පිරීමට ආසන්න ගිනිකදු දෙකක් මැද සිට ස්වයං-වින්දනය.
මේ මොහොත කියල කියන්නෙ අප්‍රේල් 21 එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සෙ මෙරට පක්ෂ විපක්ෂ සියලු දේශපාලන පක්ෂ වගේම අධිරාජ්‍යවාදී ලෝක බලවතුන්ද ගලා ගිය රුහිරු ගංගා මත දියබුම් ගසමින් තව තවත් ලේ පිපාසිතව තම තමුන්ගේ බල ව්‍යාපෘති නව ත්‍රීවතාවයකින් ක්‍රියාතමක කරමින් ඉන්න මොහොතක්.චීනයේ ඉදල ලන්ඩන් වෙනකන් ආර්ථික කොරිඩෝ 6කින් සමන්විත ගොඩම්බිම් වෙළද මාර්ගයක් සහ නාවුක වෙළද මාර්ගයක් නිර්මාණය කරමින් ක්‍රියාත්මක Belt and Road ව්‍යාපෘතිය හරහා චීනය ලොව සුපිරි බලවතා වීමට ගන්නා උත්සාහයත් ඊට ප්‍රතිපක්ෂව ඇමරිකාව චීනයේ මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න එම රටවල් සමග යුධ ගිවිසුම් ගසමින්,ආරක්ෂක කදවුරු ස්ථාපිත කරමින් ඒ රටවල් තමන්ගෙ ආධිපත්‍ය යටතේ තියාගන්න උත්සාහ කරනවා.දැන් මේ වෙනකොට මේ බලකදවුරු දෙක අතර වෙළද යුද්ධය ප්‍රසිද්ධියේ ආර්ථික සම්බාධක දාන මට්ටමටම උඩුදුවලා.හම්බන්තොට වරාය,කොළඹ වරාය නගරය,දුම්රිය සහ අධිවේගී මාර්ග පද්ධති ඉදිකරල,ණය දෙනගමන් චීනය ඔවුන්ගෙ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දි අනිත් පැත්තෙන් ACSA,SOFA,MCC යුධ ගිවිසුම් අත්සන් කර කර,ප්‍රථිථ්‍රස්ත පනත්,කම්කරු ධවල පත්‍රිකා ගෙනෙමින් ඇමරිකාව වැඩේට බැහැල තියෙනවා..ඒ වගේම තමන්ගෙ දේශපාලන බලය වෙනුවෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මාරුවෙන් මාරුවට මේ අධිරාජ්‍යවාදී කදවුරු දෙකේ අරමුණු සන්තර්පණය කරගන්න මෙරට භූමිය,සම්පත්,මිනිස් ජීවිත බිල්ලට දෙද්දි මේ හැම දේකින්ම පීඩාවට පත්වන සිංහල,තම්ල්,මුස්ලිම් සාමාන්‍ය ජනතාව වන අප ආගම්,ජාති වලට බෙදිල ඇණ කොටා ගනිමින් අනෙකා කෙරෙහි භීෂණය වපුරමින් හතර වටින්ම ගිණිගෙන දැවෙන බිමක ඉදගෙන ස්වයං වින්දනයක යෙදෙන මොහොතක මේ අධිරාජ්‍යාවාදී බල ගැටුමට අපි බිලිදෙන ACSA,SOFA,MCC යුධ ගිවිසුම් ගැන අධ්‍යනයක් කරමින් සමාජ කතිකාවක් ඇතිකරන්න උත්සාහයක්..
මොකද්ද මේ ACSA (Acquisition Cross-Servicing Agreement)අත්පත්කරගැනීම හා හුවමාරු සේවා සැපයීමේ ගිවිසුම් යන්නට මූලිකම අඩිතාලම වැටෙන්නෙ 1980 දී ඇමරිකා එක්සත් ජනපද කොංග‍්‍රසය හරහා සම්මත කරගනු ලබන පනතක් ඇසුරෙන්.ඇත්තටම මුලදී මෙම අත්පත්කරගැනීමේ හා හරස් සේවා සැපයුම් ගිවිසුම් පැවතියේ NATO Mutual Support Act යතතේ. ( නේටෝ අනොන්‍ය සහයෝගිතා පනත ) ඒ කියන්නෙ NATO මිත‍්‍ර පාක්ෂික රටවල් වලට යුධ මෙහෙයුම් සදහා අවශ්‍ය කරන සැපයුම්,සේවා හා ආධාර ලබාදීම වෙනුවෙන් ( logistic support, supplies and services ) ඇතිකරගත්තු පනතක්.මේ පනත මගින්, යුධ මෙහෙයුමකදී ඔය කියන logistic support හුවමාරු කරගන්න පුළුවන්වෙන්නෙ නේටෝ රටවල් අතර විතරයි.ඒ නිසා ඇමරිකාවට, තමන්ගේ බල කදවුර ව්‍යාප්ත කරගැනීමේ න්‍යාය පත‍්‍රය සාර්ථක කරගන්න ගෙන ගිය මෙහෙයුමට මේ පනතින් දක්වන ලද සීමාව බාධාවක් විදියට පෙනෙන්න ගන්නවා.ඒකට උත්තරයක් විදියට තමයි ACSA කියන ගිවිසුම හදුන්වා දෙන්නෙ.
මේක එක සැරේටම ඇතිවුනේ නැහැ.1986 දී වගේම 1992දිත් NATO Mutual Support Act එකට නොයෙක් ආකාරයේ සංශෝධන ගේනවා.1994 දී තමයි හරියටම වර්ථමාන ගිවිසුමේ ස්වරූපයට එන්නෙග ACSA හි , NATO මිත්‍ර පාක්ෂික රටවල් , යන්නට අමතරව , අනෙකුත් රටවල් , යන්නත් අදාල වන බවට සංශෝධනය කරනවා. (ACSA 138වන පරිච්ජේදය). ඒ අනූව NATOහි ඕනෑම රටක්ල NATO හා අනුබද්ධ ඕනෑම ආයතනයක්ල එක්සත් ජාතීන්ගේ රටවලට සම්බන්ධ,ඕනෑම කලාපීය රටක් වගේම යම් යම් සීමාවන් තුළදී ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් නම් කරනු ලබන වෙනත් ඕනෑම රටක් මේ ගිවිසුමට එළැඹීමට ඇමරිකාව හා සුදුසුකම් ලබන බව දන්වා තිබෙනවා.ඇමරිකාව විසින් මේ ගිවිසුම සදහා සුදුසුකම් ලබන අනුමත ලැයිස්තුව සමන්විත වන්නෙ ඒ විදියට.ලංකාව ඒ අනූව 2007 මාර්තු 05වෙනිදා මේ ගිවිසුමට එළඹෙනවා.ඒ එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඇමරිකානු තානාපති රොබටෝ බ්ලේක් අතරයි.මේ ගිවිසුම 2017 දක්වා බලපැවැත්වෙන පරිදි තිබුණ එකක් වුවත් අගමැති රනිල් වික්‍රමසිංහ මෙම ගිවිසුම කාලනිර්ණයක් නොමැතිව දීර්ඝ කිරීමකට ලක්කරනවා.
ඇමරිකාව මොකටද අපිත් එක්ක යුධ ගිවිසුම් ගහන්නෙ?
සුවිශාල පාග්ධනයන් සහිත විශාල රාජ්‍යන් කුඩා රාජ්යන් සදහා රාජ්‍යතාන්ත‍්‍රික උපායන් හරහා සබධතා පවත්වා ගනිමින් වේගයෙන් අධිරාජ්‍යවාදය ව්යාප්ත කරගෙන යනවා.අභ්‍යන්තර අභිලාශය තම ප‍්‍රාග්ධනය විශාල වශයෙන් වැඩිකරගැනීම.ඉතිං මේ සටනට අපි හැමෝම දන්නා පරිදි ප‍්‍රධාන වශයෙන්ම ඇමරිකාව කේන්ද්‍ර කරගත්ත කදවුරකුයි චීනය කේන්ද්‍ර කරගත්තු කදවුරකුයි නිර්මාණය වෙලා තිබෙනවා.ශ‍්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී හම්බන්තොට වරාය,මත්ත,ගුවන්තොටුපල සහ කොළඹ වරාය නගරය වැනි ව්යාපෘති හරහා කලාපය තුළ චීන දේශපාලන අභිලාශයන්ට පහසුකම් සැපයීම නිරන්තරයෙන් සිදුවුනා.දැන් මෙවැනි ගිවිසුම් හරහා වගේම නොයෙකුත් ආකාරයෙන් ඇමරිකානු න්‍යාය පත‍්‍රය නිවැරදිව ඉටුකරදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා.ඒ නිසා ලෝක බල දේශ්පාලනය තුළ ලංකාව කේන්ද්‍රස්ථානයක් වෙලා ඉවරයි.මෙවන් පසුබිමක තමයි මෙවැනි යුධ ගිවිසුමකට ලංකාව අත්සන් තබන්නෙ.ඇමරිකාව,ඉන්දියන් සාගර කලාපයේ සිදුකරන යුධ මෙහෙයුමකදී ලංකාවේ භූමිය,මානව සම්පත,කාර්මික සම්පත් භාවිත කිරීමේ අයිතිය මෙම ගිවිසුම් ප‍්‍රකාරව ලැබෙනවා.ලංකාවටත් මෙමෙ පහසුකම ඇමරිකාවෙන් ගත හැකියි.ලංකාව අත්ලාන්තික් සාගර කලාපය තුල සිදුකරන යුධ මෙහෙයුමකදී.මේක ද්වී පාර්ශිවික ගිවිසුමක් වුනත්, ලංකාවට කිසිසේත්ම ඔය කියන පහසුකම් වල අදාලත්වයක් නැති බව අමුතුවෙන් කිවයුතු නැහැ.
කොහොම වුණත් මෙහෙයුමකදී සේවා සැපයීම කියන එක තුල ACSA ගිවිසුම් ප‍්‍රකාරව අනුමත කරන සේවා හා බාණ්ඩ ලැයිස්තුව වගේම අනුමත නොකරන භාන්ඩ හා සේවා ලැයිස්තුවක් දක්වා තිබෙනවා.අනුමත ලැයිස්තුව තුළ පැහැදිළිවම ගුවන් මාර්ග ඇතුළු ගමනාගමනය හෙවත් භූමිය භාවිතා කිරීම,ඉදිකිරීම් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් භාවිතා කිරීම,යුධ අභ්‍යාස සදහා අවශ්‍ය කරන ජලමාර්ග ගොඩබිම භාවිතා කිරීම වරාය හා ගබඩා සේවාවන් භාවිතා කිරීම අදිය දක්වා තිබෙනවා.පතොරම්,උණ්ඩ ආදිය හා අනුමත ලැයිස්තුව තුල අන්තර්ගත කරල තිබෙනවා.
මේ අනූව පැහැදිලිවම ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර යුද්ධයක කොටස්කරුවන් කිරීමට නියමිතය.ඒ අනුව ප‍්‍රතිපාර්ශවය ලංකාවට මැදිහත්වීමටද නියමිතය.න්‍යෂ්ඨික අවි මෙම සේවා සැපයුමට අදාල නොවේය යන්න දක්වා තිබුනත් අපි මෙය අර්ථනිරූපනය කරගැනීමේදී හරි පරිස්සම් වියයුතුයි.මොකද ඇමරිකාව තුල න්‍යෂ්ඨික අවි යන්න පනත් හරහා අර්ථනිරූපනය කර තිබෙන අන්දම මෙයට මූලිකවම බලපානවා.ඒ කියන්නෙ ඇමරිකාවෙ න්‍යෂ්ඨික ආයුධ වලට අදාල නීති වෙනස් කරල,න්‍යෂ්ඨික ආයුධ වුනත් ලංකාවට ගේන්න ඉඩකඩ හදාගන්න ඔවුන්ට පුළුවන්.
2007 මෙය ගෙන එන විට ලංකාවත් යුධ අත්දැකීමකට මුහුනදෙමින් හිටියෙ.එතකොට ආණ්ඩුව දිගින් දිගටම කිවුවෙ මේක සහයෝගීතා ගිවිසුමක් බව.දැනට කියන්නෙත් ඒකගඉතිං 2017න් අනන්තය දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කරන ලද මෙම ගිවිසුම ප‍්‍රකාරව ඇමරිකාවට ලංකාවෙන් සැපයීම් කිහිපයක්ම සිදුකර තිබෙනවා.
මේ ගිවිසුම ප‍්‍රකාරව 2019 ජනවාරි 21 - 27 දක්වා කටුනායක ගුවන්තොටුපල සහ ත‍්‍රිකුණාමලය වරාය භාවිත කිරීමට ඉඩදෙමින් එක්සත් ජනපද යුධ නෞකාවකට ලංකාව සේවා සපයනවා.ඒවගේම 2018 අගෝස්තු මසයේ හා දෙසැම්බරයේදී එවැනිම සැපයුම් දෙකක් සිදුකල බවට හෙළිදරව් වෙනවා.
2019 මාර්තු 16 වැනිදා යුද නෞකා 04ක් සහ යුද ගුවන් යානා කිහිපයකට ඕස්ට්‍රේලියානු හමුදා භටයින් දහසක් ලංකාවට පැමිණියේත් ඉතිහාසයේ දෙරට අතර සිදුවූ විශාලතම නාවුක යුද අභ්‍යාසය සිදු කිරීමට.මේ අනුව ඉතාමත්ම පැහැදිලි වෙනවා චීනයට විරුද්ධව ක්‍රියාත්මක කරන එක්සත් ජනපද බල ව්‍යාප්තියට ලංකාව පැහැදිලිවම ගොදුරකරගෙන තිබෙන බව.ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති ජෝන් පිලිප් පවසා තිබුනේ චීනයට එරෙහි යුද්ධයකදී ලංකාව උපායමාර්ගිකව ඉතා වැදගත් තැනක් බවයි.2017.04.19 එක්සත් ජනපද හමුදා හම්බන්තොට වරායේ යුද අභ්‍යාසයක් Cooperation Afloat Residence and Tanning Exercise (CARAT) නම් මෙම යුධ වනුයේ චීනයට එරෙහි නාවුක බලයක් සඳහා ආසියා පැසිපික් කලාපයේ රටවල් අතර ජාලයක් නිර්මාණය කිරිමටයි. ACSA හි සැපයුම් ආදිය සිදුවන අන්දමේ ආකාර තුනක් දක්වා තිබෙනවා මේ ආකාර තුන 2007 දී අත්සන් කරන ගිවිසුම තුලත් ඉතා කෙටියෙන් දක්වනවා,
- ප්‍රතිපුර්ණ පදනම මත සැපයුම් සිදු කිරීම
- ආදේශනා :නිල ක්‍රමවේදය*මත සැපයුම් සිදු කිරීම
- සමාන වටිනාකමකින් යුත් සැපයුම් හෝ සේවාවන් හුවමාරු කිරීම
මේ පදනම සැකසෙන්නේ කොහොමද ඊට අදාළ ක්රියත්මකභාවය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ගිවිසුමේ දක්වන්නේ නැහැ.මෙය බරපතල තත්වයක් ලෙස සැලකිය යුතුයි.2017 සිට කාලනිර්ණයක් නොමැතිව දිර්ඝ කළා කියන ගිවිසුමේ කුමන දේවල් අන්තර්ගත වී ඇත්දැයි තවමත් දැනගැනීමට අවස්ථාවක් නැහැ.මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය මුලික අයිතියක් වන බවට දක්වමින් ප්‍රජාතන්ත්‍රීය මුහුණුවර තියුණු කිරීමට උදම් ඇනුවද එය හුදු සංකල්ප හුවා දැක්වීමක් බව හොදටම පැහැදිළියි.රටක පරමාධිපත්‍ය ජනතාව සතුය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඉදිරියෙන්ම දක්වල තියෙනවා.ඉතින් එක ක්‍රියාත්මක වන පාලකයන්ට තමන්ගෙ විනිවිදභාවය ජනතාවට පෙන්වන්න බැරි වීම සම්බන්ධයෙන් වෙනම කතිකාවතකුත් ඇතිකළ යුතුව තිබෙනවා.එමනිසා ගිවිසුම පිළිබඳව විනිවිදභාවයක් ජනතාවට ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව අමුතුවෙන් කිවයුතු නෑ.
ACSA ගිවිසුමට අත්සන් තැබූ රටවල්. |
එතකොට මොකක්ද මේ සොෆා? (SOFA) (STATUS OF FORCES AGREEMENT)
ඇමරිකා එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන් විදේශ රටක සිටියදී බලාත්මක කරගනු ලබන ගිවිසුම් විශේෂයක් විදියට STATUS OF FORCES AGREEMENT හඳුනාගන්න පුළුවන්.ඒ අනුව SOFA ගිවිසුම ප්‍රකාරව ඇමරිකානු නිලධාරීන් විදේශ රටක සිටින විටදී ඔවුනට එම විදේශ රාජ්‍යයේ නිතිය අදාල වීමක් සිදුවන්නේ නැහැ.ඇමරිකානු නිලධාරීන් යන්නට එක්සත් ජනතා සන්නද්ධ හමුදා ආරක්ෂක සිවිල් සේවා දෙපාර්තමෙන්තුවේ නිලධරින්ද (DEPARTMENT OF DEFENSE CIVILIAN EMPLOYEES ),ල ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සේවයන් කරන කොන්ත්‍රාත්කරුවන් ද අයත් වනු ඇතග මිට අමතරව ඇමෙරිකානු නිලධාරීන් යන්නට ඒ ඒ ගිවිසුම් ප්‍රකාරව දක්වනු ඇත.
ඇමරිකාව මේ වන විට පාර්ශවයන් සීයක් පමන සමග SOFA ගිවිසුම් වලට එළඹී ඇත. SOFA ගිවිසුම් නේටෝ රටවල් අතර බහුපර්ස්ගවික ගිවිසුම් ඇතිකරගනු ලබන අතරම තනි රටක් සමග SOFA ගිවිසුම් ඇතිකරගන්නේ නම් එය විධායක හැඩයක් ගන්නවා. (the form of and executive agreement ) එය1970 මාර්තු 19 වන දින NATO sofa අනුමත කිරීම සෙනෙට් සභාව විසින් සිදු කරන ලදී.
SOFA අන්තර්ගතය තොරතුරු හෝ දිගුව පාලනය කිරීමට විධිමත් අවශ්‍යතා දක්වා නැතග දේශීය සිවිල් හා අපරාධ අධිකරණ බලය ඇමරිකානු නිලධාරීන් මුක්ත කර ඇතග.එසේම ඔවුන්ගේ නිල ඇඳුමෙන් එහා මෙහා යාමටත් අවිආයුධ රැගෙනයාමටත්ලරේඩියෝ සංඛ්යාත සියලු පහසුකම් ඔවුන්ට හිමිවෙනවා.දේශීය නිතිය යටතේ පවත්නා රෙගු රෙගුලාසි ආදී කිසිවක් රෙගු සේවාවන් තුලදී ඔවුන්ට අදාල වන්නේ නැහැ.
SOFA ගිවිසුමේ මුලික හරය අතින් ගත්තහම ඇමරිකානු නිලධාරීන්ට පවත්නා නිතිමය ආරක්ෂාව මුඋලිකම ගැටළුවක්ග.ඒ කිකියන්නේ මේ ගිවිසුම යටතේ ලංකාවට එන ඇමරිකන් නිලධාරීන් සිදුකරන සිවිල් හෝ අපරාධ වැරදි වලට දේශීය නීතිය අදාල නොවීම.එහෙනම් ඔවුනට අදාල වන්නේ මොන නීතියද? ගිවිසුම තුලම එකට හොඳ උත්තරයක් දිල තියෙනවා.ඒ තමයි exclusive jurisdiction කියන එක.
මොකද්ද මේ exclusive jurisdiction සුවිශේෂ අධිකරණ බලය
ඒ කියන්නේ විදේශ රටක ඇමරිකානු නිලධාරීන් අනියුක්ත කරලා තියෙන අවස්ථාවකදී ඔවුන්ට අදාල වන සියල්ලු අපරාධ හා විනයානුකුල අධිකරණ බලය ක්‍රියාත්මක අකිරීමේ තනි අයිතිය ඇමරිකාව සතුවීමයි.ඇත්තටම මේක හරි උපහාසත්මකයි.තව දුරටත් ඔවුන් දක්වන්නේ මෙය ගැටළුවක් ලෙස නොසලකන ලෙසත් ඒ වෙනුවට එම අපරාධ හා විනයානුකුල අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුග්‍රහය දැක්වීමට අනෙක් පාර්ශවයේ රජයට හැකියාව ලැබෙන බවයි.කොහොම නමුත් අවිදේශ රාජ්‍යයේ නීති පද්ධතියට යටත් නොවී එමගින් සම්පුර්ණ විනිර්මුක්තියක් ලබාගැනීමට ඇමරිකානු නිලධාරීන්ට මේ ගිවිසුම යටතේ හැකිය.
NATO නොවන රටවල අධිකරණ බලයේ තත්වය මෙවැන්නක් වුව NATO sofa ගිවිසුම් වලදී ක්‍රියාත්මක වෙන්නේ shared jurisdiction ඒ කියන්නේ හුවමාරු අධිකරණ බලයක්.
කොහොම වුනත් ලංකාව මේ ගිවිසුමට අත්සන් තැබුවොත් NATO රටවල හමුදාවට පවා මෙරටට ඒමේ අවස්ථාව ලැබෙනවා.පාස්පෝට් නොමැතිව හැඳුනුම්පතක පමණක් සහිතව පැමිණීමට පවා මෙමගින් ඉඩ ලැබෙනවා.කිසිදු මොහොතක ඔවුන් ගෙනෙන යුධ උපකරණ හෝ කිසිවක් පරික්ෂ කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ.මේ ආකාරයෙන් ගත්තහම ලංකාව මේ ගිවිසුමට එකඟ වෙනවා කියන එක හරහා ඇතිවෙන්න යන තත්වය ඉතාමත් බරපතල එකක්ග ඉතින් මේ සඳහා මැදිහත්වීමට බලකෙරෙන වගකීමෙන් බැහැරවිය නොහැකි රාජකාරියක් අපි හැමෝටම බැරවෙලා තියෙනවා.
මෙම ගිවිසුම් දෙක සාර්ථකව ක්‍රියාත්මක කරගන්න නම් නිශ්චිතවම ඔවුන්ට ගිවිසුම යටතේම දක්වන ඉදිකිරීම්ලටල ප්රවාහන ආදිය සිදුකිරීම සඳහා නිශ්චිත්වූ ඉඩම් ප්‍රමාණයක අවශ්‍යතාවයක් ඇතිවෙනවා.එකටත් සැලසුමක් දැනටමත් නිර්මාණය වෙලයි තියෙන්නේ.ඒ තමයි millennium challenge corporation හා සම්බන්ධ වෙමින් ලංකාව ඇතිකරගෙන තියෙන එකඟතාවය.කොළඹ සිට ත්‍රිකුණාමලය වරාය දක්වා ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් මේ යටතේ පවරා ගැනීමට නියමිතයි.මේ ක්‍රියාදාමයට අවශ්‍ය නයිතික රාමුව ශක්තිමත් කිරීමට පනත් කිහිපයකට සංශෝධන ගෙන ඒමටත් කටයුතු කරලා තියෙනවා.
- ඉඩම් බැංකු පනත යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම හා රජය සතු ඉඩම් පෞද්ගලික අංශයට විකිනීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන මේ යටතේ දක්වා තිබෙනවා.
- ඒ වගේම ඉඩම් විශේෂ විධිවිදාන(සංශෝධන)පනටහ ප්‍රකාරව ගොවීන්ට ලබා දී ඇති විවිධ බලපත්‍ර යටතේ පවතින ඉඩම් වෙළඳපොලේ විකිනිඉම සඳහා අවශ්‍ය කරන පසුබිම ගොඩනගල තියෙනවා.
- ඉඩම් අයිතිය සීමා කිරීමේ සංශෝධන පනත යටතේ දැනට පවතින ඉඩම් විදේශිකයන්ට ලබාදීමට ඇති සිමාකාරී බාධක ඉවත්කිරීම මුලික වශයෙන් සිදුවෙනවා.
ඒ අනුව ඇමරිකානුලඉන්දියානු සහ ජපාන සමාගම්ලවලට ඉඩම් අක්කර ලක්ෂ 30 ක් ආයෝජන කලාප 4ක් යටතේ හිමිකරදීමට කටයුතු සිදුවෙමින් යනවා.
අනෙක් පැත්තෙන් චීනය මොකද කරන්නෙ?
One belt one road project map. One belt one road project video documentary |
චීන කදවුරේ ආර්ථික උපායමාර්ගය "One belt One road" යටතේ ඉතාමත් සැළසුම්සහගතව නිර්මාණය කරගෙන තියෙනවා.මෙහිදී මුතු තරම් වටිනා විවිධ රටවල වරායන් හා මුහුදු මාර්ග තම ආර්ථිකය ශක්තිමත් කරගැනීමට යොදාගනිමින් ඉන්නවා.ඒකට "String of pearls" හෙවත් ”මුතු පොටේ උපායමාර්ගය ” කියල හදුන්වනවා.ඒ අනූව මියන්මාරයේ ක‍්‍රා ඇල මාර්ගය,තායිලන්තයේ ංංං වරාය,පාකිස්තානයේ Gwdar වරාය,මාලදිවයින මෙන්ම ලංකාවේ හම්බන්තොට වරායත් මෙම නව වෙළද මාර්ගයේ තීරණාත්මක සංධිස්ථාන ලෙස හදුනාගෙන තිබේ.මෙවැනි ආකාරයේ මැදිහත්වීම් වූ කලී ඔවුන්ගේ බල දේශපාලනයේම එක් කොටසක් ලෙසට අප හැදිනගත යුතුයි.ඇමරිකාව "Private to Asia" උපායමාර්ගයේ කොටසක් ලෙස නේටෝ රටවලින් ඔබ්බට ගොස් අනෙකුත් සෑම රටක් සමගම යුධ ගිවිසුම් අත්සන් කරමින් ඔවුන්ගේ බල කදවුර ශක්තිමත් කරගන්නා අතරම චීනය නොයෙකුත් ණය ආධාර දෙමින්,යටිතල පහසුකම් සංවර්ධනය කරමින් විවිධ රාජ්‍යන් ණය උගුලක සිරකරමින් තම බලකදවුර ශක්තිමත් කරගැනීම සිදුකරනවා.චිනයේ ආර්ථික දේශපාලනික මැදිහත්වීම අන්න ඒ වගේ එකක්.හොදම උදාහරණය අප‍්‍රිකාවේ ංංං රාජ්‍ය අද වෙනකොට තනිකරම චීන මුදල් වලින් දුවන තත්වයට පත්වෙලා.සුඩානයට චීනය මැදිහත් වෙන්නෙත් අන්න ඒ විදියට.ලංකාවටත් ඒක ඒ විදියටම අදාලයි.චීන ආධාර ගනිමින් ගුවන්තොටුපලවල්,වරායන් හදන එක ඇතුලේ තියෙන කතාව ඒක.චීනය අද වනවිට ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන මැදිහත්වීම් පවාඉළිපිටම සිදුකරනවා කියන එකට හොදම උදාහරණය තමයි පසුගිය ඔක්තෝම්බර් 08 වනදා ලංකාවේ අගමැති මාරුවීමට අදාල සිද්ධියේ දී චීනය හැසිරුණ විදිය.
මේ සමස්තය විග්‍රහ කරලා බලද්දී මුලිකවම අවබෝධකරගන්න පුළුවන් ජාත්‍යන්තර යුද්ධයක කොටස්කරුවෙක් ලෙසට ශ්‍රී ලංකාව පත්වීමට අදාළ කරන මුඋලික පදනම සැකසෙමින් යන බව.මේ ව්‍යසනයට ජනතාව මැදිකරවුයේ අන් කවරෙක් හෝ නොව චින ඇමරිකන් බල කඳවුරු වෙනුවෙන් ක්‍රියාකල පාලකයින්ය.එය කිසිවිටෙක එතනින් ලඝු නොවන අතර සුළුතරයක් වූ ධනපතියන් විසින් ඔවුන්ගේ ප්‍රාග්ධන ප්‍රසාරණය වෙනුවෙන් එකිනෙකා පරයා කරනු ලබන මේ තරගකාරිත්වය තුළ අන්තවාදී කණ්ඩායම් පෝෂණය කරමින් රටවල් අරාජික කිරීම,යුධමය ගැටුම් නිර්මාණය,අසීමිතව ස්වභාවික සම්පත් විනාශය,ගෝලීය උණුසුම ආදී මිනිස් ශිෂ්ඨාචාරයම අර්බුධයට ලක්කරන ව්‍යසනකාරී තත්වයන් නිර්මාණය කරල තියෙනවා.ඒ හින්දා සමාජ සංවර්ධනයේ ඊළග පරිච්ජේදය වන වෙළද සම්බාධක,වෙළද යුද්ධ නොමැති ගෝලීය වශයෙන් පොදු සමාජීය අරමුණු සහ අවශ්‍යතාව වෙනුවෙන් සංවිධානය වූ කොමියුනිස්ට් සමාජ-ආර්ථික ක්‍රමයක් තුළදී පමණයි මේ ධනේෂ්වර නිශ්පාදන ආර්ථික මූලයන්ගෙන් පැන නැගුණු ගැටළු සම්පූර්ණයෙන්ම විසදින්න පුළුවන් වෙන්නෙ.එබැවින් එම සමාජ පරිවර්ථනය වෙනුවෙන් අවශ්‍ය බුද්ධිමය ගොඩනැන්වීම් වලට සහ සමාජ් ක්‍රියාකාරිත්වයන්ට සියළු තරුණ-ශිෂ්‍ය බලවේගයන්ට අප ආරාධනා කරනවා.
විප්ලවවාදී ශිශ්‍ය සංගමය
Revolutionary students' union
මූලාශ්‍ර
0 comments:
Post a Comment