Monday, October 1, 2018

වකුගඩු රෝගය මාරාන්තිකයි



වකුගඩු රෝගය විසින්


සිදුකර ඇති විනාශය

30 අවුරුදු යුද්ධයේදී

සිදුවූ විනාශයට වුව දෙවෙනි

නැත. දැනටමත් වටිනා

ජීවිත 50,000 කට වැඩියෙන්

මේ වකුගඩු මාරයාට බිලි

වී තිබේ. එසේම රෝගයට

ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව ද

ඉතාමත් ඉහළ අගයක් ගනී.

දැනට හඳුනාගෙන තිබෙන

රෝගීන් පමණක් ගත්ත ද රජරට

ජනගහනයෙන් 16% පමණ

වේ යැයි 2013 දී නිකුත් කළ

ලෝක සෞඛ්‍ය සංවිධාන

වාර්තාව අනාවරණය කළේය.



     මේ 16% ක ප්‍රතිශතය යනු

රෝගය වැළඳී ඇතැයි සැක

කරන සමස්තය නොවේ.

දැනට රෝගීන් වශයෙන්

හඳුනාගෙන ඇති ප්‍රමාණය

පමණි. වෛද්‍ය විද්‍යාවට

අනුව වකුගඩු රෝගයේදී

රෝග ලක්ෂණ මතුවන්නේ

වකුගඩුවලට 80% ක් පමණ

හානි වූ පසුවය. ඒ නිසා තවමත්

හඳුනාගෙන නැති, රෝග

යේ මුල් අවස්ථාවල සිටින


එනම් රෝගය හේතුවෙන්

වකුගඩුවලට 80%ට අඩුවෙන්

හානි වූ, 10%, 20%, 30%,

40% ආදී වශයෙන් වකුග

ඩුවලට හානි වී ඇති විශාල

පිරිසක් සිටිය හැකිය. සංඛ්‍යා

ලේඛනවලින් පෙන්වනවාට

වඩා විශාල හානියක් රෝගය

විසින් සමාජයට කර ඇති බව

ඉන් පැහැදිලි වේ.

රෝගය මුලින්ම මතුවූයේ

උතුරු මැද පළාතෙනි. එහිදී

වාර්තා වූ රෝගීන් බහුතරයක්

කෘෂි කර්මාන්තයේ නියැ ̈ණු

මැදිවියේ ගොවීන්ය. නමුත්

මෙම තත්ත්වය අද වන විට

මුළුමනින්ම වෙනස් වී ඇති

අතර කුඩා දරුවෝ පවා රෝග

යට ගොදුරුවී සිටිති. එසේම

රටේ සෑම පළාතක් කරාම

ද එය වේගයෙන් ව්‍යාප්ත

වෙමින් තිබේ
                                                                                                රෝගය
                                                                                                                                                                        හඳුනාගන්නේ කෙසේද?

අධික හිසේ කැක්කුම,
කෑම අරුචිය, ඔක්කාරය,
වමන ගතිය, කොන්දේ
කැක්කුම, ඇඟ සුදුමැලිවීම,
අධික ලෙස නින්ද යාම හෝ
නින්ද නොයාම, තෙහෙට්ටුව,
ඇඟ ඉදිමීම, එක් දෙයක්
කෙරෙහි අවධානය රඳවා
ගැනීමේ අපහසුව, හුස්ම
ගැනීමේ අපහසුතා වැනි
රෝග ලක්ෂණ ඇත්නම්

වකුගඩු රෝගය වැළදී තිබීමේ
හැකියාවක් ඇත. නමුත් මේ
රෝග ලක්ෂණ තිබූ පමණින්ම
වකුගඩු රෝගය වැළදී ඇතැයි
නිශ්චිත කිරීමේ හැකියාවක් ද
නැත. මන්දයත් මෙම රෝග
ලක්ෂණ වෙනත් හේතු නිසා ද
ඇති විය හැකි නිසාය. ඒ නිසා
මෙවැනි රෝග ලක්ෂණ ඇති
විට කළ යුත්තේ වෛද්‍යවරයකු
හමුවී සායනික පරීක්ෂණවලට
යොමු වී රෝගය ඇත්දැයි
නිශ්චිතව හඳුනා ගැනීමය.


වකුගඩු සහ වකුගඩු රෝග


වකුගඩුවක් යනු මිනිසාගේ

ශරීරයේ පැවැත්ම සඳහා

අත්‍යාවශ්‍ය අවයවයක්

වශයෙන් හැඳින්විය හැකිය.

එය මිනිස් ශරීරයට අයත්

බහිශ්‍රාවීය පද්ධතියේ වැදගත්ම

අවයවයයි. මිනිස් ශරීරය

සැකසී ඇත්තේ අවයව හා

පද්ධති ගණනාවක එකතුවක්

වශයෙන් වන අතර මෙම

අවයව හා පද්ධති මිනිසාගේ

පැවැත්මට අවශ්‍ය වේ.



 මිනිසාට

ජීවත්වීම සඳහා ඇතැම් අවයව

අත්‍යවශ්‍ය වන අතර ඒවා

ලෙඩ වී අක3⁄4මණ්‍ය වූවිට

මිනිසා මරණයට පත් වේ. ඇස්

මිනිසාට පෙනීම ලබාදෙයි. කන්

ඇසීමට උපකාරී වේ. දෙපා

සංචලනයටත් (ඇවිදීමටත්)

දෑත් ශ්‍රම ක්‍රියාකාරීත්වයේදීත්

(වැඩකිරීමේදී) ප්‍රධාන අවයව

වශයෙන් වැදගත් වේ. මේ ආදී

වශයෙන් මිනිස් ශරීරයේ ඇති

සෑම අවයවයක්ම මිනිසාගේ

පැවැත්මට උපකාරීවන අයුරු

පැහැදිලි කළ හැකිය. එසේම

මේ සිය ̈ අවයව නිරෝගී

හා පරිපූර්ණ ජීවිතයකදී

අත්‍යවශ්‍ය වන බව ද කිව යුතු

නොවේ. නමුත් ඇතැම් අවයව

නොමැතිව වුව ද කෙනෙක්ට

ජීවත් විය හැකිය. නිදසුනක්

ලෙස දෙපා, දෑත්, කන්, දෑස්

අහිමිව වුව ද මිනිසකුට ජීවත්

විය හැකිය.



නමුත් මිනිස් ශරීරය තුළ

ඇති ඇතැම් අවයව එසේ

නොවේ. ඒවා නොමැතිව

මොහොතක් වුව ජීවත්වීමේ

හැකියාවක් නැත. හදවත,

පෙනහළු, සුසුම්නාව, මොලය

හා වකුගඩු එවැනි අවයව

ගනයට අයත් වේ. ඒ අනුව

වකුගඩු රෝගය මාරාන්තික

රෝගයකි.



වකුගඩු විසින් ඉටුකරනුයේ

ශරීරයේ පැවැත්ම සඳහා

ඉතාමත් අත්‍යවශ්‍ය දේය.

එනම් ශරීරය තුළ ඇති අපද්‍රව්‍ය

හා ශරීරයට අනවශ්‍ය දෑ පෙරා



මුත්‍රා වශයෙන් බැහැර කිරීම එහි

ප්‍රධානම කාර්යයි. වකුගඩු ඊට

අමතරව ද ශරීරයේ පැවැත්මට

අදාළ කටයුතු ගණනාවකට

දායක වේ. ශරීරයට අවශ්‍ය

රතු රුධිරාණු නිපදවීමට

අවශ්‍ය එරිත්‍රප්‍රෝටීන් නැමති

එන්සයිමය නිපදවීම එකකි.

ශරීරය තුළ ඇති ද්‍රව සහ ලවණ

සමතුළිතතාව රැකගැනීමට

දායකවීම තවකෙකි. රුධිර

පීඩනය පාලනයට මැදිහත්වීම

ද ඊට අමතරව සිදුවේ.

වකුගඩු අක්‍රීය වීමෙන්

සිදුවන්නේ මේ සිය ̈

කාර්යයන් ඇණහිටීමයි. එවිට

රෝග ලක්ෂණ මතු වේ.

ශරීරය තුළ ද්‍රව සහ ලවණ

සමතුළිතය බිඳවැටීමෙන් අධික

හිසේ කැක්කුම, ඔක්කාරය,

වමනය, අධික නිදිමත හෝ

නින්ද නොයාම මෙන්ම

ශරීරයේ අප්‍රාණික ගතිය ද,

රතු රුධිරාණු නිපදවීම ඇණ

හිටීම නිසා ශරීරය සුදුමැලිවීම

ද, රුධිර පීඩනය පාලනය

නොවීමෙන් අධික රුධිර

පීඩනය ද ආදී වශයෙනි.

වකුගඩු රෝගීවීම සඳහා

බලපාන හේතු



වකුගඩු රෝගී වීමට

බලපාන හේතු කිහිපයකි.

එනම් අධික රුධිර පීඩනය,

දියවැඩියාව, පටකවල සිදුවන

අසාමාන්‍ය වර්ධනයන් හා

මුත්‍රා ආසාධන ආදියයි.

එනමුත් උතුරුමැද පළාතෙන්

ඇරඹී රට පුරා ව්‍යාප්තව ඇති

වකුගඩු රෝගයට හේතු වී

ඇත්තේ ඉහත ජනප්‍රිය හේතු

නොවේ. එම නිසා එම රෝගය

මුල් කාලීනව හඳුනා නොගත්

වකුගඩු රෝගය යනුවෙන්

හඳුන්වන ලදී.



හඳුනා නොගත්

වකුගඩු රෝගය සඳහා

බලපා ඇති හේතු



නමුත් පසුකාලීනව කරන

ලද අධ්‍යයන, පර්යේෂණවලට

අනුව රෝගය සඳහා

බලපාන්නේ යැයි කියන හේතු

ගණනාවක් ඉදිරිපත් විය. අධික

අව් රස්මියට දිගුකාලයක්

තිස්සේ නිරාවරණය වීම,

පානීය ජලයේ ඇති කිවුල,

ඇළුමිනියම් භාජන ආහාර

පිසීමේ දී යොදාගැනීම,

නෙළුම් අල ආහාරයට ගැනීම,

බැරලෝහ හා කෘෂි රසායන

අධිමාත්‍රාවන්ගෙන් ශරීරගතවීම

ආදී වශයෙනි. නමුත් රෝගය

වාර්තා වී දශක තුනකටආසන්න වී තිබියදීත් තවමත්

රෝගයට නිශ්චිත හේතුවක්

ඉදිරිපත් කිරීමට අසමත්වීම

කණගාටුදායක තත්ත්වයකි.



නමුත් ලෝක සෞඛ්‍ය

සංවිධානය හා තවත් පර්යේෂණ

කණ්ඩායම් ගණනාවක් මේ

සිය ̈ හේතු රෝගයට බලපෑ

හැකි යැයි පෙන්වා දෙන

අතරම බැරලෝහවලට හා

කෘෂි රසායනවලට රෝග

යට ඇති සම්බන්ධය ප්‍රබල

යැයි අවධාරණය කර තිබේ.

එහෙත් කෘෂි රසායන සමාගම්

පොම්ප කරනු ලබන ඩොල ර්

මිලියන ගණන් අරමුදල්

වලින් බලයට පත් ආණ්ඩු

මෙන්ම, මෙම සමාගම්වලින්

ලැබෙන කොමිස් කුට්ටිවලින්

සුඛෝපභෝගී ජීවිත ගත කරන

පර්යේෂකයින් හා ඊනියා

බුද්ධිමතුන් රෝගයට හේතුව

කෘෂි රසායන යැයි නොකියා

නෙළුම් අල, පැණි කූඹි,

නො එසේනම් තණකොළ

පෙත්තෙකු නිසා යැයි

කීමට දක්වන්නේ පුදුමාකාර

කැමැත්තකි.



නමුත් මෙම රෝගය

ලංකාවට පමණක් සීමා වී

නොතිබීම නිසාත්, මීට සමාන

රෝග ලක්ෂණ ඇති වෙනත්

රටවල දී කරන ලද පර්යේෂණ

හරහා රෝගයට කෘෂි

රසායනවල ඇති සම්බන්ධය

ඉතාමත් තදින් අවධාරණය

කර ඇති නිසාත්, විනාශකාරී

කෘෂි රසායන සමාගම්

ආරක්ෂා කරන ඔවුන්ගේ

ව්‍යාපෘතියට අපේක්ෂා කළ

මට්ටමේ සාර්ථකත්වයක් ලැබී

නැත.

 එහෙත් ඔවුන් සිය

උත්සාහය අත්හැර නොමැති

බව ග්ලයිෆොසේට් තහනම

ඉවත් කරගැනීම සඳහා

පාර්ලිමේන්තුව තුළ ඇතැම්

බංකොලොත් දේශපාලන

පක්ෂවල සහය ද සහිතව කරන

මැදිහත්වීම්වලින් පෙනේ.

පුලතිසිපුර ගොවි

සම්භවයකින් පැමිණියේයැයි

කියන ජනපති පවා,

වකුගඩු රෝගයට හේතුවන

කැඞ්මියම් වැනි බැරලෝහ

අඩංගු ප්‍රමිතියෙන් තොර

පොහොර ගෙන්වා අතටම

අසුවුණු සී.අයි.සී වැනි

සමාගම්වල අධ්‍යක්ෂකවරුන්

ද, මොන්සැන්ටෝ වැනි

විනාශකාරී සමාගම්වල

නියෝජිතයින් ද සිය

වකුගඩු රෝග නිවාරණ

ජනාධිපති කාර්යසාධක

බලකාය සඳහා සම්බන්ධ

කරගැනීමෙන් පෙන්වා

දෙන්නේ රටේ පාලකයින්ගේ

මෛත්‍රිය හිමි වී ඇත්තේ

රෝගයෙන් බැට කන අසරණ

ජනතාවට නොව විනාශකාරී

සමාගම්වලට බවයි.

බැරලෝහ හා

වකුගඩු රෝගය



බැරලෝහ මිනිසාට හා

පරිසරයට ඉතාමත් අහිතකර

රසායනික සංයෝගන්ය.

ඒවා ශරීරගතවීම අවයව

විනාශවීමට, සෛල විකෘති

වීමට මෙන්ම විවිධ පිළිකා

රෝග ඇතිවීමට හේතු

වේ. එහෙත් ඒවා ශරීරගත

වුවහොත්, කොතරම් විෂ සහිත

වුවද ශරීරයෙන් බැහැර කිරීමේ

ක්‍රමයක් නැත.



එයට හේතුව මිනිස්

ශරීරයේ ඇති අපද්‍රව්‍ය බැහැර

කිරීමේ ප්‍රධාන විධික්‍රමය වන

වකුගඩු හරහා පෙරී මුත්‍රා

වශයෙන් මෙම බැරලෝහ පිට

නොවීමයි. මන්ද යත් වකුග

ඩුවල සංයුතිය සැකසී ඇත්තේ

මෙම බැරලෝහ පෙරී යන

ආකාරයට නොවන බැවිනි.

ඒ වෙනුවට මෙම බැරලෝහ

වකුගඩු දක්වා ගමන් කොට

ඒවා තුළ ඇති රුධිරය පෙරණ

කුඩා සිදුරු තුළ තැන්පත්වීම

සිදුවේ. මෙසේ කාලයක්

තිස්සේ වකුගඩුවල ඇති

පෙරණ අවයව තුළ මෙම

බැරලෝහ තැන්පත්වීමෙන්

සිදුවන්නේ වකුගඩුවල

සිදුරු වැසී යාමෙන් පෙරණ

ක්‍රියාවලිය ඇණහිටීම හා



බැරලෝහ සමඟ ප්‍රතික්‍රියා

කර වකුගඩු විනාශ වී යාමයි.

හඳුනා නොගත් වකුගඩු රෝග

යේදී සිදුවන්නේ එයයි.



ඒ නිසා රෝගය තුරන්

කිරීම සඳහා ඇත්තේ

ප්‍රතිකාරමය විසඳුම් නොව

ශරීරයට ඉතාමත් අහිතකර

මෙම බැරලෝහ ශරීරගතවීම

වැළැක්වීම බව ඉන් පැහැදිලි

වේ.


බැරලෝහ පැමිණෙන්නේ

කොහෙන්ද?



බැරලෝහ ශරීරගත

වන්නේ අප කන බොන

ආහාරපාන වලින් හා ආශ්වාස

කරන වාතයෙනි. ඒවා

ආහාරපානවලට හා වාතයට

එක්වන්නේ පරිසරයෙනි.

කර්මාන්ත ශාලාවලින් පිටකරන

කාර්මික අපද්‍රව්‍යවලින් හා

කෘෂි කර්මාන්තයේදී යොදා

ගනු ලබන ප්‍රමිතියෙන් තොර

කෘෂි රසායන හරහා පරිසරයට

එක්වේ. කෘෂි සමාගම් සිය

ලාභය වෙනුවෙන් ප්‍රමිතියෙන්

තොර බාල කෘෂි රසායන

නිපදවීම හා එම කෘෂි රසායන

අළෙවිය වැඩි කරගැනීම සඳහා

ගෙනයන කූඨ වෙළඳ ප්‍රයෝග

යන්හි ප්‍රතිඵලයක් ලෙස

මෙම තත්ත්වය නර්මාණය

වී තිබේ. සී.අයි.සී සමාගම

බාල ප්‍රමිතියෙන් යුතු කෘෂි

රසායන ගෙන්වා අසුවීම ඒ

සඳහා එක් නිදසුනකි. පිරිවැය

අඩුකර ගැනීමේ අරමුණින්

ප්‍රතිචක්‍රීකරණය නොකරන

රසායනික අපද්‍රව්‍ය පරිසරයට

බහැර කිරීමට අදාළ රතුපස්වල

අත්දැකීම තවත් එකකි. මේ

අතර කොකා කෝලා සමාගම

සිය රසායනික අපද්‍රව්‍ය කැලණි

ගඟට මුදාහැරීමේ අත්දැකීම ද

අපට තිබේ. මේ ආකාරයෙන්

විවිධ ක්‍රම හරහා පරිසරයට

එක්වන බැරලෝහ හා වස විෂ

පරිසර පද්ධතියේ ඇති ශාක

හා සත්ත්ව ගහණයන්ටත්,

ජලයටත් එක්වීම සිදුවන අතර

ඒවා ආහාරයට ගැනීමෙන්

මිනිස් ශරීරයට ඇතුළු වේ.



ප්‍රතිකාර හා

ඒ ආශ්‍රිත තත්ත්වය



මෙම රෝගය සුව කිරීම

සඳහා ප්‍රතිකාරමය විසඳුම්

නොමැති බව අපි ඉහත දී

සඳහන් කළෙමු. ඒ අනුව

රෝගය වැළඳුණු විට කළ

හැක්කේ වකුගඩු යථා

තත්ත්වයට පත්කිරීමට නොව

වකුගඩු අක්‍රීය වීම නිසා ශරීරය

තුළ ඇතිවන අපහසුතා මඟ

හැරීම සඳහා ප්‍රතිකාර කිරීම

පමණි. අප මෙසේ ප්‍රකාශ කරන

විට ප්‍රතිකාර ගැනීම තේරුමක්

නැති දෙයක් යැයි කෙනෙක්ට

සිතෙන්නට පුළුවන් වුවද, අපට

කීමට ඇත්තේ ප්‍රතිකාර කිරීම

අත්‍යවශ්‍ය බවයි. එමෙන්ම

ප්‍රතිකාර ගැනීම තුළ මරණය

කෙටි කලකට හෝ දීර්ඝ කළ

හැකි බවත් හා එසේ ජීවත්වන

කාලය තුළ ඇතිවන කායික

අපහසුතා තාවකාලිකව හෝ

මඟ හරවා ගත හැකි බවත්

මෙහිදී සඳහන් කළ හැකිය.



මෙසේ සිදුකරන ප්‍රතිකාර

වශයෙන් රතු රුධිරාණු අඩුවීම

නිසා ලබාදෙන විටමින් වර්ග,

රුධිර පීඩනය අඩුකිරීමට

ලබාදෙන ඖෂධ හා වේදනා

නාශක ආදියයි. එසේම

වකුගඩු 85% ක් පමණ අක්‍රීය වූ

විට රුධිරය පෙරීම සිදු නොවන

බැවින් ශරීරයේ එකතුවන

අපද්‍රව්‍ය මෙන්ම අනවශ්‍ය ජලය

හා ලවණ වර්ග ඉවත් කිරීම

සඳහා රුධිර කාන්දු පෙරීම

ද සිදු කරනු ලැබේ. මෙහිදී

සිදු වන්නේ වකුගඩුවලින්

සිදුකරන රුධිරය පෙරීමේ

ක්‍රියාවලිය ශරීරයට පිටතින්

සිදුකරන යන්ත්‍රයක් හරහා

සිදු කිරීමයි. සෑම තප්පරයක්

පාසාම වකුගඩුවලින් මෙම

රුධිරය පෙරීමේ ක්‍රියාවලිය

සිදුකරන නමුත්, රුධිර කාන්දු

පෙරීම සිදුකරනුයේ දින

කිහිපයකට වරක් බැගිනි.



නමුත් මෙය සාර්ථකම ක්‍රමයක්

නොවන්නේ රුධිර කාන්දු

පෙරීම සිදුකළ පසු ශාරීරිකව

මතුවන අපහසුතා මඟහැරෙන

නමුත් යළි ටිකෙන් ටික ශරීරය

තුළ අපද්‍රව්‍ය හා ජලය එක්

රැස්වීමේදී ඊට සමාන්තරව

ශාරීරික අපහසුතාවයන් ද

නැවත මතුවන්නට පටන්

ගන්නා බැවිනි. රුධිර කාන්දු

පෙරණ අවස්ථා දෙකක් අතර

කාලය අඩු කරගැනීම මීට යම්

පිළියමක් විය හැකි නමුත්, ඒ

සඳහා පහසුකම් සීමිත වීම නිසා

එය කළ හැකි නොවේ. කෝටි

ප්‍රකෝටි ගණනින් මහජන මුදල්

කොල්ලකන පාලකයෝ මේ

සඳහා ප්‍රමාණවත් තරම් යන්ත්‍ර

මිලදී ගැනීමට මුදල් වෙන්

නොකරන අතර ඒ නිසා රුධිර

කාන්දු පෙරීම අවශ්‍ය බොහෝ

රෝගීන්ට එම අවස්ථාව හිමි

නොවේ.



වකුගඩු අක්‍රීය වු විට හොඳම

විසඳුම වශයෙන් නිරෝගී

වකුගඩුවක් බද්ධ කිරීම කළ

හැකි වුවත්, ජනගහනයෙන්

විශාල පිරිසක් වකුගඩු රෝග

යට ගොදුරුවී ඇති බැවින්

වකුගඩු පරිත්‍යාගශීලීන්

සොයාගැනීමත්, එම සැත්කම්

සඳහා දරන්නට සිදුවන

පිරිවැයත්, සැත්කම් කිරීමෙන්

පසුව අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත

පරිසරයක් නිර්මාණය

කරගැනීමට දිළිඳු රෝගීන්ට

ඇති නොහැකියාවත් නිසා එය

ද සාර්ථක විසඳුමක් නොවේ.



එසේම රෝගීන් හඳුනා

ගැනීමේ ක්‍රියාවලිය ද

සිදුවන්නේ එපා වාහෙට හොදි

බෙදන්නාක් බඳුව බැවින් හා

රෝගය හඳුනාගන්නා අවස්ථාව

වන විට රෝගියාගේ වකු

ගඩුවලින් විශාල ප්‍රතිශතයක්

හානිවී ඇති බැවින් රෝගියාට

ඉන් සිදුවන විශේෂ වාසියක්

නැත. කළ යුතුව ඇත්තේ

රෝගය මුල් අවස්ථාවේදී

හඳුනා ගැනීම වුවත්, ඒ සඳහා

දරන්නට සිදුවන පිරිවැය අධික

බැවින් සෞඛ්‍ය බලධාරීන්

ඒ පිළිබඳව සිතන්නටවත්

වැඩි කැමැත්තක් දක්වන්නේ

නැත. තඹුත්තේගම, කැකිරාව,

මැදවච්චිය වැනි රෝහල්වලට

කෝටි ගණනක් වියදම්

කර රුධිර කාන්දු පෙරණ

උපකරණ මිලදී ගෙන වසර

ගණනාවක් ගතවී තිබියදීත්,

ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි

හා සේවකයන් නොමැතිව

එම යන්ත්‍ර විනාශවීමට දමා

තිබෙන පාලකයන් රෝගීන්

හඳුනාගැනීම සඳහා විශාල



පිරිවැයක් දරණු ඇතැයි සිතීමද

මෝඩකමකි. සායන පවත්වා

රෝගීන් අඳුනා ගැනීමට

කටයුතු කිරීමට අපේක්ෂා

කරන ස්වේච්ඡා සංවිධානවලට

ඒවාට අවසර නොදීමට තරම්

නරුම මෙම පාලකයන් පිළිබඳ

තවදුරටත් කිසිඳු විශ්වාසයක්

තැබිය හැකි නොවේ.

එවන් තතු යටතේ මේ මහා

මාරක ව්‍යසනයෙන් ගැලවීම

කොතරම් අපහසු ද යන්න

පැහැදිලි වේ. වැටත් නියරත්

දෙකම ගොයම් කා ඇති විට ඒ

අවනඩුව කියන්නට කිසිවෙක්

නැතුවාක් බඳුව ජනතාවද

නිහඬවීම තේරුම් ගත හැකිය.

එහෙත් එහි හානිය බලධාරීන්ට

නොව රෝගයෙන් බැටකන

ජනතාවටම වන බැවින් සිය ̈

බාධක මධ්‍යයේ වුවද විසඳුම්

සෙවීම සඳහා වූ මැදිහත්වීමක්

අවශ්‍යව ඇත. ඒ සඳහා

ඇති එකම විකල්පය රෝග

යට ගොදුරුවූවන් පමණක්

නොව, රෝගයට ගොදුරුවීමේ

අනිවාර්ය ඉරණමක් සහිත

අපි කවුරුත් සමාජයක්

වශයෙන් සංවිධානය වීමය.

එක්ව බලකිරීමය. එසේ

වන්නේ නම් ඒ සමඟියට

හා සටන්කාමීත්වයට කළ

නොහැක්කක් නැත.

වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයේ මධ්‍යම පුවත්පතින් උපුටා ගන්නා ලදි

0 comments:

Post a Comment