Thursday, October 4, 2018

අ'පුර උපවාසයට සහය දක්වා මැගසින් බන්ධනාගාරයේ රැදවියන් 43ක් ආහාර වර්ජනයක...

පසුගිය සැප්තැම්බර් මස 14 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයේ සිටින දේශපාලන සිරකරුවන් 08 දෙනෙකු උපවාසයක් ආරම්භ කළේය. මේ වන විට ඒ උපවාසයට තවත් දෙදෙනෙකු එක්ව තිබේ. ඔවුන්ගේ එම උපවාසයට සහය පළකරමින් ඊයේ දින එනම් 2018-10-03 වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ රැදවියන් 43න් දෙනෙකු ආහාර වර්ජනයක එළඹ ඇත. 

අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ සිටින රැදවියන් ඉල්ලා සිටින්නේ එක්කෝ තමන්ව නිදහස් කරන ලෙසත් නැතිනම් තමන්ව පුනරුත්ථාපනය සදහා යොමු කරන ලෙසය. මීට ඉහතදීද ඔවුන් උපවාසවල නිරතවූ අතර ඔවුන් එහිදී ඉල්ලා සිටියේ තමන්ට නඩු පවරන ලෙස, දැනටමත් පවරා ඇති නඩු ඉක්මන් කරන ලෙසත්, එසේ නොමැති නම් තමන්ව නිදහස් කරන ලෙසත්ය.

මේ වන විට ලංකාවේ බන්ධනාගාර 13ක දේශපාලන රැදවියන් 108 දෙනෙකු රදවාගෙන සිටී. වසර ගණනාවක් රැදවියන් ලෙස තබාගෙන සිටින මොවුන්ට නඩු පැවරීම, පවරා ඇති නඩු අවසන් කිරීම අවුරුදු ගණනක් ප්‍රමාද කරමින් සිටී. සමහර රැදවියන් වසර 20කට වැඩි කාලයක් බන්ධනාගාරවල සිටින්නේ කිසිදු චෝදනාවක් රහිතවය. 

ලංකාවේ ජාතික දේශපාලනයේ අතකොලුවක් බවට පත්ව ඇති මෙම දේශපාලන සිරකරුවන් පිළිබදව මැතිවරණ කාල සීමාව  තුළ කථාබහ කළද, අනතුරුව ඔවුන්ගේ ප්‍රශ්න විසදනවා වෙනුවට ඔවුන්ව පාවිච්චි කරමින්, ඔවුන්ව වවාගෙන කෑමට ධනේෂ්වර දේශපාලකයෝ කටයුතු කරමින් සිටී.

0 comments:

Post a Comment