Friday, September 21, 2018

වලදැමූ මිනිසත්කම

          මෑත කාලයේ පුවත්පත්වල පළවූ පුවත් කිහිපයක් තෝරා ගත්තා.

-මල් පිහියෙන් ගෙල කපා මාමා ලේලිය මරල.

-ඥාති දරු දැරියන්ගේ කතා බහ පොරෝ පහරින් කෙලවර වෙයි.

-පස් හැවිරිදි පෙරපාසල් දැරිය කෙලෙසු නරුමයා දැලේ.

-මන්ද මානසික දුවට අතවර කර නරුම පියා ගමෙන් පනී.

-සිසුවෙකුට ලිංගික අතවර කලැයි ඉංග්‍රීසි ගුරුවරයෙක් රිමාන්ඞ්.

          මේවගේ සිරස්තල සහිත පුවත් පුවත්පත්වල අඩුවක් නෑ.ඒ වගේම මෙවැනි පුවත්  මිනිස්සුන්ට අදලත්වයකුත් නෑ. දැක්කත් නොදැක්ක වගේම තමයි ඉන්නේ.   මේ වගේ ප්රවුර්ති දහස් ගණනක් අතරින් සමාජයේම අවධානය යොමුවෙන අවස්ථාත් නැතුවාම නෙමෙයි. එහෙම වෙන්නේ මාධ්යවල උවමනාවට  ජනප්‍රිය කරන්න පුළුවන් පුවත් තෝරාගෙන ඒවාට විශේෂ අවධානයක් යොමුකරන්න කටයුතු කරන නිසා. මාධ්ය එහෙම කරන්නේ ඒ සිද්ධි ගැන සමාජයේ අවධානය යොමුකරලා එහෙම සිද්දි නැවත ඇතිනොවෙන විදියේ බලපෑමක් කරන්නනම් නෙමෙයි. ඒ නිසාම ඒ සිද්ධි නිර්මාණය වීමට අදාල සැබෑ යථාර්තය සමාජගත වෙන්න ඉඩක් නැහැ.

      මෙවැනි පුවත් නිර්මාණය කරන්නේ මේ සමාජයේ ජිවත්වන මිනිස්සුන්මයි. එහෙනම් මිනිස්සුන්ට කොහොමද හැකියාව ලැබෙන්නේ මෙහෙම කරන්න? කිරිකැටි බිලිඳකු ඉපදෙන විටම ඔහු මිනීමරුවෙකු,මන්කොල්ලකරුවෙකු,ස්ත්‍රී දුෂකයෙකු, හෝ ලෙස ඉපදෙනේ නෑ. එහෙනම් ඒ කිරිකැටි බිලිඳා එවැනි මිනිසුන් බවට පත්වන්නේ මේ සමාජයත් එක්ක ගැටෙන්න ගත්තට පස්සේ.

     ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සමාජ සාරධර්මවල සංස්කෘතියේ සහ මානව බැඳීම්වල පරිහානිය ඉදිරියට පැමිණ ඇත. මුදල් මත සියල්ල හැසිරෙන ධනේශ්වර සමාජ ක්‍රමය තුල මෙම තත්වය තවදුරටත් වර්ධනය  ඇරෙන්නට පහත වැටෙන්නේ නෑ. සමාජය තවදුරටත් අමනුශීය වනවා ඇරෙන්නට වෙනත් මාවතක් නැත. ධනවාදයේ සැබෑ ස්වරූපය ඉසමතු කරමින් සියල්ල මුදල් මත තීරණය වන සමාජයක් දක්වා මානව සමාජය ගමන් කරමින් තිබේනවා. ඒ තුල මනුෂ්‍යත්වය සමාජ හැර පද්දතීන් යටපත්වී තිබේ.ආත්මාර්ථ කාමිත්වය මුලිකත්වයට පැමිණිලා

      එකිනෙකාව පරයමින් තරගයකට හුරු වූ මිනිස් යන්ත්‍ර බවට මිනිසා පත්වෙලා. එහි ප්‍රතිපලය ලෙස හුදෙකලබවයද මනුෂ්‍යත්වය සහ මානව බැඳීම් අගය නොකිරීමේ තත්වයක් නිර්මාණය 
මේ තත්වය මත නිරන්තර සිදුවන අපරාධ මිනීමැරුම් සියදිවි හානිකර ගැනීම් ළමා අපචාර ආදිය ඉහළයාම නවතාලිය නොහැකි වේ.




0 comments:

Post a Comment