Sunday, June 9, 2019


THE SOUND OF SILENCE ( නිහඬබවේ හඬ )

By Simon And Garfunkel



අන්ධකාරය, මා පැරණි සුමිතුර
මා පැමිණියේ ඔබ සමඟ නැවතත් කථා කිරීමටයි
මෘදු ලෙස මගේ මනසට ඇතුළු වූ අදහසක්
මා නිදාගෙන සිටියදී මගේ මනස තුළ එහි බීජ වැපිරීය
ඒ අදහස
නිහැඬියාවේ හඬ මධ්‍යයේ
තවමත් මගේ මනසේ රැඳී පවතී

අවිවේකී සිහින ඇතුළේ
කුඩා ගල් කැට ඇතිරූ පටු මාවත් දිගේ
මම තනිවම ඇවිදගෙන ගියා
වීදි ලාම්පුවක ආලෝකය යටතේ
මම සීත තෙතමනයට එරෙහිව මම මගේ කබා කොලරය
එසවූවා
නියොන් ආලෝකය පැමිණ මගේ දෑස විනිවිද ගියා
ඒ ආලෝකය රාත‍්‍රිය දෙබෑ කරමින්
නිහැඬියාවේ හඬ ස්පර්ශ කරයි

දස දහස් ගණන් ජනයා, සමහරවිට ඊටත් වැඩි ගණනක්
පැහැදිලි ආලෝකය යටතේ මම දුටුවා
කතාකරන්නේ නැතිව කථා කරන මිනිස්සු
ඇහුම්කන් නොදී අසා සිටින මිනිස්සු
කිසිදාක කිසිවෙකුත් ගායනාවෙන් රසාස්වාදනය
නොකරන
ගීත ලියන මිනිස්සු
නිහැඬියාවේ හඬ බිඳ දැමීමට
මේ කිසිවෙක්ටවත් ධෛර්යයක් නැත.

‘‘මෝඩයිනි ඔබලා දන්නේ නෑ‘‘ මම කීවා
නිශ්ශබ්දතාවය පිළිකාවක් වගේ
පැතිරෙනවා‘‘
ඔබට එ් බව හඬගා කියන වචන
වලට සවන් දෙනු මැන
ඔබ වෙත දිගු කරන මගේ දෑත්
අල්වා ගනු මැන
ඒත් මගේ වචන
නිහැඬියාවේ ගැඹුරු ළිං පත්ළ තුළ
වැදී
වියැකී යන වැහි බිංදු මෙන්
දෝංකාර දෙයි

ඉක්බිති මිනිස්සු තමා විසින් තැනූ
නියොන් දෙවියා අභියස
දණ ගසා යාඥා කලා
අනතුරු හඟවන සුළු වචනයෙන්
සංඥාව සිය අනතුරු හැඟවීම නිකුත් කළා
අතුරු මාවත්වල බිත්ති පුරා
නිවාස පේලිවල
අනාගත වක්තෘන්ගේ උදාන වැකි ලියා ඇති
සංඥාව නිහැඬියාවේ හඬ අතරින් මිමිණීය


නවලිබරල් ධනවාදයේ දෘෂ්ටිමය නියොන් ලාම්පුවෙන් දෑස් බොද කර දැමූ මිනිසියාව සිය ජීවිතය තුළ ලැගුම් ගත් අනතුරේ සංඥාව කෙසේ තේරුම් ගනීද? සිය ජීවිතය යැයි ගොඩනඟා ගත් කුටුම්භ තුළම ලියැවී ඇති පීඩාවේ සුසුම තමාටත් නොදැනීම තමාටම ආඝ‍්‍රහණය වෙද්දී උනුන් අතර මානව සබඳතා බිඳගත් අසංවේදී මිනිසුන් තනි තනිව හුදෙකලාවේ එම පීඩාවේ ගැලී ජීවත් වීමට නිහඬවම එකඟ වී සිටිති. ඒ නිහඬබව තුළින් වෑහෙන වහල් මානසිකත්වයේ එකඟතාවන් කුඩුපට්ටම් කළ යුතුය. ඇසුණත් නෑසුනාක් මෙන් සිටි වේදනාවේ හඬ, පෙනුණත් නොපෙනුණාක් මෙන් සිටි.

වේදනාවේ දසුන, වේදනාවේ ක‍්‍රියාවලිය විනිවිද දැකිය යුතුය.විනිවිද ඇසිය යුතුය.




0 comments:

Post a Comment