
රනිල් - මෛත්‍රී ආණ්ඩුව බලයට පැමිණිමට පෙර ලබාදුන් එක් මැතිවරණ පොරොන්දුවක් වූයේ මෙම ගැටලුව විසදනවා යන්නයි. පුරසාරම් දෙඩුවත් තවමත් මේ වන විට ඔවුන් බලයේ සිටින්නේ කිසිදු දේශපාලන සිරකරුවෙකු බන්ධනාගාරයන් තුළ නොසිටින ආකාරයටය. මෙරට පැවති තිස් අවුරුදු යුධ වාතාවරණය හුදු සාමාන්‍ය ජනයාගේ අවශ්‍යතාවයක් මත හෝ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ උවමනාවට සිදු වූවක් නොවේ. මේ පිටුපස හුදෙක් දේශපාලන හස්තයන් මෙන්ම හුදෙක් දේශපාලන, සමාජ, ආර්ථික කරුණු කාරණා බොහොමයක් ඇත. මේ වන විට යුද්ධය අවසන් වී යැයි බොහෝ දෙනා පිළිගෙන ඇත. නමුදු දේශපාලන, සමාජ, ආර්ථික සංසිද්ධි මූලික කරගනිමින් එක්තරා පිරිසක් තවමත් බන්ධනාගාර ගතකොට ඇත. නමුත් මෙරට සිටි, සිටින ධනේෂ්වර පාලකයින්ට මෙම දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය අදාළ නොවීම බරපතල ගැටලුවකි.

මෙම අරගලයට සහය දක්වමින් හා දේශපාලන සිරකරුවන්ගේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන මෙන් ආණ්ඩුවට බලපැම් කිරිම සඳහා අනුරාධපුර නගරයේ 2018-10-05 වන දින විරෝධතා උද්ඝෝෂණයක් සිදු කරනු ලැබු අතර, එය සංවිධානය කරනු ලැබුවේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ සංවිධානය විසිනි. මෙම විරෝධතා උද්ඝෝෂණයට සම අයිතිය ව්‍යාපාරයද සහභාගි වි සහය දක්වන ලදී.
0 comments:
Post a Comment