Thursday, September 6, 2018

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට, වත්මන් ආණ්ඩුවෙන් ආරක්ෂාව.

ජන බලය කොළඹට නමින් ඊයේ දිනයේදී ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වු විරෝධතා පාගමනට රනිල්- මෛත‍්‍රී හවුල් ආණ්ඩුව විසින් පොලිසිය සහ විශේෂ කාර්යය බලකාය යොදවා විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලදී. පසුගිය කාලයට අදාලව තම අයිතීවාසිකම් ඉල්ලා පොදු ජනතාව සහ ශිෂ්‍යයෝ පාරට එනවිට, ආණ්ඩුව කලේ තම මර්දන උපකරණ වූ උසාවිය හා පොලිසිය යොදා⁣⁣න ඒවා මැඩපැවැත්වීමයි.

මහජන සාමය කඩකිරීම, පොදු දේපල වලට හානි කිරීම වැනි කාරණා ඉදිරියට දමා, උසාවි නියෝග ලබා ගන්නා ලදී.. ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වලට එරෙහි විරෝධතා ආණ්ඩුව විසින්ම මර්දනය කරන ලදී. ඒ සඳහා නීතිය අමු අමුවෙි ගණිකා වෘත්තියේ යොදන ලදී..  අධිකරණ නියෝග ඉල්ලූ සැණින් පොලිසියට ඒවා ලැබිණි. එකී විරෝධතා ආරම්භ වනවිට, මාර්ග බාධක යොදා පාරවල් වසා දමන ලදී.. විරෝධතා පැවැත්වු පසු නඩු දමා උසාවි වලට කැඳවන ලදී.. නීතිය අංශක 90 ට නමන ලදී.

අප මෙහිදි තේරුම් ගත යුත්තේ කුමක්ද? ධනේශ්වර නීතිය වනාහි  පංති ස්ථරවලට අදාලව ක‍්‍රියාත්මක වනබව නොවෙිද? රාජපක්ෂලාගේ විරෝධය හුදු ආණ්ඩු විරෝධි එකකි. එහිදි ආණ්ඩු ක‍්‍රියාත්මක කරන නව ලිබරල් ධනවාදී ප‍්‍රතිපත්ති ප‍්‍රශ්න කෙරෙන්නේ නැත. එනිසා ආණ්ඩුව නීතිය පාවිච්චි කොට එම සංදර්ශනවාදී විරෝධතා මැඩ පවත්වන්නේ නැත. හොරැු, හොරැු සමඟ නිරැුවතින් නැටීමට ඊයේ ඒකාබද්ධයේ විරෝධතාව කදිම උදාහරණයකි.

0 comments:

Post a Comment