Thursday, September 6, 2018

බොදු පාලියේ අධ්‍යයන හා සුභ සාධන ගැටලු විසඳන්නැයි, සිසුන් විරෝධතාවයේ...



ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මඟින් * බොදු පාලි සරසවියේ සියලු අධ්‍යයන හා සුභසාධන ගැටළු වහා විසඳනු..! *සමාජයීය විද්‍යා පීඨයක් ස්ථාපිත කරනු..! *බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බඳවා ගැනීම් දෙගුණ කරනු..! *නව නේවාසිකාගාරක් ඉදි කරනු..! යන සටන් පාඨ මූලික කරගනිමින් අද උදෑසන විශ්වවිද්‍යාල පරිපාලනය ඉදිරිපිට දී හා පිටිපන නගරයේ දී විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදී.. වසර 11 ට පෙර යෝජනා වු සමාජයීය විද්‍යාපීඨය මෙතෙක් ඉදි කිරීමට පාලකයන් කටයුතු කොට නොමැත. උසස් අධ්‍යාපන ඇමතිවරැ ගණනාවක්ම එකී පීඨය ඉදිකරන බවට පොරොන්දු වුවද, එය මෙි වන තෙක් ක්‍රියාත්මක කොට නැති බව මහා ශිෂ්‍ය සංගමය පවසයි.. එමෙන්ම එම සරසවියේ බදවාගැනීම් ඉහළ දමක බවට පරිපාලන එතඟ වුවද, මෙවර කර ඇත්තේ බඳවාගැනීම් අඩු කිරීමයි. තවද ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් වන තරම් නේවාසිකාගාර නොමැති බවද මෙහිදි ප්‍රකාශ කරන ලදී.. පූර්ව ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී, එකී අයිතීන් වෙනුවෙන් සටන් කරන බවද මෙහිදි ප්‍රකාශ කරන ලදී.

0 comments:

Post a Comment