ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක සහ එම පක්ෂ දෙක විටින් විට බලයට ගෙන ඒමට මැදිහත් වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ පක්ෂ, ජනතාව කබලෙන් ලිපට ඇද දැමුවේය. සොරකම, දූෂණය සහ අසාධාරණය යනු ධනේෂ්වර දේශපාලනයේ නෛසර්ගික ලක්ෂණයන්ය. එබැවින් වාමාංශික දේශපාලන ව්‍යාපාර ඒ බව ජනතාවට අවබෝධ කර දිය යුතුය. ශ‍්‍රම සූරාකෑම පිළිබද සාකච්ඡාව ද්විතීක කොට ධනේෂ්වරයේ නෛසර්ගික ලක්ෂණයන් ප‍්‍රාථමික කාරණාව ලෙස හුවා දැක්වීමම ධනේෂ්වරය ආරක්ෂා කිරීමක්ය.
එබැවින් විටෙක මහින්ද හොරා ලෙසත්, විටෙක රනිල් හොරා ලෙසත් සමාජගත කිරීම පමණක් රටේ ගැටලු නිරාකරණය කිරීමට ප‍්‍රමාණවත් නැත. මන්ද හොරා පොලිස් වීමත්, පොලිසිය හොරා වීමත් මාරුවෙන් මාරුවට සිදුවෙමින් පවතී. 94 චන්ද්‍රිකා පොලීසියට ඇන්දේය. 2005 රාජපක්ෂද 2015 සිරිසේනද එයම කළේය. එහිදී අනෙක් පාර්ශව හොරුන් විය. මංකොල්ලකාරයින් විය. ඉතින් මේ නාටකය දිගින් දිගටම රග දක්වමින් පවතී. පීඩිත පන්තියේ ජනතාව බත් පැකට් එකකට, අරක්කු බෝතලයකට එම නාට්‍යයේ නඵවන් වී ඇත. එහි විවේචනය ධනේෂ්වර දේශපාලනයට එල්ල කොට අපට පලා යා නොහැක. එහි වගකීම විශේෂයෙන්ම නිර්ධන පනිතියේ පක්ෂය සහ කම්කරු ව්‍යාපාරය භාරගත යුතුය. එසේ නොමැති වුවහොත් රාජපක්ෂ කෝළමට අද අදින ජනතාව, මුලින් කී සියලූ ගැටලුවලට, පීඩාවට භාජනය වෙමින් තිබියදීම තව කලකදී රනිල් කෝළමට අදිනු ඇත.
එබැවින් ජනතාව අද විදින පීඩාව ධනේෂ්වර පාලනයේ ගැටඵවක් බව ජනතාවට පසක් කර දිය යුතුය. එපමණක් නොව කම්කරුවන්, ධීවරයින්, කාන්තාවන්, තරුණයින් සහ ශිෂ්‍යයන් එකී පීඩාවට විරුද්ධව පෙළගැස්සවිය යුතුය. විවේචනයෙන් ඔබ්බට අපගේ කාර්යය ඔවුන්ව සංවිධානය කිරීමය.
0 comments:
Post a Comment