Monday, October 8, 2018

මේ ඔක්තෝම්බරයයි.


මේ ඔක්තෝම්බරයයි. ඔක්තෝම්බරය ශ්‍රේෂ්ඨය. ලෝක ළමා දිනය සමරන්නේ ඔක්තෝම්බර් පළමු වැනිදාය. හොඳම දේ දරුවන්ට කියමින් පිළුණු වූ ධනේෂ්වරය සතු හොඳම කුණු කන්දල්වලින් දරුවන්ගේ හිස්මොල පිරවීම සමරන්නේ එදාටය. ඔක්තෝම්බරය ශ්‍රේෂ්ඨ වන්නේ ඒ නිසා නොවේ. හොඳම දේ දරුවන්ට යන සංකල්පය ඉදිරිපත් කළේ මෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය යථාර්ථයක් කළේ සමාජවාදී විප්ලවය විසිනි. එය සිදුවූයේ ඔක්තෝම්බරයේය. ඔක්තෝම්බරය ශ්‍රේෂ්ඨ වන්නේ ඒ නිසාය. හොඳම දේ දරුවන්ට යනුවෙන් වේදිකාවල පට්ට ගහන ආදර්ශ පාඨය බඩගෙ ා්ස්තරවාදී ධනේෂ්වර දේශපාලුවන් විසින් සමාජවාදයෙන් කොල්ලකාගත් එකකි. 

ඒ 1917 වසරයි. රුසියානු සමාජයේ අලුත් අරුණැල්ලක 
බලාපොරොත්තුවක් දළු ලා වැඩෙමින් තිබිණි. අවසන රාත්‍රිය නිමා විය. ශීත මාළිඟා බිඳවැටිණි. අරුණ උදාවිය. ගණඳුර පලවාහැරිණි. සමාජවාදයේ රක්තවර්ණ අරුණාලෝකය ආලෝකමත් කළේ රුසියානු පීඩිත සමාජය පමණක් නොවේ. එය ධනේෂ්වර විය ගසෙන් පීඩාවට පත්ව සිටි සකල දේශවාසී නිර්ධනයන්ටම බලාපොරොත්තුවේ ආලෝකයක් බවට පත්විය. 1917 ඔක්තෝම්බරයේ පළමුවැනි වරට ලොව නිර්ධන පංති ආඥාදායකත්වය සහිත සමාජවාදී සමාජයක් බිහිවිය. 

0 comments:

Post a Comment