Monday, October 8, 2018

විප්ලවයේ නොමියෙන සංකේතය che guevara....


che guevara පරාර්ථකාමීය. අනක‍ාට සැබවින්ම ආදරය  කළේය. මිනිසුන්ගේ දුකහදුනා ගත්තේය. මිනිසුන්ගේ අසර ණකම ෙවෙනුවෙන්  කැපකරන්නට හැකි සියලුදේ කැකළේය . අවසානයේදී තම ජීවිතයද කැපකළ‍ෙ  උතුම් මානව ලබදියාව චෙිගුවාරා ළගතිබ ූ නිසාය. ක්ෂේත්‍ර ගණනාවකින් ඔහු දස්කම් පෑහ. විටෙක,ඔහු වෛද්‍යවරයකි.  විටෙක දේශගවෙිශකයකකි  තවත් විටෙක  රාජ්‍ය තාන්ත්‍රකයකි. තව විටෙක ලේඛකයකි. තවත් විටෙක ගරිල්ලාසටන්ශිල්පියෙකි. තවත් විටෙක මානව ගුණධර්ම රැදී විමුක්තිකාමී සට න් සගයෙකි.

ආර්ජන්ටිනාවේ බොහෝ දෙනෙක් ජිවත් වුණේ අන්ත දුප්පතුන් ලෙසටයි. පාලකයින් හා ඉඩම් හිමියන් විසින් ජනතාව සුරා කෑමට ලක්ව තිබුන යුගයක අසාධාරණයන්ට එරෙහිව නැගී සිටීමට පවා අසීරු විය. එවන් කාලෙක 1928 ජූනි 14 දින අර්නස්ටෝ ගෙවාරා ලින්ච් හා සිලියා ඩි ලා සර්නා යුවලේ පළමු දරුවා උපත ලබන්නේය. ඒ අර්නොස්ටෝ ගුවේරා නමිනි. නමුත් ඔහු ලෝකයාගේ අප්‍රමාණ ආදරයට ලක්වන්නේ චේ යන නාමයෙනි. මෙම චේ යන අපර නාමය ඔහුගේ සටන්කාමිත්වය නිසා ආදේශ කරන ලද්දකි. සමහර උගතුන් තර්ක කරන්නේ   මෙම චේ යන ව්‍යවහාරය ගුවාරනි නම් වූ රතු ඉන්දියානුවන් ගෙන් ගන්නා ලද පදයක් බවයි. එය මගේෙසට ඔවුන් අරුත් දක්වයි.  චේයන පදය එම ජාතීන් අතර පුදුමය, ප්‍රීති ප්‍රමෝදය, කණගාටුව, මොලොක් බව යන අරුත් ද ලබාදෙන බවට සමහර වාග් විද්‍යාඥයින් පවසයි.

අර්නස්ටෝ චේ ගුවෙරා, ඔහු තරමටම ලෝකයාගේ අප්‍රමාණ ආදරයට ලක්වූත් එමෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ වෛරයට ලක්වූත් තවත් පුද්ගලයකු පිළිබඳ සිහිපත් කිරීමට නොහැකි තරම්ය. හුදු වීරයකු ලෙස කිසිදා තමා හුවා නොදැක්වූ මේ මානව හිතවාදී මිනිසා පීඩිත ජනතාවගේ හදගැස්ම මනාව හඳුනාගත්තේය. ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටුවන සමාජවාදී ලෝකයක් ගොඩනැඟීම වෙනුවෙන් සිය කෙටි ජීවිත කාලය පුරාම උත්සාහ දැරීය. ඒ වෙනුවෙන් කැප කළේය. කියුබානු සමාජවාදී විප්ලවයේදී තම කාර්යභාරය මනා ලෙස ඉටුකිරීම තුළින් ඒ සඳහා වන ඉදිරි පියවර තැබීය. ලොව සුවහසක් දෙනා එතරම්ම ඔහුට ආදරය කරන්නේත්, ගෞරව දක්වන්නේත් එහෙයිනි. මේ උදාර මිනිසා ස්වකීය ජීවිත කාලය තුළ ප්‍රකට කළ විප්ලවීය භාවිතය නිසාම අද වන විට ජීවත් වූ චේට වඩා ප්‍රබල තැනකට ළඟාවීමට මියගිය චේට හැකියාව ලැබී ඇත.

සිය කුඩා කාලයේදීම ඇදුම රෝගය වැළඳීම නිසා මහත් පීඩාවට පත් අර්නස්ටෝ තම ධෛර්යය මඟින් එම රෝගී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළද සිය ජීවිත කාලය පුරාම වරින්වර මතුවූ මෙම රෝගය සමඟ අනවරත අරගලයක යෙදිණි. 1947දී බුවර්නෝස් අයර්ස් වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වූ අර්නස්ටෝ වෛද්‍ය සිසුවකු ලෙස තම අධ්‍යාපන කටයුතුවල යෙදෙන අතර වරෙක ඒ සියල්ල පසෙකලා ඇල්බර්ටෝ ග්‍රනාඩො නම් වූ යහළුවකු සමග ලතින් ඇමෙරිකානු රටවල සංචාරය කළේ ලෝකය දැක ගැනීම සඳහා වූ ඔහුගේ අභිලාෂය පෙරදැරිවය. මෙම සංචාර තුළදී ඔහු සැන් පැබ්ලෝ වැනි ලාදුරු ජනපදවල ස්වේච්ඡාවෙන් සේවය කළේය. පිටකබා හෝ අත්වැසුම් පවා නොමැතිව ලාදුරු රෝගීන් වෙත සමීප වූ ඔහු ඔවුන් සමඟ ක්‍රීඩා කරමින් එම අසරණයන් හට විශාල මානසික සුවයක් ගෙන දුන්නේය. පසුව අර්නස්ටෝ විසින් 1953 ජූලි මාසයේදී වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමට සුදුසුකම් ලබන ලදී. නමුදු ඒ වන විට තම දකුණු ඇමෙරිකානු සංචාරයේදී එම කලාපය තුළ දුප්පත්කම හා පොහොසත්කම අතර පරතරයත් ආහාර, ඇඳුම් හා නිවාස හිඟයෙන් පෙළෙමින් සිටි ජනතාවගේ අසරණ  ජීවන තත්ත්වයත් අත්දැක තිබූ අර්නස්ටෝ එවැනි තත්ත්වයක් හමුවේ වෛද්‍ය විද්‍යාවට කළ හැකි කාර්යභාරයේ අල්පතර බව මැනැවින් වටහාගෙන තිබිණි. නැවැතත් සංචාරයේ යෙදෙන චේ තව තවත් සමාජ අසාධාරණය ලොව පුරා රජ කරන අයුරු අත්දුටුවේය. අවසානයේදී වෛද්‍යවරයා විප්ලවවාදියකු බවට පරිවර්තනය විය.

1955 දී ෆිදෙල් කස්ත්‍රෝ මුණගැසිමත් සමග වෛද්‍යවරයකු ලෙස කියුබානු විප්ලවයට සම්බන්ධවීමෙන් අනතුරුව අවසානයේදී ජයග්‍රාහී කියුබානු විප්ලවයේ දෙවැනි භට කණ්ඩායමට අණදෙන නිලධාරියා බවට චේ පත්විය. විප්ලවයෙන් අනතුරුව වරෙක කියුබාවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික ආයතනයේ කර්මාන්ත අංශයේ ප්‍රධානියාද, තවත් වරෙක කියුබානු ජාතික බැංකුවේ අධ්‍යක්‍ෂවරයා හා අනතුරුව කර්මාන්ත අමාත්‍යවරයාද වශයෙන් කටයතු කළේය. කියුබාව තුළ පමණක් සමාජවාදී විප්ලවය සිදුකිරීමෙන් නොනැවතුණු චේගේ අවධානය විප්ලවවාදී ජන අරගල පැවැති වෙනත් රටවල් කෙරෙහිද යොමුවිය. පසුව ඔහු කියුබාවේ සියලු වරප්‍රසාද අතහැර දමා කොන්ගෝ වල හා බොලිවියානු සමාජවාදී විප්ලවයන්ටද තම නායකත්වය ලබා දුන්හ.

චේගේ අප්‍රතිහත ධෛර්යය ඔහු සතු ප්‍රධාන ගුණාංගයක් විය. තමන් හට නිරන්තරයෙන්ම පීඩා දුන් ඇදුම රෝගය සමග කල පොරබැදීම එයට කදිම උදාහරණයකි. චේ පෞද්ගලික අභිලාෂයෙන් රහිත මිනිසකු විය. ඔහු කීර්තිය උදෙසා සටන් නොකළේය. භෞතික සම්පත් උදෙසා හා අභිලාෂයන් උදෙසා ඔහු සටන් නොකළේය. තම ප්‍රසිද්ධිය පිණිස ඔහු කිසිදා සටන් නොකළේය. අධිරාජ්‍යවාදී ගැත්තන් විසින් 1967 ඔක්තෝබර් 09 ඝාතනයට ලක් වී අදට වසර 51 ක් ගතවුවද ලෝකයේ සිදුවන ඕනෑම විප්ලවවාදී අරගලයකදී ඔහු නැවැත නැවැතත් උපත ලබන්නේ එහෙයිනි.

විප්ලවයේ සංකේතය සේම චේ තාරුණ්‍යයේද  සදාකාලික සංකේතයකි. අකීකරු අවපැහැගත් කෙස් රොද වසා පැලඳි තරුවක් රැඳි සෙබළ තොප්පියත් අපිළිවෙළට වැඩුණු රැවුලත්, දිදුලන දෑසකුත් හිමි චේගේ රුව ලොව පුරා තරුණ තරුණියන්ගේ විලාසිතාවක් බවට අද වන විට පත්ව ඇත. ඔහුගේ රුව රැගත් ටී-ෂර්ට්, හිස් වැසුම්, අත් පලඳනා ආදිය රැඩිකල් විලාසිතාවන් ලෙස බොහෝ තරුණ තරුණියන් විසින් පලඳිනු ලැබුවද ඔවුන් බොහෝ දෙනා චේගේ දිදුලන දෙනෙතේ ලියැවී ඇති යහපත් අනාගතයක් පිළිබඳ පණිවුඩය නිවැරැදිව හඳුනාගෙන නොමැති බවත් පෙනේ. එබැවින් චේ විලාසිතාවක් ලෙස අනුකරණය කිරීමෙන් ඔබ්බට ගොස් ඔහු සිහින මැවූ සමාජවාදී ලෝකය බිහිකිරීමට වඩ වඩාත් කැපවී ක්‍රියා කළ යුතු කාලය එළැඹ ඇත. එමනිසා ක්‍රියාකාරිත්වයේදී අරමුණු ජය ගැනීමේදී අපි චේ වගේ වෙමු. අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහි සටනේදී අපි චේ වගේ වෙමු.
 ” යටත් විජිතවාදීන්ට  විරුද්ධව අපි තියනු ලබන සියලු අඩිතාලම් ඔවුන්ට විරුද්ධව මතුවන සටනේ රණ බෙර හඩ  වෙනවා . මේ සටන මුලු මහත් මිනිසා ගේ විශාලතම සතුරාට එරෙහිව හටගන්නා එකගතාවයට ගෞරව කිරීමට ගායනා කරන යුධ ගීතය. මෙයින් අපි මරණය නිසා පරාජය වුවහොත් අපෙන් ගිලිහෙන අවි නැවත අත්කර ගැනීමට තවත් පිරිසක් අනාගතයේ බිහි වේවි.”  (che guevara)




























































0 comments:

Post a Comment