ගංවතුර ගලා දහස් ගණනක් මිනිසුන් අවතැන් විය. ධනේෂ්වර නගර සැලසුම්වල සුරක්ෂිතභාවය එයින් කදිමට පැහැදිලි විය. නාය ගොස් සිය ගණන් ජීවිත පණ පිටින් වැලලිණි. සාලාව පුපුරා තවත් පිරිසකට උන්හිටි තැන් අහිමි විය. මීතොටමුල්ල ජනතාවට කුණු ගොඩක් නිසා ගම්බිම් අතැර දැමීමට සිදු වී ඇත. තොටළ`ග ජනතාව පන්නා දමන ලදී වරාය නගරය ඉදි කිරීම නොනැවතුණ නිසා ජනතාව තවමත් විරෝධතාවේය. උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගම්බිම් වියළී ගොස් ඇත. මෑත කාලීනව සිදු වූ මෙවන් සිදුවීම් තවත් ඕනෑ තරම් වාර්තා කළ හැක. නමුත් ෙමි සියල්ල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය නිසාවෙන් වරින් වර මතු වූ සංසිද්ධීන් පමණකි. මේ සියල්ලට යටින් ඇති දේශපාලනය පිළිබඳව කියවීමක් අපිට තිබිය යුතුය.
නව ලිබරල් ආර්ථික මොඩලය 77 දී ජේ. ආර් ආණ්ඩුව මගින් මෙරට ස්ථාපිත කරන ලද බව අපි දනිමු. නියතියක් ලෙස අර්බුදයට ලක්වන ධනේෂ්වර ආර්ථිකයට කලින් කලට මෙවන් නව ප්‍රතිපත්ති හඳුන්වාදී මුක්කු ගැසීමට සිදුවේ. නව ලිබරල් ප්‍රතිපත්තිය ම`ගින් කරන්නට උත්සාහ ගන්නේ මෙතෙක් වෙළෙඳපොළට විවෘත නොවූ ක්ෂේත්රවලට අත පෙවීමයි. ඒ අනුව කලාව, ක්‍රීඩාව, ආගම, සංස්කෘතිය, ජලය, පරිසරය ආදී ක්ෂේත්‍ර වෙළෙඳපොළට රැුගෙන ඒමට පිඹුරුපත් සකසන ලදී. අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී මූලික මිනිස් අවශ්‍යතා දැනටමත් වෙළෙඳ භාණ්ඩ බවට පරිවර්තනය කරමින් පවතී. මිනිස් අවයව පවා වෙළෙඳ භාණ්ඩ බවට පත්වීම ම`ගින් මෙම ආර්ථික මොඩලයේ මිලේච්ඡුත්වය වටහා ගත හැකිය. ලංකාව තුළ නව ලිබරල් ප්‍රතිපත්තියේ පළමු පියවර මෙලෙස දැනටමත් සම්පූර්ණ කර අවසන්ය.
දැන් පැමිණ තිබෙන්නේ නව ලිබරල් දෙවන පිම්ම පනින්නට ධනපති ආණ්ඩුව කැස කවන කාලයයි. මෙතෙක් වැඩ බිමේදි හා වෙළෙඳපොළේදී පමණක් සමාජය සූරාකෑමට ලක් කළ ධනවාදය දැන් අලූත් ආකාරයක සූරාකෑමක් සමාජගත කරමින් සිටියි. අලූත් යැයි පැවසූවද මෙය ප්රාග්ධනය ගොඩගැසීම නිසා මතු වන ආර්ථික අවපාතයන්ගේ තවත් එක් පිළිබිඹුවක් පමණි. මේ නව ලිබරල් දෙවන පිම්ම අපි අසන්තකකරණය නමින් හඳුන්වමු. අසන්තකකරණය යනු අහිමි කිරීමයි. වැඩ බිමේදී හා වෙළෙඳපොළේදී සූරා කන්නට නොහැකි වූ දැනට පීඩිත පංතිය සතුව යම් අයිතියක් ඇත්නම් අසන්තකකරණය හරහා ඒ සියල්ල උදුරාගනු ලබයි. අහිමි කරනු ලබයි. නව වෙළෙඳපොළවල් හඳුන්වා දීමෙන් තොරව ධනවාදයට පැවැත්මක් නොමැත. මිනිස් සබඳතාවන්ගේ සිට සියල්ල වෙළෙඳ භාණ්ඩබවට පත් කළ ධනේෂ්වරයට තවත් විකුණන්නට ඇත්තේ සමාජය සතුව තිබෙන පොදු අයිතීන් කිහිපය පමණි.
දැන් අපි මුලින් කතා කළ ඛේදවාචකයන් දෙස නැවත හැරී බැලිය හැකිය. නව ලිබරල් දෙවන පිම්මට කැස කැවීම ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදීය. අධිවේගී මාර්ග, උමා ඔය, වරාය නගරය ආදී ව්‍යාපෘති ආරම්භ කරන්නේ ආයෝජකයන්ට රිසි සේ කොල්ලකෑමට අවශ්‍ය පහසුකම් සැපයීමේ අටියෙනි. මේ සියලූ ව්‍යාපෘති දෙස බලන කල අපට යම් පොදු ලක්ෂණයක් හඳුනාගත හැකිය. පෝර්ට් සිටි ම`ගින්, උමා ඔය ම`ගින්, අධිවේගී මාර්ග පද්ධති ම`ගින් පරිසරය හා පැවති මිනිස් සම්බන්ධතා අහෝසි කර දැමීම ආරම්භ කෙරිණි. උමා ඔය වැනි ව්‍යාපෘති ම`ගින් ජලය වෙළෙඳ භාණ්ඩයක් කිරීමේදී අනෙක් පසින් සමාජයට ජල අයිතිය අහිමි විය. කෙදිනකවත් ජලය වෙනුවෙන් පාරට බැසීමට සිදුවෙතැයි සිහිනෙන්වත් නොසිතූ බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල ජනතාවට දැන් ජලය ඉල්ලා පාරට බැසීමට සිදු වී ඇත. ජලය මිල දී ගැනීමට සිදු වී ඇත. අසන්තකය හරහා සිදුවන්නේ මෙයයි. අපේ අයිතීන් අපෙන් උදුරාගෙන අපිටම විකුණා ලාභ ගනියි. තොටළ`ග හා මීතොටමුල්ල ජනතාවට උන් හිටි තැන් අතැර දැමීමට සිදු වූයේ ද මෙම අසන්තකකරණයේ ප්‍රතිඵලයක් ලෙසිනි. පසුගිය දා ඇති වූ ගංවතුර තත්ත්වය දඩමීමා කරගනිමින් ආණ්ඩුව දැන් එය වඩාත් හොඳට කරන්නට පටන්ගෙන ඇත. වටිනා ඉඩම් බහුජාතික සමාගම්වලට ලබා දීමටත්, සංචාරක ව්‍යාපාරය සඳහා දුප්පතුන් නොපෙනෙන සුරංගනා ලෝකයක් සැකසීමත් ආණ්ඩුවේ සැලසුමයි. මෙය කිරීමට නම් දුප්පතුන් නාගරික ප්‍රදේශවලින් පන්නා දැමිය යුතුය. සාලාව ආයුධ ගබඩාව පිපිරීමෙන් ද මිනිසුන්ට උන් හිටි තැන් නැති විය. රු. 150000ක සොච්චමක් ලබා දීමට පොරොන්දු වී ආණ්ඩුව ජනතාවගේ ඇස් පනාපිට අත පිසදා ගත්තේය. ජනාවාස වූ ප්‍රදේශයක භයානක ආයුධ ගබඩාවක් සැදීමට තරම් පාලකයෝ ජනතාවගේ ආරක්ෂාව ගැන සිතා ඇත.
අසන්තකය හරහා සමාජ අයිතීන් සියල්ල අහිමි කොට ප්රාග්ධනය සමුච්චගත කිරීම සිදු කරනු ලබයි. විශ්‍රාම වැටුප අහිමි කරන ලදී. අධ්‍යාපන අයිතිය අහිමි කොට උපාධි කඩ විවෘත කරන ලදී. පාසල් නිල ඇඳුම අහිමි කරන ලදී. මුදල් අය කිරීම නීතිගත කරන ලදී. නිදහස් සෞඛ්‍ය අහිමි කොට පෞද්ගලික වෛද්‍ය ආයතන ආරම්භ කරන ලදී. ඉඩම් කොල්ලකා ආයෝජකයන්ට ලබා දීම ආරම්භ කරන ලදී. ජල අයිතිය බෝතල් කර කඩයක් ගානේ සිල්ලරට විකිණීමට සලස්වන ලදී. සටන් කොට දිනාගත් කම්කරු නීති, පරිසර නීති, පැය අටේ වැඩ දිනය ආදිය අහිමි කරන්නට සැලසුම් සකසන ලදී. ETCA ගිවිසුම් හරහා ශ්රමයට තිබූ වටිනාකම තුට්ටු දෙකට වැට්ටීමට පිඹුරුපත් සකසන ලදී. දැන් ආණ්ඩුවට ඇත්තේ මෙම ප්‍රතිසංස්කරණ සමාජය තුළ තහවුරු කිරීමේ කාර්යයි. ඔවුන් එය සිය දෘෂ්ඨිවාදී උපකරණ ම`ගින් දැනටමත් ආරම්භ කර ඇත. කරන කරන තුප්පැහිකම් සියල්ල මාධ්‍ය ඉදිරියේ සාධාරණීකරණය කරනු ලබයි. අවසන් වශයෙන් ඔබෙන් පැනයක් විමසීමට තිබේ. ඉතිං, අපි තවත් ඉවසමු ද?
0 comments:
Post a Comment