Sunday, September 23, 2018

වකුගඩු රෝග ඒකකය විවෘත කරන්නැයි පෙත්සමක්


තඹුත්තේගම රෝහලේ වකුගඩු රෝග ඒකකයේ ප්‍රතිකාර සදහා අවශ්‍ය වෛද්‍යවරුන්, හෙද හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල නිලධාරීන් වහා ලබාදෙනු!

සියලු අවශ්‍යතා සම්පූර්ණ කර තඹුත්තේගම රෝහලේ වකුගඩු රෝග ඒකකය කඩිනමින් ප්‍රතිකාර සඳහා විවෘත කරනු!

ජනතා පෙත්සම අත්සන් කිරීම
2018/09/21 දින ,තඹුත්තේගම එප්පාවල පොළ භූමියේදී, වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය 







එකී පෙත්සම පහත දැක්වෙ....

පළාත් සෞඛ්‍ය ලේකම්තුමා, 
පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය,
උතුරු මැද පළාත් සභාව.

ලේකම් තුමනි, 

තඹුත්තේගම මූලික රෝහලේ වකුගඩු රෝග ඒකකය, කඩිනමින් ප්‍රතිකාර සඳහා විවෘත කර ගැනීම සඳහා 

අනුරාධපුර, තඹුත්තේගම මූලික රෝහල වනාහී එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිකාර ලබාගැනීමට ඇති ප්‍රධානතම රෝහලයි. එබැවින් එම රෝහලට අවශ්‍ය අංගසම්පූර්ණ පහසුකම් ලබාදී පළාත් සභාවේ අත්හල නොහැකි වගකීමකි. මීට වසර 26 කට පමණ ඉහතදී රජරට පළාතෙන් ආරම්භ වූ නිදන්ගත වකුගඩු රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳින ප්‍රදේශයක් වන මෙහි ජීවත්වන ප්‍රදේශවාසීන්ගෙන් විශාල පිරිසක් මෙම රෝහලින් ප්‍රතිකාර ලබා ගනී. නමුත් එම රෝගීන්ගේ අවශ්‍යතා සපුරාගැනීමට තඹුත්තේගම රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නොවීම බරපතල ගැටලුවකි. 

විශේෂයෙන්ම තඹුත්තේගම ප්‍රදේශයේ 2017 වසර වන විට වකුගඩු රෝගීන් 1678 ක් වාර්තා විය. මේ වන විට එම තතත්ත්වය තවත් වර්ධනය වී ඇති බවට කිසිදු සැකයක් නැත. එසේ හෙයින් එම රෝහලට වකුගඩු රෝග ඒකකයක අවශ්‍යතාව දැඩිව තිබේ. 2017 වසරේ අගෝස්තු මාසයේදී ලේ පිරිපහදු කරන යන්ත්‍ර 4 ක් හා නව ගොඩනැගිල්ලක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කරන ලදී. ගොඩනැගිල්ල විවෘත කළද රෝගීන්ට ප්‍රතිකාර කිරීම තවමත් සිදුවන්නේ නැත. 

වකුගඩු රෝග ඒකකය ආරම්භ කර වසරකට අධික කාලයක් ගත වුවද එම ඒකකය පවත්වාගෙනයාම සඳහා අවශ්‍යවන පුහුණුව ලත් වෛද්‍යවරු, හෙද හෙදිහයන් හා කනිෂ්ඨ කාර්්‍යමණ්ඩල නොමැති නිසාවෙන් එහි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් නැත. එම නිසා ප්‍රදේශයේ ලේ පිරිපහදු කිරීමට අවශ්‍ය රෝගීන්ට ඒ සඳහා තඹුත්තේගම සිට අනුරාධපුර මහ රෝහලට යාමට සිදුවීමෙන් හා අනුරාධපුර රෝහලේ වකුගඩු ඒකකයේද පවතින දැඩි තද බදය නිසා අවශ්‍ය අවධානය නොලැබීම හේතුවෙන් රෝගීන් දැඩිව පීඩාවට පත්ව සිටිති. මෙම නිසා රෝගීන්ට ගමන් බිමන් සඳහා අධික මුදලක්ද, දුර බැහැර ගෙවාගෙන යාමට සිදුවීමෙන් විශාල වෙහෙසක්ද ඔවුන්ට දරන්ට සිදුව ඇත. වකුගඩු රෝගයෙන් අසරණ වූ මෙම රෝගීන් මෙම නිසා රෝගයෙන් පමණක් නොව ප්‍රතිකාර ලබාගැනීමට යාමේදීද තවත් අසරණ වෙති. තඹුත්තේගම රෝහලේ දැනට පවතින වකුගඩු ඒකකයේ යන්ත්‍ර 4 උපයෝගී කරගනිමින් ලේ පිරිපහදු කිරීම ඇතු`එ කටයුතු ආරම්භ කරන්නේ නම් රෝගීන්ට එම පීඩාව මගහරවා ගැනීම සඳහා යම් හෝ අවස්ථාවක් සැලසෙනු ඇත.

ඉහත විස්තරාත්මකව සඳහන් කළ ගැට`එ සැකවින් මේ ලිපිය අවසානයේ ද සඳහන් කිරීමට කැමැත්තෙමු. තවද මෙම ගැට`එව නිසා තඹුත්තේගම ප්‍රදේශයේ වකුගඩු රෝගීන් පීඩාවට පත්ව ඇති අයුරු තේරුම්ගැනීමේ හැකියාවක් ඔබතුමාට ඇතැයි ප්‍රදේශවාසීන් ලෙස  අප විශ්වාස කරමු. එබැවින් මෙම ප්‍රදේශයේ සිටින වකුගඩු රෝගී ජනතාව මුහුණදෙන මෙම ගැට`එව විසඳීමට ඔබගේ කඩිනම් අවධානය යොමුකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර ඒ සඳහා සියලු ප්‍රදේශවාසීන් වෙනුවෙන් ඉල්ලීම් ඇතුළත් අත්සන් ලේකණයක් මේ සමඟ ඉදිරිපත් කරමු.

මුලික ගැට`එ සැකෙවින්:-

1. වකුගඩු රෝග ඒකකයේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛදවරුන් රෝහලට අන්‍යුක්ත       කිරීම 
2. හෙද හා කනිෂ්ඨ කාර්යමණ්ඩල නිලධාරීන් ලබාදීම 
3. සහ සියලු අවශ්‍යතා සම්පූරණය කර වකුගඩු රෝග ඒකකය ඉතාමත් කඩිනමින් ප්‍රතිකාර සඳහා විවෘත කිරීම 

ස්තූතියි. 
මෙයට, 
තඹුත්තේගම ප්‍රදේශවාසීන් 

පිටපත් 

1. ආණ්ඩුකාරතුමා - උතුරුමැද පළාත් සභාව 
2. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක - උතුරු මැද පළාත් සභාව 
3. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක  - අනුරාධපුර දිස්ත්‍රික්කය 
4. ප්‍රධාන වෛද්‍ය නිලධාරී හා කාර්යමණ්ඩලය - තඹුත්තේගම මූලික රෝහල 
5. ප්‍රදේශයේ ගොවි සමිති, මරණාධාර සමිති හා අනෙකුත් සිවිල් සංවිධාන 
6. සියලු ජනමාධ්‍ය ආයතන 








0 comments:

Post a Comment