Tuesday, September 25, 2018

අවම පහසුකම්වත් නොමැති යාපනය තාක්ෂණ පීඨය.

යාපනය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුන් මේ වන විට දැඩි අර්බුදකරී තත්ත්වයකට පත්ව ඇත. දේශනශාලාවේ සිට නේවාසිකාගාර දක්වාද, ආහාර, ජලය ඇතුළු මූලික අවශ්‍යතාවයන්ද ඉටුකර ගැනීම ඉතා දුෂ්කර වී තිබේ. එමෙන්ම අධ්‍යාපන කටයුතු සිදු කිරීමද දුෂ්කර කොන්දේසි යටතේ සිදු කිරීමට සිදුව තිබේ.

මෙම මස 24 වන දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නිශාන් තරංග සහෝදරයා එකී දුෂ්කරතාවන් පිළිබඳව කරුණු ඉදරිපත් කළේය. එම පීඨයේ දෙවැනි වසරෙහි අධ්‍යයන කටයුතු ආරම්භ කර මාස දහයක් ගතවී ඇති අතර පළමු සමාසිකයේ ප‍්‍රතිඵල තවම ලබා දී නැත.

යාපනයේ තාක්ෂණ පීඨය ආරම්භ කළද මේ වන තෙක් ඊට අවශ්‍ය කරන ස්ථීර පීඨ ගොඩනැගිල්ලක් තවම නොමැත. ඒ නිසා එහි ශිෂ්‍යයන්ට තම අවශ්‍යතා ඉටු කරගැනීමට අනෙකුත් පීඨවලට යාමට සිදුව තිබේ. භෞතික සම්පත්වල හි`ගතාවය නිසා දුෂ්කරතාවයට මුහුණ පා සිටින සිසුන්ට ආචාර්යවරුන්ගේ හි`ගය විසින් එම දුෂ්කරතාවය තවත් තීව‍්‍ර වී තිබේ.

පිරිසිදු පානීය ජලය අහිමි වීම නිසා සිසුන්ට සිදුවී ඇත්තේ ජලය මිලදී ගැනීමටයි. ඒ අනුව ලීටර් 20 ජල කෑන් එකක් රු. 250ක් වැනි මුදලකට මිලදී ගැනීමට සිදුව තිබේ. එපමණක් නොව දෙවන වසර සියලූ සිසුන්ට නේවාසිකාගාර පහසුකම්ද අහිමි කර ඇත්තේ පරිපාලනයේ අත්තනෝමතිකත්වය නිසයි. මෙහි ප‍්‍රශ්නය වන්නේ නේවාසිකාගාර පහසුකම් තිබියදීත් ඒවා සිසුන්ට ලබා නොදීමයි. මේ හේතුවෙන් රු. 15000ත් 20000ත් අතර මුදල් ගෙවා බෝඩිම්වල නතර වීමට සිදුව ඇත.

තවද  විභාගවලට නැවත පෙනී සිටීම සඳහා එක් විෂයකට රු.250ක මුදලක් ගෙවීමටද සිසුන්ට සිදුව ඇත.

මෙම තත්ත්වය යාපනය විශ්වවිද්‍යාලයට පමණක් සීමාවූවක් නොවන අතර සියලූම තාක්ෂණ පීඨවල මෙවන් උග‍්‍ර අධ්‍යයන හා සුභසාධන ගැටලූ ප‍්‍රමාණයක් උද්ගතව තිබේ. පාසල්වල තාක්ෂණ විෂය ඉගැන්වීම ආරම්භ කරන්නේ 2013 වසරේ වන අතර විශ්වවිද්‍යාල සඳහා තාක්ෂණ පීඨ සිසුන් බඳවාගැනීම ආරම්භ කරන්නේ 2016 වසරේදීය. නමුත් මේ වන තෙක් කිසිඳු තාක්ෂණ පීඨයක සිසුන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් අවම වශයෙන්වත් ප‍්‍රමාණවත් ලෙස සපයා නැත. තාක්ෂණ පීඨ අර්බුදයෙන් විෂද වන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ නිරුවතයි. තාක්ෂණ පීඨ සඳහා සිසුන් බඳවගන්නේ නවලිබරල් ආර්ථිකයට අවශ්‍ය ශ‍්‍රම වහලූන් නිර්මාණය කරගැනීමේ අටියෙන් වන අතර කිසිඳු අධ්‍යයන සුභසාධන පහසුකමක් ලබා නොදෙන්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා කෙරෙන සුභසාධන කප්පාදුව නිසාය.

0 comments:

Post a Comment