Saturday, October 6, 2018

සිසු මර්දනයට එරෙහිව මෙක්සිකෝවේ ශිෂ්‍ය උද්ඝෝෂණ...


පසුගිය සැප්තැම්බර් 7වන දින මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරයේ ”යුනෑම්” විශ්ව විද්‍යාලයේ සිසුන් ලක්ෂ  2ක් පමණ ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වූ පැය 48 ක පංති වර්ජනයක් හා විරෝධතාවක් පැවැත්විණි. මෙයට පදනම් වූයේ ඊට දින කිහිපයකට පෙර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ ප්‍රතිපත්ති විවේචනය කරමින් පැවැත්වූ උද්ඝෝෂණයකට ආණ්ඩුව විසින් නඩත්තු කරන පොරෝස් නම් මැර කණ්ඩායම් විසින් පහරදීමයි.
යුනෑම් විශ්විද්‍යාලය ලතින් ඇමෙරිකානු කලාපයේ ඇති ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන අතර උසස් පාසල් සිසුන් 150000ක් ද ඇතුළු ව සිසුන් 300000ක් පමණ ඉගෙනුම ලබන වාම දේශපාලන මතවාදයන් හා ක්‍රියාකාරිත්වය  ජනප්‍රිය විශ්වවිද්‍යාලයකි. 

මෙයට පෙර 1968දී පොලිසීයේ මර්දනකාරී පිළිවෙතට එරෙහි ව්‍යාපාරයේ මර්මස්ථානයක් ලෙස යුනෑම් විශ්වවිද්‍යාලය පැවති අතර එය මර්දනය කෙරුණේ ට්ලේට්ලෝකෝ චතුරශ්‍රයේ පැවතී උද්ඝෝෂණයට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරයෙන් සිසුන් 400ක් ඝාතනය කිරීමෙනි. 1999 දී මෙම විශ්වවිද්‍යාලය පෞද්ගලීකරණය කිරීමේ යෝජනා පරාජයට පත්කිරීමට මාස 9ක පංති වර්ජනයක් සමග ක්‍රියාත්මක වූ අරගලය ඉවහල් විය.

ආණ්ඩුව විසින් නඩත්තු කරන මැර කණ්ඩායම් 1930 දශකයේ සිට ක්‍රියාත්මක වේ. ආණ්ඩු විසින් මුදල් ගෙවා මෙම තරුණ කණ්ඩායම් විශ්වවිද්‍යාල තුළ නඩත්තු කෙරේ. ආණ්ඩුවේ විනාශකාරී ප්‍රතිපත්තිවලට එරෙහිව ශිෂ්‍යයන් ක්‍රියාකාරී වීම වැළැක්වීමට මැර බලය දිගින් දිගටම යොදාගෙන ඇත. පෝරෝස් යන්නේ අර්ථය ඔල්වරසන් දීමේ නායකයා (ජයැැරකැ්ාැර) යන්නයි. මොවුන් ආරම්භයේ විශ්වවිද්‍යාලයේ පාපන්දු ක්‍රීඩා උත්සවවලට සම්බන්ධ විම ආරම්භයේදීම  පටබැඳීමට හේතු වී ඇත.

0 comments:

Post a Comment