Friday, September 7, 2018

සිසුන් රවටන ESOFT METRO CAMPUS

ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකු වන තරින්දි චතු ප්‍රභා සහ ෂෙනුකා ගිම්හානි යන දෙදෙනාට ESOFT METRO CAMPUS ආයතනය විසින් මුදල් වංචාවක් සිදු කොට ඔවුන්ට අසාධාරණයක් සිදු කොට ඇතැයි ඔවුන්ගේ දෙමාපියන් විසින් පසුගිය දිනක පවත්වන ලද මාධ්‍ය හමුවකදි කරුණු දක්වා සිටියේය. වසර එකාමාරක කාලය තුළ ඩිප්ලෝමා පාඨමාලාවක් සිදු කර අනතුරුව ලංඩන් මෙන්ට්‍රෝ පොලිටන් විශ්වවිද්‍යාලයේ උපාධියක්ද ලබා ගත හැකි බවද පවසමින් මෙම රැවටිම සිදු කොට ඇත.

ඒ අනුව 2016/02/14 දින රුපියල් 50000ක මුදලක් ද අනතුරුව මාසිකව රුපියල් 10000 බැගින් වාරික 15ක් ද එම ආයතනයට ගෙවා ඇත. මේ සඳහා ඔවුන්ට උපදෙස් ලබා දී ඇත්තේ ගම්පහ ESOFT METRO CAMPUS ආයතනයේ සම්බන්ධිකරණ නිලධාරියා වන ප්‍රසාද් චතුරංග තිසේරා නැමැති තැනැත්තාය. උසස් පෙළ හැදෑරීමට වසර දෙකක් ගතවන බවත්, විභාගයට පෙනි සිට තව වසරක කාලයක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ගතවන බවත්, අනතුරුව උපාධිය සඳහා ද වසර හතරක කාලයක් ගත වන බවත්  ESOFT METRO CAMPUS ආයතනය වෙතින්  ඉතා කෙටි කාලයක් තුළ ඒ සියල්ල කර දෙන බවට සිසුවියන් දෙදෙනාට සුරංගනා ලෝකයක් මවා ඇත. උසස් අධ්‍යාපනයේ වගකීමෙන් ආණ්ඩුව බැහැර වූ විට ඉහත සුරංගනා කතාවන් විශ්වාස කිරීමට දෙමාපියන්ට හා සිසුන්ට සිදුවීම වැලැක්විය නොහැක.

වසර එකාමාරක කාලයක් තුළ එකි පාඨමාලාව අවසන් කරනවා යැයි ප්‍රකාශ කළ ද වසර දෙකාමාරක් ගත වුවද එය එසේ සිදු නොවු බව එම ශිෂ්‍යාවන් සඳහන් කරයි. තව දුරටත් ඔවුන් සඳහන් කළේ මෙම පාඨමාලාවේදි අපිට එසයිමන්ට් 16ක් දෙනවා. අපි ඒවා සම්පුර්ණ කරන්න ඕන. අපි මුළින් දුන්න එසයිමන්ට් 7ක් බාරගත්තා ඉතුරු ඒවා බාර දෙන්න ගියාම ඒ අය ඒවා බාරගත්තේ නැහැ ඒකට හේතුව විදිහට ඒ අය කිව්වේ පාඨමාලාවේ සිලබස් එක අලුත් කරලා තියනවා. ඒ අනුව අලුත් සිලබස් එකට අනුව එසයිමන්ට් කරන්න ඕන කියලා. තවද දෙමාපියන් මේ ගැන සොයා බැලු කළ එම ආයතනය විසින් පවසා ඇත්තේ ලියපදිංචි මුදල් නොගෙවා ඇති බවයි. එහෙත් දෙමාපියන් මුදල් ගෙවු ලදුපත් ද ඉදිරිපත් කර තිබේ.

එම ආයතනයේ සිදු වූ ආසාධාරණයට සාධාරණයක් ඉටු නොවු විට ඔවුන් ගම්පහ පොලිසියට මේ පිළිබඳ පැමිණිලි කර ඇත. එහෙත් මේ වන තෙක් සාධාරණයක් ඉටු වී නොමැත. අනතුරුව ESOFT METRO CAMPUS ආයතනය විසින් දෙමාපියන්ට ලිපි මගින් කරුණු දක්වා ඇත. ඒවා ද තර්ජනාත්මක ස්වරූපයෙනි. අප මෙම ඩිප්ලෝමාව පිළිබඳව කරුණු දැනගැනීමට ඊයේ දිනයේදි අප විසින් එම ආයතනය දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගන්නා ලදි. එහිදි මෙම ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය යටතේ පවත්වාගෙන යන ආයතනයක් බවය. එහෙත් දෙමාපියන් අමාත්‍යංශයෙන් මේ පිළිබඳව විමසු විට ලිපියක් මඟින් දන්වා ඇත්තේ මෙම ආයතනය ඔවුන්ට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

ESOFT METRO CAMPUS ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයකි. එබැවින් භාණ්ඩ විකුණන්නා සේ අධ්‍යාපනය විකිණීමට ගත් කළ මෙවැනි රැවටිම් අසාධාරණයන් සිදුවිම නැවැත්විය නොහැක. මේ වන විටත් මෙම ආයතනයට අනුබද්ධ ආයතන හතලිහක් පවතින අතර ඒ සියල්ලෙහිද මෙවැනි දේ සිදු නොවනවා යැයි සහතික විය හැක්කේ කාහටද? විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරණයක් ගෙව යමින් තම ලාබය වෙනුවෙන් දෙමාපියන් හා සිසුන් රවටන මෙවැනි හොර උපාධි කඩවලට එරෙහිව සටන් කළ යුතු නොවේද? එසේ නොමැති වුව හොත් මෙවැනි දහස් ගණනක් සිසු සිසුවියන්ගේ ජීවිත අඳුරට යාම වැලැක්විය නොහැක.

0 comments:

Post a Comment