ඒ යුගය වන විටත් සමාජය තුළ දැඩි කොන් කිරීමකට අසාධාරණයට ලක්වෙච්ච ජනවර්ගයක්. රැුප් සංගීත ශෛලියට බලපාන ඒ වෙද්දි කැරිබියානු කලාපය පුරා පැතිර තිබූ අපි‍්‍රකානු සම්භවයක් සහිත විවිධ සංගීත ශෛ්‍යලීන් තුලත් මේ ලක්ෂණය අපිට දකින්න ලැබෙනව. විශේෂයෙන් වහලූන් ලෙස මෙම කලාපයට අපි‍්‍රකාවේ සිට රැුගෙන එන මෙම ජනයාගේ ජීවිත වල ආස්වාදයෙන් සැමරීමට කිසිවක් හමුවන්නේ නැහැ. ඒ අයගෙ විවේක වෙලාවකදි වෙහෙස නිවෙන්න, දුක නිවෙන්න කියපු කවි ගී වලින් තමයි මේ සංගීත ශෛ්‍යලියෙ මූල බීජ හමුවන්නෙ. ඒ ඇතුළෙ ඒ කැරිබියානු කළු ජාතිකයින්ගෙ දුක වේදනාව වගේම වෛරය වගේ දේවලූත් මුසු වෙලා තිබුණ. ඔවුන්ගේ සිත් තුළ තිබුණු පීඩනයයි මේ කලා මාධ්‍යන් තුළින් ඔවුන් පිටකර හැරියෙ. පැහැදිලිවම ඒ කලාව තුළ සම්මත හරයන් අභියෝගයට ලක් කරණ විරෝධාකල්පයන් මුසුවෙලා තිබුණ.
Kool Herc රැප් සංගීතයේ පියා ලෙසින් හදුන්වනු ලබයි. මේ මොහොතේ පවතින රැුප් සංගීත සම්ප‍්‍රදායේ ආරම්භකයා ලෙසින් හැදින්වෙන්නේ ඔහුයි. ඡුන්ද බලය අහිමි නිව් යෝර්ක් නුවර කළු ජනතාවගේ හඩ ලෙසින් මතුවන්නේ මෙයයි. 70 දශකය අගභාගය වන විට මෙම රැුප් සංගීතය ඇමරිකවේ ජනපි‍්‍රය සංගීත සම්ප‍්‍රදායන් තුළටද ඇතුළත් වෙනව. ඒත් සමගම ජනපි‍්‍රය රැප් ගායකයින්, සංගීත කණ්ඩායම් බිහිවෙන්න ගන්න අතර ආර්ථිකමය වශයෙන් වටිනාකමක් සහිත වෙළදපලක්ද රැුප් සංගීතය සදහා ගොඩනැගෙනව. “ The sigarhill gang’’ සංගීත කණ්ඩායමේ “Rapper’s delights” ගීතය ප‍්‍රධාන ධාරාවේ ජනපි‍්‍රයවූ මුල්ම ගීතය ලෙසින් හැදින්වේ. 70 දශකය අගභාගය වන විට කාන්තා රැුප් සංගීත කණ්ඩායම් පවා බිහිවෙන්න ගන්නව. 80 දශකය තුළ විකාශනය වන රැුප් සංගීතය විවිධාංගකරණීය වෙමින් එහි උප ප‍්‍රභේදයන් රාශියක් ඇතිවෙනව. මෙහිදී 80 දශකය මැද භාගයේ සිට 90 දශකය මුල් යුගය දක්වා කාලය රැුප් සංගීතයේ ස්වර්ණමය යුගය ලෙසින් හදුන්වනු ලබනවා. 90 දශකය වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන රැුප් සංගීතයේ විවිධ කලාපීය වශයෙන් එම කලාපයන්ට ආවේණික විවිධ සංගීත ශෛ්‍යලීන් සමගින් මුසුවෙමින් කලාපීය ප‍්‍රභේදයන් ගොඩනැගෙනව. අද වන විට එමිනම් වැනි ධනකුවේරයන් බිහිකරණ වෙළද ව්‍යාපාරයක් බවට එක්තරා විදිහකට රැුප් සංගීතය පත්වී ඇති ආකාරයක් අපට දැකගත හැකියි. ඒ තුළ විරෝධාකල්පයක් දකින්නට දැන් ලැබෙන්නේද යන්න ප‍්‍රශ්නයකි. රැුඩිකල් ස්වරූපයක් තුළින් ගොඩනැගෙන ආකර්ෂණයක් හැරෙන්නට ඒ තුළ ජනතාවගේ දුක කදුළු ආවේගයන් ගැබ්වී ඇත්දැයි සිතා බැලිය යුතුය. රැුප් සංගීතය පිළිබදව විශ්ව විද්‍යාල පාඨමාලාවන් පවා අදවන විට අපට ලෝකයේ දකින්නට ලැබෙනවා. මෙහිදී අපි මතක් කළ යුතු රැුප් ප‍්‍රබේදයක් තමයි 80 දශකයේදී ඇතිවෙන ගැන්ස්ටර් රැුප්. අපේ රටේ ගොඩක් දෙනෙක් අවබෝධයකින් තොරව හරි රැුප් විදිහට මූලිකව අනුගමනය කරන්න හදන්නෙ මේ සම්ප‍්‍රදායට ආසන්න රැුප් කලාවක්. මෙහිදී සමාජයේ පහත් හා දරුණු යැයි නම් ගසමින් කොන් කරණ ලද විශේෂයෙන් ඇමෙරිකානු කලූ ජාතිකයින්ගේ ජීවිත ආශ‍්‍රයෙන් මෙම සංගීතය ගොඩනැගී ඇත. ආර්ථික දරිද්‍රතාවයත් සමග ඇතිවන සාමාජීය දරිද්‍රතාවයත් නිසා මෙම සමාජය අපරාධ දාමරික කි‍්‍රයා ආදියෙන් බහුලය. එක් අතකට ඒ ඔවුන්ගේ ජීවිතවල ඛේදවාචකයයි.Schoolly D, Ice cube, Geto boys ආදී සංගීත කණ්ඩායම්
මෙම සම්ප‍්‍රදායේ ප‍්‍රචලිතය. අපරාධ පිළිබදව විස්තර මෙම ගීත තුළ බොහෝ දුරට ඇතුළත්වෙයි. මෙම රැුප් ගීත තුළ ඇති තවත් විශේෂත්වයක්නම් දේශපාලනික හා සාමාජීය කාරණයන් පිළිබදව මෙම ගීත තුළින් නිරන්තරයෙන් සාකච්ඡුාවට බදුන් කිරීමයි.
අපේ රටේ යෞවනයන් අතර පැතිර යන රැුප් ප‍්‍රවණතාව තුළ දැක ගත හැක්කේ හුදු රැුල්ලක් ලෙසින් පමණකි. අහසෙ දෙවියො නෑ වැනි ක‍්‍රමවිරෝධී ප‍්‍රකාශ ඔවුන්ගේ භාෂාවට ඇතුල උනද ඔවුන් බොහෝ දෙනෙක් ආකර්ෂණයට රැුප් විලාසිතා අදිමින් එවැනි කතා කියුවද ඔවුන් සැබෑ ලෙසම විකල්ප දේශපාලන හා ජීවන භාවිතයකට සූදානම් වී සිටින්නේද? ළමා කාලය යෞවන කාලය අහිමිවුණු අසහනයෙන් පිරුණු වත්මන් තාරුණ්‍යය තුළ පවත්නා අධිපති සභ්‍යත්වයන් සමග නොගැළපෙන මෙවැනි කලා මාධ්‍යන් වෙත ආකර්ෂණය අහඹුවක් නොවෙයි. ඒ යෞනවයන් නිසි පරිදි සමාජ දේශපාලන ව්‍යාපාරයන් තුළ දියුණු නොවුනහොත් එම විරෝධය මත්ද්‍රව්‍ය වල වැනි දේ තුළ දියව යනු ඇත. එය එසේ නොවෙන්නට අප වගබලාගත යුතුය.
0 comments:
Post a Comment