Tuesday, October 9, 2018

රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරැ ඉල්ලා අස්වෙි.


රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්යවරැන්ට හා අංශ ප්‍රධානීන්ට ලබාදුන් රදවා ගැනීමෙි දීමනාව ඉවත් කිරීමට එරෙහිව එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපති තනතුර ඇතුළු අනෙකුත් තනතුරැවලින් එහි ආචාර්යවරැ ඉල්ලා අස්වී ඇත.

මෙම දීමනාව උපකුලපතිවරයාගේ මැදිහත් වීමෙන් ඉවත්කර තිබෙි. මෙම ගැටලුව විසදා ගැනීමට උපකුලපතිවරයා සමග සති තුනක පමණ කාලයක සිට සාකච්ඡා කළද, එම සාකච්ඡාවන් අසාර්ථක වී ඇත. එම හේතුව නිසා  වෛද්‍ය පීඨයේ පීඨාධිපති තනතුර ඇතුළු අනෙකුත් තනතුරැවලින් එහි ආචාර්යවරැ ඉල්ලා අස්වී ඇති අතර ගැටලු විසදනතෙක් ඉගැන්වීම් කටයුතු අකුරට සිදුකිරීමට තීරණය කොට ඇත.

රජරට විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරයා දිගින් දිගටම අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින්නේ  ආණ්ඩුවෙි උවමනාවන් සපුරාලීමටය. අධ්‍යාපනය විකිණීමෙි රජයේ ප්‍රතිපත්තිය සාර්ථක කිරීමට නම් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍යය කළ යුතුය. මෙකී  උපකුලපතිවරයා විසින්ම, රජරට විශ්වවිද්‍යලයීය මහා ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති සහ හිටපු සභාපති ඇතුළු සිසුන් 16 දෙනෙකුට මෙි මොහොත වනවිටත් පන්ති තහනම් ලබාදී ඇත්තේද  එම සිසුන්අධ්‍යාපනය විකිණීමට එරෙහිවීම නිසාවෙනි.

0 comments:

Post a Comment