Thursday, October 25, 2018

අග්නිදිග වසා දමා සිසුන් අත්අඩංගුවට ගනී.

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුන් 17 දෙනෙකුට අත්තනෝමතික ලෙස පැනවූ පන්ති තහනම් ඉවත් කරන ලෙස කොළඹ ලිප්ටන් වටරවුමේ පවත්වනු ලබන සත්‍යග්‍රහයට දින 100 ඉක්මවා ඇති නමුත් පරිපාලනය සිටින්නේ කිසිවක් නොවූ ලෙසිනි. තමන්ගේ ඉගෙනීමට ඇති අයිතිය ඉල්ලා මෙලෙස තාක්ෂණික පීඨයේ සිසුන් අවසානයේ උපකුලපතිගෙන් විසදුමක් ඉල්ලා අග්නිදිග පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටීමට තීරණය කර ඇත.මෙම සිසුන්ගේ දෙමාපියන්ද උපකුලපති හමුවීමට පරිපාලන ගොඩනැගිල්ලට පැමිණි නමුත් කුහක උපකුලපති විසදුම් දෙනවා වෙනුවට සිදු කළේ විශ්වවිද්‍යාල නිළධාරියෙකු ලවා දොරවල් සහ වැසිකිළිවල දොරවල් වසා දැමීමයි.ඒ වගේම තමන්ට පණවා ඇති මාස 3නේ පන්ති තහනම් මාස 04 දක්වා දිර්ඝ කිරීමට පරිපාලනය කටයුතු කිරීමෙන් සිසුන් තවත් අපහසුතාවයට ලක් කිරීමට ඔවුන් පසුබට වූයේ නැත. මෙම ගැටලුවලට විසදුම් ඉල්ලා පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටි සිසුන් මර්දනය කිරීම සදහා කුහක උපකුලපති විශ්වවිද්‍යාල භූමියට උසාවි නියෝග සහිතව පොලිසිය සහ හමුදාවද කැදවන ලදී. විශ්වවිද්‍යාල භුමියේ ඇති සියලුම ජල මූලාශ්‍ර සහ විදුළිය විසන්ධි කර සියලුම සිසුන්ට පන්ති තහනම් කර අග්නිදිග විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමටද ආණ්ඩුවේ හෙන්චයියන් කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය.

මෙසේ දිගින් දිගටම මර්දනය කැදවූ රනිල් මෛත්‍රී ආණ්ඩුවේ කුලී හේවායින් අද දිනයේ විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටි තාක්ෂණික පීඨ සිසුන් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණ. මෙහි වැදගත්ම කාරණය වූයේ විශ්වවිද්‍යාලය සතු බස් රියකම මෙම සිසුන් අක්කරෙයිපත්තු පොලිසියට රැගෙන යෑමයි. පසුව ඔවුන්  උසාවියට රැගෙන යෑමට පොලිසිය කටයුතු කළේය.මෙලෙස අග්නිදිග විශ්වවිද්‍යාලය වසා දමා තාක්ෂණික පීඨ සිසුන් අත්අඩංගුවට ගෙන මර්දනය ගෙන ඒමේ ආණ්ඩුවේ නියමු ව්‍යාපෘති අග්නිදිගට පමණක් සීමා නොවී අනෙක් විශ්වවිද්‍යාලයන් වලටත් රැගෙන යාමේ කූට උපක්‍රමයන් ඉදිරියට ගෙනඒම නියත වශයෙන් සිදුවීමට ඉඩ ඇත.ඒ නිසා මෙලෙස ආණ්ඩුවේ සිදු කරන සිසු මර්දනයට එරෙහිවත් නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමට එකාවන්ව පෙළ ගැසිය යුතුය.

0 comments:

Post a Comment