Sunday, October 7, 2018

ඉන්දුනීසියාවට සුනාමියෙන් දරුණු හානි...


පසුගිය 28 වෙනි දින ඉන්දුනීසියාවේ සුලාවේසි දූපතට නුදුරු මුහුදේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.4ක් ලෙස සටහන් වූ භුමි කම්පාවෙන් සුලාවේසි දූපතේ පලූ නගරය ආසන්න ප්‍රදේශයට දැඩි හානි සිදුවී ඇති අතර ලිපිය ලියැවෙන මොහොත වන විටත් 300000කට ආසන්න ජනතාවක් ජීවත්වන මෙම ප්‍රදේශයට සිදුවූ හානිය කොතරම්දැයි නිශ්චිත නැත
.
මහා පරිමාණයේ ගලවාගැනීමේ මෙහෙයුම් කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් පවතින්නේ බලශක්ති සැපයුම් හා අනෙක් සේවා සියල්ල ඇණ හිට ඇති බැවිනි. සුනාමිය සහ ඉන් පසුව ඇති වූ පසු කම්පන තරංග 150කට අධික ප්‍රමාණයකින් සුන් බුන් වූ වෙරළ තීරය හා නගරයේ ගලවාගැනීමේ කටයුතු ක්‍රියාත්මක වන්නේ ප්‍රාථමික මට්ටමිනි.

භූ කම්පාවෙන් අනතුරුව ගැඹුරු මුහුදේ සෙන්ටිමීටර 6ක පමණ උස රැල්ලක් වාර්තා වුවත් සුනාමි අනතුරු ඇඟවීමේ සංඟ්දා ක්‍රියාත්මක වී නැත.

0 comments:

Post a Comment