එම අරගලය ලෝකය වෙනත් මඟකට යොමු කළ අරගලයක් වූ අතර 19 වන සියවස අවසන් භාගය තුළ මෙහිලා සිවිශේෂී වෙනස්කම් රාශියක් සිදුවිය. 1886 ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් අරගලය හරහා ජීවිත කැප කරමින් පාය අටේ වැඩ දිනය ඇතුළු කම්කරු අයිතීන් දිනාගැනීමට සමත් විය.
මෙවන් සටන්කාමී ඉතිහාසයකට හිමිකම් කියන කම්කරු ව්‍යාපාරය වර්තමානය වනවිට ඉතිහාසයටත් වඩා ඉතා සංකීර්ණ වූත් බරපතල වූත් ගැටලු ගණනාවකට මුහුණ දී සිටී. විවෘත ආර්ථිකයත් ගෝලීයකරණ ප්‍රතිපත්තියත් නිසා ලාභය පසුපස හඹා යන ප්‍රාග්ධන සූරාකෑමට මානුෂීය මුහුණුවරක් ලබා දී ඇත. එම මානුෂීය මුහුණුවරටත් ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළිවලටත් මුවාවී වර්තමාන වැඩ කරන ජනතාව වැඩභූමියේත් වෙළඳ පොළේත් මහපාරේත් ක්‍රියාකාරී ඔනෑම ස්ථානයකින් සූරාකෑම සිදු කරමින් සිටී.
වහල් යුගයේ පැවති මර්දන යාන්ත්‍රණය හරහා වහලුන් වෙත එල්ල කළ බලපෑම හා සමාන බලපෑමක් ඉන් වෙනස් හැඩතල වලින් අද දවසේදී ක්‍රියාත්මක වෙමින් පවතී. වහල් ක්‍රමය තුළ වහලාගේ ශ්‍රමයේ අයිතිය වහල් හිමියා සතු විය. අද කම්කරුවාගේ ශ්‍රමයේ අයිතිය ධනපතියා සතුය. වහප් ක්‍රමය තුළ ශ්‍රමය හැසිරවීමේ අයිතිය වහල් හිමියා ෂතුය. අද ධනපතියවා සතුය. වහලාගේ නිෂ්පාදිතයේ අයිතිය වහල් හිමියා සතුය. අද කම්කරුවාගේ ශ්‍රමයේ ප්‍රතිඵලය ලෙස බිහිවන නිෂ්පාදිතයේ අයිතිය කම්කරුවාට නැත. කම්කරුවාට වන්නේ ජීවිත’යේ මුළු කාලයම ධනපතියා ඉදිරියේ කඹුරන්නටය.
ඇලෙක්සාන්දර් පිනෝ පියෙෆ් විසින් රුසියන් සමාජවාදී සමූහාණ්ඩුව බිඳවැටීම පිළිබඳව රචිත රුසියන් ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය නම් කෘතියේ මෙසේ සඳහන් වෙයි.
එක සිතුවිල්ලක් මට නිතරම වද දෙයි. මම මගෙන්ම මෙසේ අසමි. සෝවියට් සමාජ ව්‍යූහය හෙවත් කොමියුනිස්ට් ක්‍රමයෙන් මට ලැබුණේ මොනවාද? හැකියාවන්ය හා කැමැත්තට අනුව තොරා ගැනීමේ අයිතිය සහිතව නිදහස් අධ්‍යාපන අවස්ථාව හොඳ වැටුපක් සහිතව කැමති රැකියාවක් තෝරාගැනීමේ අයිතිය වැටුප් සහිත නිවාඩු නොමිලේ සෞඛ්‍ය පහසුකම් නිවාඩු නිකේතන හා නිරෝගායතන සමූහ ස්වේච්ඡා සංවිධාන සන්නිවේදන නිදහස සමූහ ව්‍යාපෘති ප්‍රිය සම්භාෂණ හා උත්සව සංචාරක ගමන් සිතැඟි පරිදි මිත්‍ර සමාගම් යනාදියයි.
එම සමාජය තුළ රතු පටි නිලධාරිවාදයක් නොවීය. රැකියාව තෝරාගැනීමේ හැකියාව හා අයිතිය කම්කරුවාට ලැබිණි. රැකියාව හා නිෂ්පාදනය සැලසුම් කිරීම සඳහා වූ අයිතිය කම්කරුවාට ලැබිණි. ඒ අනුව තවදුරටත් ශ්‍රමිකයා හා රැකියාව යනු කොටස් දෙකක් නොවීය. එය එකිනෙකට වෙන් කිරීමට නොහැකි විය. රැකියාව ශ්‍රමිකයාගෙන් පිටස්තර කාර්යයක් නොවීය. ඒ වගේම වර්තමාන ශ්‍රමිකයා පිටමං කර ඇති සමාජීය ජීවිතයද ලැබෙන බව ඉහත උපුටනයෙන් පැහැදිලි වනු ඇත.
රුසියානු ශෝකාන්තය කෘතියේ මෙසේ සඳහන් වේ. කොමියුනිස්ට් වැඩපළවල් උපරිම මට්ටමෙන් සමාජ අන්තර්ගතයන්ගෙන් සමන්විත විය. වෙනත් වැඩපළවල්වල රාජකාරියේ රාජකාරියේ අනිවාර්ය කොටසකු නොවූ බොහෝ සමාජ ක්‍රියාකාරකම් නො අඩුව දක්නට ලැබිණි. බටහිර වැඩපළවල් ඊට ප්‍රතිවිරුද්ධව එබඳු ක්‍රියාකාරකම්වලින් උපරිම මට්ටමෙන් සෝදා පවිත්‍ර කොට ඇත. පෞද්ගලීකරණයේ සමාජ හරය ආර්ථිකය විනාශ කිරීම නොව කොමියුනිස්ට් කණ්ඩායම් සාමූහිකත්වටය විනාශ කිරීමයි.
කොමියුනිස්ට් වැඩපළවල්වල මූලික ලක්ෂණයක් ලෙස මෙහි සඳහන් වන්නේ රාජකාරියට අමතර කණ්ඩායම් ක්‍රියාකාරකම්වලින් සමන්විත වූ බවයි. ඒ හරහා රැකියාව සඳහා මෙන්ම අනෙකුත් සෑම මොහොතකදීම සාමූහිකත්වයක් ගොඩනැගීමට උත්සාහ කරයි. එහෙත් අද ධනපති කර්මාන්ත හිමියන්ගේ ක්‍රියාකාරීත්වය මින් හාත්පසින්ම වෙනස් වී තිබේ. ඔවුන්ගේ අරමුණ කර්මාන්ත ශාලා තුළ ශ්‍රමිකයා හුදෙකලා වූවෙක් බවට පත් කිරීමටයි. ඒ වෙන කිසිවක් සඳහා නොව සූරාකෑම පවත්වාගෙන යාම සඳහාම පමණි.
මේ තත්ත්වය මත වර්තමාන නවලිබරල් සන්දර්භය තුළ ශ්‍රමය හුදෙක් කම්කරුවාගෙන් පරිබාහිර වූ වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇත. සූරාකෑම පවත්වාගෙන යාම සඳහා ධනපතියන් ඉතා ශක්තිමත්ව සංවිධානය වී ඇත.
වර්තමාන වැඩ කරන ජනතාවට සංවිධානාත්මකව පරාජය කළ යුතුව ඇති මෙම අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා විශාල වගකීමක් ඇත. සූරාකෑම සංවිධානය වී ඇති ප්‍රමාණයට වැඩි ප්‍රමාණයකින් සංවිධානය වී ශක්තිමත්ව මෙය පරාජය කළ යුතුය.
0 comments:
Post a Comment