අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ආරම්භ වන්නේ 2016 දෙසැම්බර් 04 දින ප‍්‍රථමයෙන්ම ආරම්භ වන තාක්ෂණ පීඨය ආරම්භයේ පටන් එහි අධ්‍යයන සුබසාධන ගැටලූ විශාල ප්‍රමාණයක් විය.
තාක්ෂණ විෂය, පාසල් විෂය මාලාවේ උසස් පෙළ අධ්‍යයන කටයුතු අරම්භ වන්නේ 2013 වර්ෂයේදීය. එම විෂය සම්බනධ්යෙන් සාකච්ඡාව ඊට පෙර සිටම ආරම්භ වූවකි. නමුත් මේ මොහොත වන තෙක් තාක්ෂණ විෂය සඳහා විශ්වවිද්‍යාලයේ විෂය නර්දේශයක් නිර්මාණය කර නැත. තාක්ෂණ පීඨ ආරම්භ වු ජපුර, කැලණිය, රුහුණ, රජරට, යාපනය, වයඹ, අග්නිදිග යන විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ විෂය නිර්දේශයන් එකිනෙකට වෙනස්ය. ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි ආචාර්යවරුන්ගේ හැකියාව අනුව පාඨමාලාවන් තීරණය වී ඇත.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ දැඩි ආචාර්ය හි`ගයක් පවතින අතර අනෙක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුපට වඩා දුෂ්කර දීමනා ගෙවන බව රජය කීවද ආචාර්යවරු ප‍්‍රමාණවත් නැත. සිටින ආචාර්යවරුන්ගෙන් බහුතරය ද ආචාර්යවරුන් වශයෙන් කටයුතු කළ පළපුරුද්දක් හෝ සුදුසුකම් නැත. තාක්ෂණ පීඨයේ පීඨාධිපති වරයා කිසිදු දිනක ශිෂ්‍යයන්ගේ දේශන සඳහා සම්බනධ් වී නැත.

ප‍්‍රමාණවත් තරම් නේවාසිකාගාර පහසුකම් තාක්ෂණ පීඨයට නොමැති අතර රැදි සිටිය හැකි ප‍්‍රමාණයටත් වඩා පිරිසක් කාමර තුළ ගාල් කර ඇත. තාක්ෂණ පීඨයට ආදාලව ආපන ශාලවක් නැත.
තාක්ෂණ පීඨයේ විශාල අධ්‍යයන සුබසාධන ගැටළු ප‍්‍රමාණයක් නිර්මාණය වී තිබුණද ඒවාට එකඳු විසඳුමක් ලබා දීමට මැදිහත් වනවා වෙනුවට ශිෂ්‍යයන් සංවිධානය වීම වැලැක්වීමට පරිපාලනය කුමන්ත‍්‍රණ පමණක් දියත් කළේය.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මධ්‍යස්ථානයක් නොමැති අතර කලා පීඨය, කළමනාකාරණ හා වාණිජ පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ඉස්ලාම් දර්ශනය හා අරාබි භාෂා පීඨය, තාක්ෂණ පීඨය යන පීඨ එකතු වීම වැලැක්වීමට පරිපාලනය විවිධ උපක‍්‍රමයන දියත් කරයි. යටත් විජිත සමයේ අධිරාජ්‍යවාදි පාලකයන් කළ බෙදා පාලනය කිරීමේ ප‍්‍රතිපත්තිය අග්නිදිග විශ්වවිද්‍යාල පරිපාලනයේ පාලන උපක‍්‍රමය බවට පත් වී ඇත. සිංහල, දෙමල. මුස්ලිම් සිසුන් අතර බෙදීමක් ඇති කිරීමට ජාතිවාදිය වැපිරීමට කටයුතු කරන අතර සිසුන් අතර ඇති අනෝන්‍ය විස්වාසය මත පරිපාලනය විසින් නිර්මාණය කළ ගැටුම් නිරාකරණය කර ගැනීමට හැකියාවක් ලැබි ඇත.
තාක්ෂණ පීඨය ආරම්භ වු පසු අනෙක් කිසිදු පීඨයක සිසුන් සම`ග සම්බනධ්තා පැවැත්වීම තහනම් කළ අතර ක‍්‍රිඩා පිටියේ පුහණු වීම් සඳහා සම්බනධ් වීම සපුරා තහනම් කරන ලදි.
තාක්ෂණ පීඨ සිසුන්ගේ ඉල්ලීම මත උපකුලපති, පීඨාධිපති ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් ගත් රැස්වීමකදි තාක්ෂණ පීඨයේ අධ්‍යයන සුබසාධන ගැටළු හා නිදහස සම්බන්ධයෙන් සිසුන් ප‍්‍රශ්න කළ අතර එම කිසිදු ප‍්‍රශ්නයකට පරපාලනය උත්තර දීම ප‍්‍රතික්ශේප කළා පමණක් නොව ප‍්‍රශ්න කළ සිසුන්ගේ ඡායාරූප හා විඩියෝ ගත කිරීමට කටයුතු කළහ.
පසුව එම සිසුන්ගේ දෙමාපියන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් උපකුලපතිතුමා තර්ජනය කිරීම හා සිසුන් සම්බනධ්යෙන් බොරු චෝදනාවන් එළ්ළ කර ඇත.


තාක්ෂණ පීඨයේ දෙවන කණ්ඩායම විශ්වවිද්‍යාලයට පැමිණි පසු ඔවුන්ට අනෙක් ශිෂ්‍යයන් හා සම්බන්ධ වීම තහනම් කළේය. ඒ වෙනුවෙන් පසුගිය වසරේ දෙවන අර්ධ වාර්ෂිකයේ තිබු ප‍්‍රයෝගික පුහුණු වැඩසටහන එම සිසුන්ට ප‍්‍රථම අර්ධ වාර්ෂිකයට දමා විකාරයක් ඇති කරමින් සිසුන් දේශන ශාලාවදි හමුවීමට ඇති අවස්ථාවන් ද අහිමි කළෙය.

2018-07-16 දින නේවාසිකාගාරයට විනයාරක්ෂක, ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශක ඇතුළු පිරිසක් කඩා වදින්නේ පොළු මුගුරු අත ඇතිවය. ඔවුන්ගේ අපේක්ෂාව 2018-07-18 කොළඹ සංවිධානය කළ විරෝධතාවය කඩාකප්පල් කිරීම බව සැකයක් නැත. බොරු චෝදනා කර පන්ති තහනම් කළ සිසුන්ට පහර දී විශ්වවිද්‍යාලයෙන් නෙරපීමට හා අනෙක් ශිෂ්‍යයන් භිතීයට පත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වුවත් පන්ති තහනම් කළ කිසිදු සිසුවෙකු ඒ මොහොතේ නේවාසිකගාරයෙ සිටියේ නැත. ඒ හෙයින් ඔවුන් ශිෂ්‍යයට තර්ජනය කළත් පහර දීමට හේතුවක් නොතිබුණි.
එතනින් නොනැවතුන පරිපාලනය ජුනි 18 විරෝධතාවය කඩා කප්පල් කිරීමට කාන්තා ශිෂ්‍ය නේවාසිකාගර වල ඉබි යතුරු දමා ශිෂ්‍යාවන්ට තර්ජනය කරමට කටුයතු කළේය. එමෙන්ම ප‍්‍රථම වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන්ට තර්ජනය කිරීමට හා තම දරුවන් විරෝධතාවලට සම්බන්ධ වීමට කටයුතු නොකරන ලෙස බලකිරීමට කටයුතු කර ඇත.
මේ මොහොත වන විට තාක්ෂණ පීඨයේ සිසුන්ට කිසිවෙකු සමග කතා කිරීම තහනම් කළ අතර ඔවුන් නේවාසිකාගරයේ සිට දේශන ශාලාවට යන විට පවා විනයාරක්ෂක සහ පරිපාලන මැරයන් ඔවුන් පිටුපසින් ගමන් කරයි.
මේ මොහොත වන විට සිසුන් කොළඹ ලෝටස් වට රවුමේ කඳවුරු බැඳ කරන අරගලය ඉදිරියට ශක්තිමත් කර ඇත. එමෙන්ම රට වටා සංඛේත සත්‍යග්‍රහ පවත්වමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරයි.සැප්තැම්බර් 28 දිනටඅඛණ්ඩ පන්ති වර්ජනයටදින 300 කි.
නගර ශාලා වට රවුම අසල සත්‍යග්‍රහයට දින 72 කි.
0 comments:
Post a Comment