අභිසාරිකා සහෝදරි
අතුපතරින් ළා සද
බිම වැටී ඉහිරෙත්ම
වත්සුනු වත උලා
ගත විලවුන් හලා
කැදැල්ලෙන් නික්ම
වීදියේ පහන් එළි යට
විහගුන් සොයා
ඔබ මොබ සරත
පහන් එළි මැදින්
ඇවිත් විහගුන් නන් දෙසින්
තුරුල් කර සැනසෙමින්
අත තැබු මිල
අරගෙන සැනින්
අරුණට කලින්
තබමින් හොරෙන්
පැටවුන් ලගින්
පිසලූය නෙත් අගින්
වැගිරෙනා කදුලු කැට
( හදවතක පෙරවදන කාව්‍ය සංග්‍රහයෙනි)
එහි ආරාධිත දේශනය තිබිරියාගම බණ්ඩාරයන් විසින් සිදුකරන ලද අතර, ළහිරු වීරසේකර සහ සිසිර කුමාර යන අයද අදහස් දක්වන ලදී. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය විසින් මෙහි සංවිධාන කටයුතු සිදුකොට තිබිණ.
0 comments:
Post a Comment