Thursday, September 20, 2018

......ඔබේ දරුවා මේ පාසලට දමන්න කලින් සිතන්න......

......ඔබේ දරුවා මේ පාසලට දමන්න කලින් සිතන්න .....

කටුවාවල බොරලස්ගොමුව පිහිටි ඇමරිකන් කින්ස්බරිඞ්ජ් පෙර පාසලේ මගේ දරුවා 2016/2017 ගියේ. එම පාසලේ පොත් ලිස්ට් එකට රු 14000 2016 දුනිමි. එම වාරය අවසානයේ පොත් පරික්ෂා කිරීමේදී එම පොත් වල පිටු 5 /10 ක තමා ක්‍රියාකාරකම් කර තිබුනේ. එම පාසලෙන් නැවතත් රු 14000 පොත් ලිස්ට් 1ක් ගන්න කියලා කිව්වා. අපි එය ප්‍රතික්ෂේප කරා. ඉන් පස්සේ ලමයව පාසලෙන් අයින් කරනවා කිව්වා. අපි ගෙවපු මුදලට ඔක්තෝම්බර් වෙනකම් එවන්න කිව්වා. අපි එපමණ කල් යැව්වේ නෑ. නැවත ලබා දීමේ අත්තිකාරම් මුදල ඉල්ලුවා. එවිට එය ජනවාරි ලබා දෙනවා කිව්වා. එය ලබා ගන්න ගිහාම කතා කරන ආකාරය මෙම ඩසාැද පටයේ ඇත. මොවුන් මගේ බිරිද ගේ පියාටද අපහස වන අන්දමින් කතා කරායි පැවසී ය .... මේ පාසලට පැමිණ අසාදාරන වු දෙමාපියන් ඉන්නවා නම් කියන්න....’
Buddika Peiris
සැප්තැම්බර් 18 දින 19.43 ට ■

මේ තම දරුවා පෞද්ගලික අධ්‍යාපන කඩයක් වෙත භාර දුන් පියෙකුගේ මුහුණු පොතෙහි තැබු සටහනකි. 

නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පාලකයන්ගේ අරමුණ අධ්‍යාපනය වෙළඳ භාණඩයක් කරමින් අධ්‍යාපන කඩ සඳහා ලබා රේට්ටු තර කර දීමයි. අධ්‍යාපනයට වෙන් කළ යුතු බදු මුදල් කොල්ල කෑමටත් අධ්‍යාපන කඩවලින් ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් ලබා ගැනිමටත් මන්ත්‍රි වරුන්ට ඇමතිවරුන්ටද මේ සමඟ අවස්ථාවක් හිමිවේ. අවසනයේ සිදු වි ඇත්තේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය විනාස විම පමණි. 

සයිටම් අරගලය දී සයිටම් නීති විරෝධි විම ගැටලුව බවත් අධ්‍යාපනය විකිණීම ගැට`ඵවක් නැතැයි කී අය ඊසෝෆ්ට් උපාධි කඩයේ වංචාවේදි ඊසෝෆ්ට් උපාධි කඩය එපා කියන එක වැරදියි කළ යුත්තේ වංචාවට අසු වු දරුවන්ට සාධාරණයක් ඉල්ලීම පමණක්  යැයි කීය. 

සයිටම්, ඊසෝෆ්ට් වංචාවන්ගෙන් නතර නොවී දැන් කින්ස්බරිඞ්ජ් පෙර පාසල් කඩයේ වංචාවක් දෙමාපියන් හෙළි දරව් කර ඇත. පෙර පරිදිම ගැට`ඵව ඇත්තේ ආයතනයේ හෝ පුද්ගලයන්ගේ යැයි තර්ක කරන්නන් අදහස් දක්වනු ඇත.

නමුත් ගැට`ඵවේ මූලය අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තියයි. එරෙහි විය යුත්තේ අධ්‍යාපනය විකිණීමට මිස එම ප්‍රතිපත්තිය නිසා නිර්මාණය වන සිදුවිම් වලට නොවේ. මන්ද එවැනි සිදුවීම් දහස් ගණනක් ඉදිරියේදි හෙළිදරව් වීමට ඉඩ ඇති නිසායි. 


0 comments:

Post a Comment