Saturday, October 6, 2018

දිල්ලියට හුස්ම නවතී.


ශීත ඍතුව ළංවීමත් සමග නවදිල්ලියේ පරිසර දූෂණය තවදුරටත් නරක අතට හැරෙමින් පවතී. පසුගිය වර්ෂයේ ශීත ඍතුවේ දී මේ සඳහා විසඳුමක් ලෙස හෙලිකොප්ටර් යොදාගනිමින් වතුර ඉසීමට යෝජනා වුවත් අධික වායු දූෂණය නිසා හෙලිකොප්ටර් ධාවනය කළ නොහැකි විය.

මෙවර බලධාරීන් විසින් වායු දූෂණ වැළක්වීමේ අරමුණින් රථවාහන් තදබදය අධික ඉන්දියානු අගනගරයේ මංසන්ධි 50ක් ආසන්නයේ වායු දූෂක අවශෝෂණය කරන උපකරණ සවි කිරීමට පියවර ගෙන ඇත. පවතින අධික දූෂක සාන්ද්‍රණය සැලකූ විට මෙය විවෘත වහලක් ඇති කාමරයක් වායුසමීකරණය කිරීමට උත්සහ කිරීමට සමාන ප්‍රයත්නයක් බව විශේෂඥ මතයයි.

පවතින අධික වායු දූෂණය අවම කිරීමේ අරමුණින් ඉන්දියාව තාප විදුලි බලාගාර වසා දැමීම කරගෙන යන අතර දැනට ක්‍රියාත්මක වන්නේ එක් තාප විදුලි බලාගාරයක් පමණි. කෙසේ වුවත් එම පියවර කිසිසේත් ම වායු දූෂණය අවම කිරීමට ප්‍රමාණවත් නැත.

නවදිල්ලියේ ඇමෙරිකානු තානාපති පාසල පසුගිය සිව් වසර තුළ වායු පිරිසිදු කිරීමේ යන්ත්‍ර ස්ථාපනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය කර ඇත. එහි වායු දූෂක මට්ටම මැනීමේ උපකරණ මඟින් වාතයේ පිරිසිදුකම නියාමනය කරන්නේ ශල්‍යාගාරයකට වුවත් ප්‍රමාණවත් ප්‍රමිතියකිනි. නමුත් 100%ක් ම ආවරණය කිරීම අපොහොසත් වන්නේ ඔවුන්ට පංති කාමරවලින් බැහැරවීමට සිදුවන නිසාවෙනි.

නමුත් නගරයේ ජීවත්වන අතිබහුතරය දූෂක  සාන්ද්‍රණය අධික වායුව ආඝ්‍රාණය කරමින් ජීවත්වේ.

0 comments:

Post a Comment