Tuesday, September 11, 2018

මෛත්‍රීපාල පාසල් ළමුන්ට නවකවදය දෙයි.


අසාධාරණය, අමානුෂිකත්වය සහ ම්ලේච්ඡත්වය ගැන මෛත්‍රීපාල සිරිසේන පසුගිය දිනවල පාරම්බෑවෙිය. විශෙෂයෙන් එහිදි ඔහු විශ්වවිද්‍යාලවල නවකවදය තියෙනවා යන්න පාවිච්චි කරමින් එලෙස අදහස් දැක්විය. අසාධාරණයට අකමැති සිරිසේන ඊයේ දිනයේදි ඉන්ධන මිළ ඉහළ දැමීමට කටයුතු කලේය.
නවකවදය යනු පීඩකයන් විසින් පීඩිතයින්ව පීඩාවට භාජනය කිරීමක් ලෙස අර්ථ ගැන්වීම වැරදි නැත. ඉන්ධන මිළ ඉහළ යාමත් සමඟ එහි පීඩාව ජනතාවට විඳීමට සිදුවෙයි. බෙිකිරි නිෂ්පාදන රැපියල් 05 කින් ඉහළ දැමුවෙ ගිය සතියේය.. ප්‍රවාහන ගාස්තු වැඩිවිය. අනෙකුත් භාණ්ඩවලද මිළ ඉහළ ගියේය. පීඩකයෝ හෙවත් පාලකයෝ පීඩිතයින් වන ජනතාව අමු අමුවෙි පීඩාවට පත්කරමින් සිටියි..
අධ්‍යාපනය ගැන, නවකවදයට ලක්වෙන සිසුන් ගැන මාර කැක්කුමකින් කතා කරන මිරිසේනට ජනතාව විඳින මෙි පීඩාව ටිකක් හෝ පෙපෙන්නේ නැත. පාසල් තුළ මුදල් අයකිරිම, පෙළ පොත් නිළ ඇඳුම් ප්‍රශ්න ගණනාවකින් වද විඳින ජනතාවට, ඊයේ දිනසිට ඉන්ධන මිළ වැඩි කිරීම නිසා තවත් අර්බුදයට ගොස් ඇත.
පාසල් දරැවන්ට අදාළව ගත්කළ පුර්ව ඉන්ධන මිළ ඉහළ යාම නිසා පාසල් වෑන්රථ සංගමය විසින් එම ගාස්තු 05% කින් වැඩිකර ඇත.. ඒ අනුව අද සිට ඒ පීඩාවද ඔවුන් මත පැටවෙි.. ඉතිං සිරිසේන ඇතුළු මෙි ආණ්ඩුව පාසල් දරැවන්ටද නවකවදය දෙමින් තිබෙි.

x

0 comments:

Post a Comment