Monday, September 24, 2018

මස් කෙළිය රෝහල රැකගැනීමට ජනතා දැනුවත් කිරීමක්....


නුවරඑළිය - මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ රෝගී සත්කාරයේ විවිධ ගැටලු මතුවීම සම්බන්ධව හා රෝහලේ දෛනික කටයුතු පවා පවත්වාගෙන යාමේ අපහසුතා පිළිබඳව පසුගියදා මාධ්‍ය වලින් වාර්තා විය.  ප්‍රදේශවාසීන් ඊට අදාලව උද්ඝෝෂණයක් පවා සිදුකර තිබූණි. අද දින ථ23රැ09රැ2018ෆ වෛද්‍ය, හෙද, මහජන සෞඛ්‍යය පරීක්ෂක, කනිශ්ට කාර්යය මන්ඩල ආදී සෞඛ්‍යය සේවකයින්ද ඇතුලත් 14දෙනෙකුගෙන් යුතු නිදහස් සෞඛ්‍යය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ සාමාජිකයින් කන්ඩායමක් ප්‍රදේශවාසීන් හමුවීමේ වැඩසටහනක් දියත්කරන ලදී.















නල්ලතන්නිය, මරේ වත්ත, වාලමලේ වත්ත, සීතගගුලගම,ලක්ශපාන වත්ත ආදී ප්‍රදේශ කිහිපයක වතුකම්කරුවන්, සුලු ව්‍යාපාරිකයන් හා විවිධ රැකියාවල නියුතු පිරිසක් සමග අදහස් හුවමාරු කරගන්නා ලදී. එහිදී සියල්ලෝම පාහේ මස්කෙළිය රෝහලේ අඩුපහසුකම් තත්ත්වයෙන් විඳින පීඩාවෙන් හෙම්බත්ව කෝපය මුසු කලකිරීමකින් අදහස් දැක්වීය.

1. අවම වශයෙන් තවත් වෛද්‍යවරු දෙදෙනෙකුවත් සේවයේ යෙදවීම.

 2.සතියකට එක් දිනක්වත් විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය ලබාදීම.

 3.X-RAY  පරීක්ෂණ පහසුකම් ලබාදීම.

 4.රසායනාගාර පරීක්ෂණ පහසුකම් ලබාදීම.

 5.අනෙකුත් කාර්යය මන්ඩල ප්‍රමාණවත් පරිදි සේවයේ යෙදවීම.

 6. අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසදුම් ලබාදීම.

 7.වසර 5ක් තිස්සේ අක්‍රියවී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා කරදීම.

8.නේවාසික රෝගී සත්කාර සේවා විදිමත් කිරීම.

 9.කාර්‍ය්යක්ශම ගිලන්රත සේවයක් ලබාදීම.

 10. පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා නාවලපිටිය රෝහලට යෑමට සිදුමෙන් ඇති වන අපහසුතාවයන්ට පිලියම් යෙදීම.

 11. ගැබිනි වාට්ටුව විදිමත් කර දරු ප්‍රසූති පහසුකම් යලි ස්තාපිත කිරීම.

 ආදී ඉතාමත් සාධාරණ ඉල්ලීම් ගණනාවක් ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කරනු ලැබිණි තමන් කොපමණ දුර බැහැර ප්‍රදේශයක ජීවත් වූවත්, කොපමණ ආර්තික අගහිඟකම් වලින් පීඩා වින්දත් තමන්ටද ජීවත්වීමට ඇති අයිතිය බලධාරීන් විසින් පිලිගෙන මෙම ගැටලු ඉක්මනින් නිරාකරණය කරදිය යුතු බව ඔවුන් විසින් අවධාරණය කරන ලදී. මෙම ගැටලුවලට ඉක්මන් විසදුම් නොලැබුනොත් නිදහස් සෞඛ්‍යය සඳහා ජනතා ව්‍යාපාරය මස්කෙළිය ජනතාවගේ සෞඛ්‍යය අයිතිය දිනා ගැනීම සඳහා ජයග්‍රහණයෙන් පමනක් අවසන් සටනක් ආරම්භ කරන බව එම ව්‍යාපාරය පවසයි





0 comments:

Post a Comment