Friday, June 7, 2019

අන්තවාදයට මුවා වී ආණ්ඩුව සිසු මර්දනයේ..


  • අධ්‍යාපනය විකුණන මඩකලපුව උපාධි කඩය වහා අහෝසි කරනු!
  • නාගානන්ද සිබා කොතලාවල NSBM ඇතුළු උපාධි කඩ වහා අහෝසි කරනු!
  • ජාතික ආගමික පදනමින් පාසල් සරසවි එපා!
යන සටන්පාඨ යටතේ අ.වි.ශි.බ.ම විසින් සංවිධානය කරල ලද විරෝධතා පාගමනක් පසුගිය 04 වනදා කොලඹ කොටුවේදී පැවැත්විණි.මීට සහභාගී වී පැමිණි සිසුන් එදින රාත‍්‍රියේ නේවාසිකාගාර වලට ඇතුල්වීම වැළැක්වීමට රුහුණු විශ්වවිද්යාල පරිපාලනය කටයුතු කර තිබේ.එහි සිටි සිසුවියන් පවා නේවාසිකාගාර වලට ඇතුල්කරගැනීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා මෙහිදී පරිපාලනය හා සිසුන් අතර යම් නොසසන්සුන්තාවයක්ද ඇතිව තිබෙනවා.අවසානයේ සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තුළ රැය ගෙවාදැමීමට සිදුවිය.තවද මේ වන විට මහාශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් සහෝදරවරුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇත්තේ අන්තරේ නියෝජිතයකු විශ්වවිද්‍යාලය තුලට රැගෙන ඒම මූලික කරගෙන ආරක්ෂක වැඩපිළිවෙළට බාධාකලා යන අසත්‍ය චෝදනාව එල්ල කරමිනි..පසුගිය අපේ‍්‍රල් 21වනදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව විශ්වවිද්‍යාල ආරම්භ වී ගෙවුණු කෙටි කාලය තුළ මෙවැනි සිදුවීම් කිහිපයක් වාර්ථාවිය.

කැලණිය විශ්වවිද්යාලය..

සිසුන් ආරක්ෂක අංශ වලට අවනත නොවීම යන චෝදනාව යටතේ පසුගිය 30වන බ‍්‍රහස්පතින්දා දින කැළණිය විශ්වවිද්‍යාලය වසා දමුණි.මෙයටද හේතුව වූයේ 30වනදා පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයක් සදහා 29වන දින  සංවිධාන කටයුතු වල නිරත්ව සිටි සිසුන්ට විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ එම පරිශ‍්‍රයෙන් ඉවත්වන ලෙස දැන්වීමෙන් පසු ඔවුන් ඊට විරෝධතාවය පලකර තිබීමයි.

කොළඹ විශ්වවිද්‍යාලය..

විශ්වවිද්‍යාලයට ඇතිළුවීම ප‍්‍රධාන ගේට්ට්ටු වලට පමනක් සීමා කර ඇති අතර එහිදී හැදුනුම්පත් සහ ගමන්මළු පරීක්ෂාකරීමද සිදුකරයි.විශ්වවිද්යාලය තුල රැදීසිටිය හැකි කාලය 6.30ට සීමා කරතිබෙන අතර වි.වි තුළ සහ නේවාසිකාගාර ගේට්ටු වසල ආරක්ෂිත කැමරාද සවිකර තිබේ.තවද විශ්වවිද්‍යාලය පරීක්ෂා කිරීම භාරව ඉහල පොලිස් නිලධාරියෙකු පත්කර ඇති අතර ඔහුට  ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාලය තුලට පැමින පරික්ෂාවන් කිරීමට බාධා නොකල යුතු බවතට පරිපාලනය විසින් ශිෂ්‍ය සංගම්වලට දැනුම් දී ඇත.මෙලෙස ”‍ආරක්ෂාව”‍ දඩමීමා කරගනිමින් සෑම විශ්වවිද්‍යාලයකම පාහේ සිසුන්ට දැඩි පීඩාකාරී මර් වැඩපිලිවෙලවල් ක‍්‍රියාත්මක කිරීමට පාලකයන් කටයුතුකර තිබේ.

අපේ‍්‍රල් 21වන දින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව පක්ෂ විපක්ෂ සියලූ‍ දේශපාලනඥයන් අහිමි වූ මිනිස් ජීවිත දඩමීමා කරගනිමින් තවත් ලේ සුවදට ඉව කරමින් තම බල ව්‍යාපෘති නැවත වටයකින් නව ප‍්‍රවේශයකින් ක‍්‍රියාවට නංවමින් සිටී.හදිසි නීතිය පාර්ලිමේන්තුව තුල එකදු මන්ත‍්‍රීවරයකුගේ හෝ විරෝධතාවයකින් තොරවම සම්මත කරමින්ද ප‍්‍රති-ත‍්‍රස්ත පනත පොල්ගාන්නේ නැතිව සම්මත කලයුතුයැයි චන්ඩි පාට් දාන රනිල් වික‍්‍රමසිංහලා ඔවුන්ගේ නවලිබරල් ආර්ථික ප‍්‍රථිපත්තිය ක‍්‍රියාවට නංවමින් ඉදිරියේ ගෙන ඒමට නියමිත කම්කරු ධවල ප‍්‍රත‍්‍රිකාව, ACSA,SOFA,MCC වැනි ලෝක බලවතුන්ගේ බල අරගලයට රට බිලිදෙන යුධ ගිවිසුම්,සිංහරාජ වනාන්තරය විනාශ කරමින් සිදුකරන ලෝක බැංකු සංචාරක වියාපෘති වැනි විනාශකාරී වි‍යාපෘති,අධ්‍යාපනය,සෞඛ්‍ය වැනි සියලූ‍ පොදු ජන අයිතීන් කප්ප්පාදු කිරීම් වැනි ජනතා ද්‍රෝහී ප‍්‍රථිපත්ති වටල විරෝධය දක්වන ජනතාව මර්ධනය කිරීම සදහා අවශ්‍ය නීති,අණ පනත් මෙම තත්වය යොදාගනිමින් සම්මත කරගැනීමට කැසකවයි.

ඉදිරියේ මුහුණදීමට නියමිත ජනාධිපතිවරනයේදී යන එනමක් නොමැතිව සිටි ජනාධිපති සිරිසේන රාජපක්ෂ කදවුර වෙත ඒකරාශී වී තිබූ සිංහල බෞද්ධ ජන්ද කුට්ටිය තමාගේ ඔඩොක්කුවට දමා ගැනීමට මෙම තත්වය තත්වය යොදාගනිමින් දැවැන්ත ප‍්‍රචාරක ව්යාපෘතියක් දියත් කරමින් සිටී.ආරක්ෂක අංශ යොදා ගනිමින් රට පුරා සෝදිසි මෙහෙයුම් දියත් කර එය මාධ්‍ය මගින් උත්කර්ශයට නංවා ප‍්‍රචාරය කරමින්ද,ඥානසාර හිමි නිදහස් කිරීම,රතන හිමිගේ මුස්ලිම් දෙශපාලකයන්ට එරෙහි උපවාසය ආදී ලෙස දිගහැරෙන්නේ ඔහුගේ මෙම බල ව්‍යාපෘතියේ ජවනිකවන්ය.

තවද රාජපක්ෂ කදවුරද රටපුරා ජනතාව අතර සැකය,භීතිය සහ අවිශ්වාසය  වපුරමින් ඔවුන් සිටියා නම් රටේ ආරක්ෂාව මෙවැනි අවදානමකට පත් නොවන බවට මතයක් ගොඩනගමින් ඉදිරි ජනාධිපතිවරන්යේ දි ඔවුන්ගේ මතවාදයට සමාජයේ ශක්තිමත් පදනමක් ඇතිකරගැනීමට මෙම තත්වය යොදාගනිමින් සිටී..

මේ සියලූ‍ ධනපති අණ්ඩුවල ජනතාද්‍රෝහී ප‍්‍රථිපත්ති වලට එරෙහිව ඉතිහාසයක් පුරාවට සටන් කරන,මේ මොහොත වන විට මේ මහපොළවේ ක‍්‍රියාත්මක විශාලතම ජනතාවාදී සටන් පෙරමුණ වන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කර සිසුන් විශ්ව විද්‍යාල තුළට ගාල්කොට තැබීමට පාලකයන් කටයුතු කරමින් සිටී.පාලකයන් විසින් මුළුමහත් සමාජයක්ම ජාතීවාදී අදුරේ ගිල්වා නිර්වින්දනය කර,ජනතාවට නොදැනීම ඔවුන් අගාධයක් වෙත කැදවායමින් තිබෙන මොහොතක එම අන්ධකාරයේ නොගිලී සබිද්ධිකව සිටින සුළුතරය අතර සමාජයට බලපෑම්සහගත  කණ්ඩායමක් වන ශිෂ්‍ය ව්යාපාරයට සියලූ‍ මර්ධනයන් හමුවේ තව තවත් ධෙර්යසම්පන්න වෙමින් මේ අන්ධකාරය පලවාහරිමින් මේ අගාධයේන් ජනතාව මුදාගැනීමේ එතිහාසික කාර්‍යභාරයක් පැවරීතිබේ.

0 comments:

Post a Comment