Friday, June 14, 2019

රුහුණු සරසවිය අඩපණ කරන උපකුලපති නාඩගම..

රුහුණු සරසවිය අඩපණ කරන උපකුලපති නාඩගම..


පසුගිය 21 වන දින එල්ල වූ  පාස්කු ප්‍රහාරය දඩමීමා  ගනිමින් ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යන් ඉලක්ක කරගනිමින් සිදු කරනු ලබන මර්දනයේ එක් සිද්ධියක් රුහුණු විශ්වවිද්‍යාලයෙන් වාර්තා විය.රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය  සංගමයේ සභාපති වෙරංග පුෂ්පික සහෝදරයා හට හා ලේකම්  ඉන්දික විදානපතිරණ සහෝදරයා හට ශිෂ්‍යභාවය අහෝසිකිරීමක් ලබා දී ඇත.

මෙලෙස ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට හේතු සාදක වී ඇත්තේ  රාත්‍රී 8.30 පසු විශ්වවිද්‍යාලයේ රැදී සිටීමට නොහැකි බව හා 08.30 විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළට ශිෂ්‍යන් හට ඇතුල් වීමට නොහැකි ලෙස පනවා තිබු නීතියට විරෝදත්වය ප්‍රකාශ කිරීම නිසාවෙනි. එසේම අවිශිබම සාමාජිකයකු විශ්වවිද්‍යාලය තුලට කැදවාගෙන පැමිනීම නිසාවෙනි.

ඔහු උපකුලපති වීමට පෙර සිටම ශිෂ්‍ය මර්ධන ක්‍රියාවලියේ නිරතව සිටි බවටත් ඔහු සම සෞඛ්‍ය පිඨයේ පිඨාධිපතිව සිටිමින්  එය වස දමමින් ශිෂ්‍යන්ගේ අධ්‍යපන අයිතිය අහිමි කරමින් පටන්ගත්  ශිෂ්‍ය මර්ධනයේ දිගුවක් ලෙසට මෙම පංති තහනම දකින බවටත් සම සෞඛ්‍ය පිඨයේ පීඨාධිපතිව සිටිය කාලයේ තාප්පයක තීන්ත ගැමටවත් නොහැකි වූ අසාර්ථක පරිපාලකයෙක් බවටත් ඔහුට උපකුලපති ධුරය හිමිවුයේ මෛත්‍රීපාල සිරිසේන හට කඩේ  යාම තුලින් බවත්  වැඩි දුරටත් අදහස් දක්වමින් රුහුණු විශ්වවිද්‍යාලයේ  මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා අපකළ විමසුමකදී පවසා සිටියේය.

0 comments:

Post a Comment