Sunday, September 23, 2018

නවක වදය පසුගාමිත්වය හා මර්දනය

නවක වදය සම්බන්ධ විවිධ සාකච්ඡා නැවත වතාවක් සමාජය තුළ කතාබහට ලක්වෙමින් තිබේ. එම කතාබහ මතුපිටින් නිරීක්ෂණය කරන්නෙකුට පෙනෙනුයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වදය ඇරෙන්නට වෙන කිසිදු දෙයක් සිදු නොවන බවකි. එසේම විජේදාස රාජපක්ෂලා මේ ගැන කතා කරන්නේ කුමන පදනමක් යටතේද යන්න නිවැරදිව විග්‍රහ කරගැනීමට අසමත් වන්නේ නම් සිදුවන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයට ලක් කිරීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතියට උඩගෙඩි දීමකි.

නවක වදයේ ආරම්භය

RAG යන ඉංගීසි වචනයෙන් හැඳින්වෙන නවක වදයේ ආරම්භය සිදුවන්නේ මීට දශක ගණනාවකට පෙරය. RAG යන වචනයේ අදහස වන්නේ Royal Admission Game  යන්නය. එනම් බි්‍රතාන්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ  රාජකීය පවුල්වල පුද්ගලයින්ට වැරහිලි ඉරුණු රෙදි අන්දවා විහි`ඵ කිරීමේ ක්‍රියාවලියකි. එම ක්‍රියාවන්වල මූලික අරමුණ බවට පත්වූයේ රාජකීය පවුල්වලින් විශ්වවිද්‍යාලවලට පැමිණි පිරිස් අනෙක් පිරිස් සමඟ සමාන තත්වයකට පත්කිරීමත්ය. එහිදී ඉහත ක්‍රියාවන් තුළින් යම් විනෝදාස්වාදයක් ලැබුවද ප්‍රචණ්ඩත්වයට ඉඩකඩක් නොතිබිණ.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ වන්නේද බි්‍රතාන්‍ය ආභාෂයක් සහිතවය. 1921 කොළඹ යුනිවර්සිටි ආයතනය පිහිටුවන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිතවය. එක්දහස් නවසිය හතලිස් ගණන්වලදී පේරාදණිය විශ්වවිද්‍යාලය පිහිටුවන්නේ සර් අයිවර් ජෙනිංග්ස්ගේ මූලිකත්වයෙනි. සර් අයිවර් ජෙනිංග්ගේ අධ්‍යාපන පසුබිම සකස් වන්නේ බි්‍රතාන්‍ය ආභාෂයටමය. ඒ අනුව ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ආරම්භක මොහොතේ පටන් එයට බි්‍රතාන්‍ය විශ්වවිද්‍යාලවල ආභාෂය ලැබිණ. ඒ අනුව ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යවරුන්, සිසුන් හරහා බි්‍රතාන්‍ය විශ්වවිද්‍යාල තුළ පැවති rag යන්න මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් විය.

මුල් කාලීන ශිෂ්‍ය අරගල දෙස බැලීමේදී ඒ බව මනාව පැහැදිලි වේ. තමන්ට ලැබෙන බිත්තර භාගය බිත්තරයක් කරන ලෙසත්, රථ ගාලක් ඉල්ලාත් සිදුකළ අරගලයේ සටන් පාඨ තුළින් පැහැදිලි වන්නේ එම වකවානුවේ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වූ පිරිසෙහි පංති ස්භාවයයි. නමුත් 1947 නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමත් ඒ හරහා මධ්‍ය මහා විද්‍යාල බිහිවීම වැනි දේ හරහා අධ්‍යාපන අවස්ථා පු`ඵල් වීමට හේතුවක් විය. ස්වභාෂණ පනත පිළිබඳ විවේචන එකඟ නොවීම් තිබුණද එයින් ලංකාවේ අධ්‍යාපනයට සිදුවූ බලපෑම සඳහන් කරනුයේ ඒ හරහා විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වූ පිරිසෙහි සංයුතිය වෙනස් විය. ඒ අනුව මෙම කාල වකවානුවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබූ එංගලන්තයෙන් පැමිණි RAGGING   මෙරට සංස්කෘතියට අනුව වෙනස් විය. නැටුම් ගැයුම් වැනි දේ එකතු විය. අදටත් විශ්වවිද්‍යාලවල පවතින “ගොන් පාට්” කිරීම් එකතු වූයේ එලෙසිනි. විශ්වවිද්‍යාල තුළ විවිධ දාර්ශනික මතවාද සම්බන්ධ, කලාව, සංස්කෘතිය සම්බන්ධ සාකච්ඡා සේම නිර්මාණද එළිදැක්වුණ මධ්‍යස්ථාන බවට විශ්වවිද්‍යාල පත්විය. රථ ගාලක් ඉල්ලා අරගල කළ සිසුන් අධිරාජ්‍යවාදයට විරුද්ධව උද්ඝෝෂණය කරන තත්වයේ පු`ඵල් දේශපාලන කතාබහක් විශ්වවිද්‍යාල තුළ ඇතිවිය. ඊට වාමාංශික දේශපාලනයේ සේම ලෝක මට්ටමේ සිදුවූ දේශපාලන වෙනස්කම්ද දැඩි ලෙස බලපෑවේය.

මෙම වෙනස්කම්වලට සමගාමීව නවකවදය, rag තුළ තිබූ ලක්ෂණද වෙනස්වීම්වලට භාජනය විය. නමුත් මේ කාලවකවානුවේද ප්‍රචණ්ඩත්වයේ ලක්ෂණ වැඩි වශයෙන් දක්නට නොලැබිණ.

1977 පසු

1976 රෝහණ වීරසූරිය සහෝදරයාගේ ඝාතනය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය තුළ විශ්වවිද්‍යාලයන් තුළ සිදුවූ පළමු ශිෂ්‍ය ඝාතනයයි. නමුත් මෙම ඝාතනයට එරෙහිව නැගුණු විරෝධතාවලට එවකට ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයේ සිටි පිරිස් ප්‍රතිචාර දැක්වූයේ ආණ්ඩුව රකින ස්ථාවරයක සිටය. එයට හේතුව වූයේ සම සමාජ කොමියුනිස්ට් පක්ෂ එවක ආණ්ඩුවේ කොටස් කරුවන් වීමත් එම පක්ෂවලට සම්බන්ධ පිරිස් ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයේ සිටීමත්ය. නමුත් මෙම සිදුවීමත් සමඟම ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය අවස්ථාවාදී පැරණි වමේ ව්‍යාපාරයෙන් ගිලිහී ගියේය. එසේම ඉන්පසු බලයට පත්වූ පාලකයින් සිදුකළ ආර්ථික සහ දේශපාලනික වෙනස්කම් මෙරට සමාජය උඩුයටිකුරු කිරීමට සමත් විය. 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ සිදුවූයේ සියල්ල විකිණීම, බල්ලෝ මරලා හරි මුදල් හම්බකිරීම යන සංකල්පය ජනතාව තුළ තහවුරු කිරීමට කටයුතු කිරීමය. තනි පුද්ගලයෙකු අතට විශාල මුදලක් ලබා දෙමින් විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කරමින් ජේ.ආර් ජයවර්ධන ජනාධිපති පුටුවේ වාඩිවූයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකින් නොවේ. එතැන් පටන් සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අත්‍යවශ්‍ය විය. මේ හරහා සිදුවූයේ තව තවත් සමාජ අසහනය වැඩි වීමයි. 71,88/89 උතුරේ යුද්ධය යන සංසිද්ධිවලින් ප්‍රකාශ වන්නේද මෙකී ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයන්මය. අවම සමාජ සුභසාධනයන් පවා කප්පාදු වීමත්, එසේම විවිධ ජාතීන් ඉලක්ක කර සිදුවූ ප්‍රවණ්ඩත්වය මුදා හැරීමත් ඉහත සංසිද්ධි ඇති වීමට මූපබීජයන් සැපයීය. අවසානයේ සිදුවූයේ තුවක්කු අතින් නොගත්තද වසර ගණනාවක් යනතුරු මෙරට සමාජය යුධ මානසිකත්වයෙන් පැවතීමයි. එය අද මේ මොහොත වනතුරුත් විටින් විට මතු වෙමින් පවතින අයුරු අපට ඕනෑ තරම් දැකගත හැකිය.

මහා සංස්කෘතිය සහ උප සංස්කෘතිය

ඉහත ආර්ථික දේශපාලන තලයේ වෙනස්කම් සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාව ගොඩනැගීමට අත්‍යවශ්‍යය. ඊට හේතුව වන්නේ කිසිදු උප සංස්කෘතියක් මහා සංස්කෘතියෙන් වියුක්තව නොපවතින නිසාය. එම නිසා මෙම මහා සමාජයේ සිදුවූ වෙනස්කම් වල ප්‍රකාශයන් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළද විවිධ ස්වරූපයන්ගෙන් ඉස්මතු විය.

1977 පසු සිදුවූ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හරහා සමාජයේ බොහෝ සේ විකෘතීන් බවට පත්විය. ආදරය පැතූ යුවතියගේ අනුමැතිය නොලැබුණු තැන පිහියෙන් ඇන මරා දැමීමේ සිදුවීම්, පාසල්වල ඊෂඨ ඵ්ඔක්‍්‍ය කාල සීමාවල කාන්තා පාසල්වලට කඩා වැදීම්, ප්‍රේම සබඳතා මූලික කරගනිමින් පාසල් පාසල් තුළ ඇතිවන ගැටීම්, පියා තම දියණිය දූෂණය කිරීම් හා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැනි ක්‍රියාවන් දිනෙන් දින වැඩිපුර වාර්තා වන්නට විය.

සාමූහිකත්වය පිළිබඳ හැඟීම වෙනුවට කේවල පෞරුෂයක් ගොඩනැගීම මෙම ආර්ථිකය පවත්වා ගැනීමට අත්‍යවශ්‍යය. අධ්‍යාපන ක්‍රමය තුළත්, ධනාත්මක චින්තනය වැනි සංකල්ප හරහාත් සෑම විටම උත්සහ කෙරෙනුයේ මෙම තනි පුද්ගල චරිතය ගොඩනැගීමය. ඒ නිසා බොහෝ දෙනෙකු තමන් පොරක් යැයි පෙන්වීමට දක්වන ප්‍රවණතාව පුදුමයක් නොවේ. මෙකී වෙනස්කම් මහා සංස්කෘතිය හරහා නිරන්තරයෙන් විශ්වවිද්‍යාලය තුළ පසුගාමීත්වයක් වර්ධනය කිරීමට බලපෑය.

නමුත් මෙහිදීද අප අවධාරණයට ගතයුතු කාරණයක් ඇත. ඉහත කාරණා සියල්ල සලකා බැලීමේදී උප සංස්කෘතිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළයුතු යැයි සිතෙන්නට පු`ඵවන. නමුත් බොහෝ සංස්කෘතික ලක්ෂණවල දෙපැත්තක් තිබේ. උදා: වශයෙන් ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වූ පසු වැඩිහිටි කාන්තාවන් සමඟ එකතුව අත්දැකීම් බෙදාගැනීම, වැඩිවියට පත්වීමෙන් පසු සිදුවන වෙනස්කම් පිළිබඳ සාකච්ඡා කිරීම සිදුකළ යුත්තකි. නමුත් කිසිදු තර්කානුකූල කරුණක් නොමැතිව වැඩිවියට පත් දරුවකු නැකතක් උදාවනතුරු කිසිවෙකුගේ ඇස නොගැටෙන පරිදි කාමරයක වසා දැමීම පිළිගත හැකි නොවේ.

විවාහයකදී සතුට සමරීම, විවාහ පත් යුවලට සහයෝගය දැක්වීමට එකතු වීම හොඳ දෙයකි. නමුත් කිසිම ජීව විද්‍යාත්මක පදනමක් හෝ නොමැතිව කාන්තාවන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම එකී සංස්කෘතියේම පවතින පසුගාමීත්වයකි. එසේ නම් ඉහත සංස්කෘතික කාරණා තුළ පවතින පසුගාමීත්වයන් හේතුවෙන් සම්පූර්ණ සංස්කෘතියම ප්‍රතික්ෂේප කළ යුතු නොවේ. නමුත් ඇතැම් සංස්කෘතික කාරණා සම්බන්ධයෙන් මෙම අදහස දරණ අය නවක වදය සම්බන්ධයෙන් එම ස්ථාවරය දැරීමට සූදානම් නැත.

නවක වදය හා මර්දනය

වර්තමානය වනවිට නවක වදය පිළිබදව ශිෂ්‍ය ව්‍යාපාරය ඊට සම්බන්ධ කිරීමක් යන කාරණා දෙකම බරපතල ලෙස කතාබහට ලක් කෙරෙමින් පවතී. ඊට පැහැදිලි දේශපාලන හේතුවක් ඇත. පසුගිය දශක හතරකට අධික කාලයක් මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය අනවරන අරගලයක නිරත විය. මෙරට කම්කරු ව්‍යාපාරයට වැටුප් අරගලයක් හෝ අඛණ්ඩ ඉදිරියට ගෙනයෑමට නොහැකි විය. අරගලයක් හෝ ගොවි ව්‍යාපාරයක් බිහිවූයේ නැත. වෙනත් අගලයක් වෙනුවෙන් අරගල කළ බහුජන ව්‍යාපාරයක් ගොඩනැගුණේ නැත. නමුත් එවැනි තත්වයන් තුළ වසර ගණනාවක් සමාජයට ජයග්‍රහණ ගෙන දෙන්න ශිෂ්‍ය ව්‍යාපාරයට හැකිවිය. සයිටම් අරගලය වෙනුවෙන් වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන් එක් කේන්ද්‍රයකට ගෙනආවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙනි. එම නිසාම ශිෂ්‍ය ව්‍යාපාරයට සමාජයට නායකත්වය දීමේ භූමිකාවක් ගොඩනැගීම වැළැක්විය නොහැකිය. නමුත් එම නිසාම ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය තලා දැමීමය. මර්දනය කිරීමය. එස්.බී දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, වත්මන් විජේදාස රාජපක්ෂද දිගින් දිගටම සිදුකරන ප්‍රකාශ හරහා පිළිඹිබු වන්නේ එයයි.

අපි නවක වදයට එකඟද?

ඉහත කාරණා සියල්ල ඉදිරිපත් කිරීමේදී ශිෂ්‍ය ව්‍යාපාරය නවක වදයට එකඟ වීමක් හෝ එය පවත්වාගෙන යන බවටත් අයෙකුට තර්ක කළ හැකිය.
නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ පවතින පසුගාමී සංස්කෘතික ලක්ෂණ, පරාජයට පත්කිරීමට නායකත්වය සැපයිය යුතුය.
1997 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වරප්‍රකාශ් සහ 1998 අම්පාර හාඩි ආයතනයේ සහෝදරයෙකු මරණයට පත්වීමත් සමඟ නවක වදය නැවැත්වීමටත්, පසුගාමිත්වය පරාජයට පත්කිරීමට අදාළවත් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස විශ්වවිද්‍යාල තුළ පු`ඵල් කතිකාවතක් නිර්මාණය කිරීමට කටයුතු කෙරිණ. ඒ හරහා මෙම සංස්කෘතික පසුගාමිත්වයට එරෙහිව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරිණ. නවක නම්නීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කෙරිණ. පළමු වසර කණ්ඩායම් විශ්වවිද්‍යාල තුළට ඇතුළත් වූ පසු ඔවුනොවුන් හඳුනාගැනීමට සේම විශ්වවිද්‍යාලයේ අනෙකුත් කණ්ඩායම් අතර හඳුනාගැනීම් සිදුකිරීමටත් අවස්ථා තිබිය යුතුය. නමුත් බොහෝ විට දැන් සිදුවන්නේ පළමු වසර කණ්ඩායමක් ඇතුළත් කරගන්නේ දෙවන වසරට විශ්වවිද්‍යාලය තහනම් කරමින. නැතිනම් පළමු වසර නේවාසිකාගාරවලට යෑම, ඔවුන් සමඟ කතාබහ කිරීම පවා පන්ති තහනම් කිරීමට හේතුවක් බවට පත්ව ඇත. ඇතැම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කෙළින්ම නවතා දැමීමට කටයුතු කළ අවස්ථා ඕනෑ තරම්ය.

මෑතම උදාහරණ කිහිපයක් වන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සහෝදරත්වයට නාට්‍ය වැඩමු`ඵවක් පැවැත්වමින් තිබියදී එම ස්ථානයට කඩා වැදුණු විද්‍යා පීඨ පීඨාධිපතිවරයා එය නතර කර දැමීමට කටයුතු කළේ එහි සිටි සිසුන්ට තර්ජනය කරමිනි. රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුන්ගේ නේවාසිකාගාරවල රාත්‍රී 8න් පසු නම් ලකුණු කිරීමට කටයුතු කරනු ලබන්නේ පාසල් තුළවත් සිදු නොකරන අයුරිනි. කලා උළෙල, දේශපාලන සංවාද, සාකච්ඡා පැවැත්වීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය. මේ සියලු කාරණා සැලකිල්ලට නොගෙන නවක වදය යන පසුගාමිත්වය පිළිබද කතා කිරීම කළ නොහැක්කකි.

වෙනස් කිරීම හා විවේචන

ඉහත සියලු තර්ක තිබියදී විශ්වවිද්‍යාල තුළ තිබෙන සංස්කෘතිමය ලෙස පසුගාමී තත්වයන් ගණනාවක් ඇත. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ඒවා හඳුනා ගැනීමත් ඒවාට එරෙහිව අරගලයක් අත්‍යවශ්‍යය. විශ්වවිද්‍යාල තුළ පුද්ගලයන්ගේ ඇඳුම සම්බන්ධයෙන් පවතින කාරණා ඉතා පසුගාමීය. එවා ඉතා පීඩාකාරී, හිංසාකාරී උප සංස්කෘතික කාරණාය. මේවා ශිෂ්‍යයන් තුළ සේම ඇතැම් විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පරිපාලන මඟින්ද පවත්වාගෙන යනු ලබන ඒවාය. උදාහරණයක් ලෙස ගතහොත් ඇතැම් විෂයන් දෙපාර්තමේන්තු වල නිශ්චිත ඇඳුමක් ඇදිය යුතුය. නැතිනම් ආචාර්යවරුන් හමුවීම, දේශනවලට සහභාගී වීම පවා සහභාගි විය නොහැකිය. රුවුල කොණ්ඩය කපා නොමැති නම් ඇතැම් පාඨමාලාවලට ආචාරයවරුන් එම සිසුන්ට දේශනවලට සහභාගී වීමට අවස්ථාව ලබානොදූ අවස්ථා බොහෝඇත.

මේවා වෙනස් කළ යුතුය. වෙනස් විය යුතුය. එය සිදුවිය යුත්තේ මෙකී උප සංස්කෘති තුළ පවතින ගුණාත්මක ලක්ෂන තව තවත් ගුණාත්මකව සංවර්ධනය කිරීමටත් පසුගාමිත්වය පරාජයට පත් කිරීමත් යන කාරණා දෙකම අවධාරණයට ගනිමිනි.
මන්ද නවක වදයට එරෙහි වන ලිබරල්වාදීගේ තර්කය වන්නේ ඕනෑම කෙනෙකුට ඔින දෙයක් කිරීමට නිදහස ඇති තනි පුද්ගල නිදහස තහවුරු කිරීමේ අර්තයෙනි. අනෙකා කෙරෙහි හෝ සමාජය කෙරෙහි හෝ කිසිදු වගකීමක් නැති තනි පුද්ගල නිදහස ගොඩනැගිය යුතුය යන්න ඔවුන්ගේ තර්කයයි. පාසල් තුළ මුදල් අය කිරීමට එරෙහි උද්ඝෝෂණ කෙරෙද්දී පාගමන් යද්දී පාර අවහර වූවා යැයි කියමින් බැණ වදින්නේ තම දරුවා ඉතා අපහසුවෙන් මුදල් ගෙවා පෞද්ගලික පාසල්වලට යවන මෙකී ලිබරල්වාදීන්ය. අප නවක වදයට එරෙහි වන්නේ එවැනි පදනමකින් නොවේ. විශ්වවිද්‍යාල තුළ තිබෙන සාමූහික ක්‍රියාවලියේ පවතින ගුණාත්මක ලක්ෂණ එලෙසෙම තිබියදී වඩා දියුණු සංස්කෘතික අංග සහිත විකල්ප වැඩපිළිවෙලක් අවශ්‍ය බව අප මතුකරන කාරණයයි.
ශිෂ්‍ය ව්‍යාපාරය තුළ පවතින සාමූහිකත්වය සටන්කාමීත්වය හරහා අරගල තුළින් සමාජයට අත්කර දුන් ජයග්‍රහණ බොහෝය. ජාතිවාදී කලබල වලින් රටම ලේ විලක් වෙද්දී විශ්වවිද්‍යාලවල සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරවරු එකිනෙකා ආරක්ෂා කරමින් ඊට මැදිහත් වූයේ ජාති ආගම් භේදවලින් තොරව අරගල කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. වෛද්‍ය සිසුන් සම්බන්ධයෙන්  සමාජයේ ගොඩනගා තිබූ මතවාදය වූයේ වෙනත් කිසිදු ගැටපුවකට මැදිහත් නොවන කොටසක් ලෙසයි. නමුත් පසුගිය සයිටම් අරගලය තුළ ඔවුන් සමඟ එවැනි ගැට`ඵ විවෘතව සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවීම තුළ වෙනස්කම් සිදුකිරීමට සාකච්ඡාවක් ගොඩනැඟිණ. යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 02කු වෙඩිතබා ඝාතනය කළ අවස්ථාවේ විශ්වවිද්‍යාල සියල්ලේම උද්ඝෝෂණ කෙරිණි. මීතොටමුල්ල, පෝර්ට් සිටි, දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව ඇතුල් සමාජ ගැටලු වෙනුවෙන් මැදිහත් වන ප්‍රජාවක් නිර්මාණය වනුයේ මෙකී උපසංස්කෘතියේ සාධනීය ලක්ෂණ හේතුවෙනි.

විවේචන

බොහෝ දෙනෙකු සිතන්නේ  පිටින් විිට කරන විවේචන වලින් මෙම නවක වදය නවතාලිය හැකි බවයි. නමුත් එය එසේ නොවන බවට වන උදාහරණ ඕනෑ තරම්ය. මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුම් සම්බන්ධයෙන් එම ප්‍රජාවෙන්      බොහෝ දෙනෙකු විවේචනය කරයි. නමුත් එය මුස්ලිම් ප්‍රජාව තුළ ලක්ෂණයක එය සම්බන්ධ විවේචන හෝ නොඑකඟතා තිබිය හැකිය. නමුත් එම පසුගාමිත්වය පරාජයට පක් කිරීම සඳහා එම ප්‍රජාව තුළින්ම ගොඩනැගෙන සාකච්ඡාවක්, කතිකාවතක් අත්‍යවශ්‍යයි. ඊට අදාළ නායකත්ව භූමිකාවක් , මුස්ලිම් ප්‍රජාව තුළ සිටින ප්‍රගතශීලින් සමඟ කෙරෙන කතිකාවතක් අවශ්‍ය බව පැහැදිලිය. එසේ නෙකර විටින් විට සිදුකරන  විවේචන හරහා සිදුවන්නේ සංස්කෘතියට එල්ල වූ අභියෝගයක් ලෙෂ සලකාතවදුරටත් පසුගාමී බව පෝෂණය වීමයි.

එසේම විශ්වවිද්‍යාල තුළ නවක වදයට එරෙහිව විවේචන සිදුකරන ඇතැමුන් සිදුකරන්නේ නවක වද විරෝධය කේන්ද්‍ර කරගනිමින් දේශපාලන කිරීමයි. විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ පවතින ගැටලු හෝ අනෙක් පාර්ශවයන්ගේ පසුගාමීන් පිලිගැනීමට ඔවුන් සූදානම් නැත.බොහෝ දෙනෙකු චෝදනා කරන පරිදි ශිෂ්‍ය ව්‍යාපරය හා දෙශපාලන පක්ෂ නවක වදය පවත්වාගෙන යනු ලබන්නේ. නමුත් ප්‍රචණ්ඩත්වය, හිංසනය, බලහත්කාරය පාවිච්චි කර පුද්ගලයකු යම් දේශපාලන ක්‍රියාකාරීත්වයකට ගොනු කල හැක්කේ තාවකාලිකවය. එය අඛණ්ඩව සිදු කල නොහැක. කෙනෙකු අඛණ්ඩ දේශපාලන ක්‍රියාකාරීත්වයකට සම්බන්ධ කල හැක්කේ අදාල දේශපාලන මතවාදය ඔවුන්ට අවබෝධ කරවීමෙන් පමණි.

එම නිසා විශ්වවිද්‍යාල තුල පවතින සංස්කෘතික පසුගාමීත්වය පරාජයට පත් කල යුතුය. එය කල යුතුව ඇත්තේ පවතින ගුණාත්මක සංස්කෘතික ලක්ෂණ ද අතු ගා දමා නොව ඒවා තව සංවර්ධන කරම්න් පසුගාමීත්වය පරාජයට පත් කිරීම සඳහා වන විකල්ප වැඩපිලිවෙලක් හරහා පමණි.

0 comments:

Post a Comment