2018-01-31 වන දින රාත්‍රී
12'00 ට පමණ රජරට විශ්වවිද්‍යාලයීය විනය පාලකවරය, තවත් විනයාරක්ශක
නිළදාරීන් කිහිප දෙනෙකු සමග විශ්වවිද්‍යාලයීය පිරිමි නේවාසිකාගාර තුලට කඩා පැණ එම
සිසුන්ට තර්ජනය කරමින් නේවාසිකාගාරය තු< යම් නොසන්සුන්තාවයක්
ඇති කරන ලදී.
පසුව
එම සිද්ධිය මුල් කරගනිමින් සිසුන් 12 දෙනෙකුට
එරෙහිව විනය පරීක්ෂණ කැදවන ලද අතර එය දඩමීමා කර ගනිමින් මහා ශිෂ්‍ය සංගමයේ වර්තමාන
සභාපති ප්‍රදීප් ප්‍රේමලාල් සහෝදරයා, හිටපු සභාපති ලහිරු
සංජීව සහෝදරයා, කළමණාකරන අධ්‍යයන පීඨයේ භාන්ඩාගාරික සහෝදරයා, සමාජ විද්‍යා හා මානව
ශාස්ත්‍ර පීඨයේ භාණ්ඩාගාරික සහෝදරයා ඇතුලු සහෝදරයින් 12 දෙනෙකුට එරෙහිව වසර 1ක හමාර බැගින් වූ පන්ති තහනම් 10ක් ද, වසර 2බැගින් වූ පන්ති තහනම් 2ක් ද වශයෙන් වූ අසාධාරණ පන්ති තහනම් ලබාදීමට විශ්වවිද්‍යාලයීය පරිපාලනය
කටයුතු කරන ලදී.
විශ්වවිද්‍යාලය තුල ක්‍රමවත් පරිදි අධ්‍යයන
කටයුතු සිදු කරගැනීමට ප්‍රමාණ්වත් ආචාර්‍ය මහාචාර්‍යවරු නොමැති අවස්තාවකදී, ප්‍රමාණවත්
දේශන ශාලා නොමැති අවස්තාවකදී පානීය ජලය නොමැති වීම හේතුවෙන් මාසයකට අධික කාලයක්
විශ්වවිද්‍යාලය වසාදමා ඇති තත්වයකදී හා තවත් එවැනි අධ්‍යයන හා සුබසාදන ගැටලු
රාශියක් පවතින අවස්තාවකදී එම ගැටලු සදහා අවධානය යොමු නොකරන විශ්වවිද්‍යාලයීය
පරිපාලනය වෙනත් කුමක් හෝ සිද්ධියකදී ප්‍රධාන ශිෂ්‍ය නායකයින් ඉලක්ක කර පන්ති තහනම්
හෝ වෙනත් මර්ධනකාරී ක්‍රියා සිදු කිරීම මගින් පෙනී යන්නේ රටේ වර්තමාන පාලනතන්ත්‍රයට
රටේ විශාලතම සටන් කරන බලවේගය වන ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට ඇති දැඩි අවශ්‍යතාවයයි.
එමෙන්ම මෙම පන්ති තහනම් සම්බන්දව ක්‍රියා
කිරීමට අදාලව අභියාචනා මණ්ඩල රැස් කරන ලෙස මහා ශිෂ්‍ය සංගමය ලෙස අවස්තා කීපයකදීම
ඉල්ලා සිටියද ඒවාට ප්‍රතිචාර නොදැක්වීම මගින් මෙම පන්ති තහනම් වල අසාධාරණ බව වඩාත්
තීව්‍ර කරයි.

2' රජරට සරසවියේ සියලු අධ්‍යයන හා සුබසාදන ගැටලු
වහා විසදනු
3' තාක්ෂණ පීඨයේ ඉදිකිරීම් කඩිනම් කරනු

සිදු කරන ලදී''''
0 comments:
Post a Comment