Wednesday, September 19, 2018

බස් ගාස්තු හෙට සිට යලි ඉහළට....

හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට බස් ගාස්තු 04% කින් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කොට තිෙබි. ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ෙමි බව මාධ්‍යයට ප‍්‍රකාශ කළේය.

ඉන්ධන මිළ ඉහළ දැමීමත් සම`ග පෞද්ගලික බස් හිමියන් විසින්, බස් ගාස්තු වැඩි කරන ලෙසත්,  එසේ නොමැති වුවහොත් වැඩවර්ජනයකට යන බවත් ප‍්‍රකාශ කරන ලදී. ඉන්ධන මිළ පහත දමා බස් ගාස්තු අඩු කරනවා වෙනුවට, ජනතාව මත ඒ බරද පැටවීමට ආණ්ඩුව හා පෞද්ගලික බස් හිමියන් කටයුතු කරමින් සිටියි. ෙමි වනාහි පෞද්ගලිකකරණයේ අනිටු විපාකය
.
මන්ත‍්‍රී වැටුප් 215% කින් වැඩිකිරීමට ආණ්ඩුව කටයුතු කළේය. එමෙන්ම ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ජනතා මුදල් කොල්ලකමින් සිටියි. සියලූ ආකාරයේ බර මහජනතාව මත පටවා තිෙබි. ඉන්ධන ලීටරයකින් රුපියල් 70 ට වඩා ලාභ ලබන ආණ්ඩුව එම මුදල්වලින් සැප වි`දින අතර, ධනපතිය්නද සතුටු කරමින් සිටියි.
 
බස් ගාස්තු ඉහළ දමන්න යැයි මෙරට ජනතාව කිව්ෙවි නැත. එම ඉල්ලීම වනාහි පෞද්ගලික බස් හිමියන්ගේ ඉල්ලීමකි. ජනතා ඉල්ලීම් අභියසදී මර්ධනය කැ`දවන ආණ්ඩුව, ධනපතියන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පොදු ජනතාව පීඩනයට පත්කරන තීරණ ගනියි.


0 comments:

Post a Comment