Friday, October 5, 2018

ESOFT ආයතනය මාධ්‍ය හරහා ප්‍රකාශ කරන චෝදනා අසත්‍යයි!



                                                                     ගම්පහ Esoft metro campus ආයතනයේ ඉගෙනුම ලැබූ තරින්දි චතුප්‍රබා විජේරත්න සහ ශෙනුකා ගිම්හානි යන සිසුවියන් දෙදෙනා එම ආයතනයට යන්නේ එහි ඩිප්ලෝමාවක් කොට විදේශීය විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබීමටය. මේ සදහා උපදෙස් දී ඇත්තේ එම ශඛාවේ නිළධාරිනියක් විසින්ය. මෙම  Esoft metro campus ආයතනය පියර්සන් ආයතනයට අනුබද්ධිත ආයතනයක් බවත්, මෙම ඩිප්ලෝමාව හැදෑරීමෙන් පසු විදේශීය විශ්වවිද්‍යාලයක උපාධියක් සදහා ලියාපදිංචි විය හැකි බවත් Esoft ආයතනය  මෙම සිසුවියන්ව දැනුවත් කොට ඇත. 


එහිදී පියර්සන් ආයතනයේ ලියාපදිංචිය සදහා මුලින් රු.50000.00 ක්ද අනතුරුව මාසික වාරිකය රු.10000.00 බැගින් වූ වාරික 15ක් මගින් රුපියල් 150000ක්ද මෙම ආයතනයට ගෙවා ඇත. එහෙත් අවසානයේදී පියර්සන් ලියාපදිංචිය සදහා මුදල් ගෙවා නැති බවත්, ලබාදිය යුතු නිබන්ධන සියල්ල ලබා දී නැති බවත් සදහන් කරමින් මුලින් කී සිසුවියන් දෙදෙනාව අසාධාරණයට පත්කර ඇත. දෙමාපියන් මේ පිළිබද සොයා බැලූ කල ගම්පහ Esoft metro campus ආයතනය විසින් ලිපියක් හරහා දැනුම්දී  ඇත්තේ ලියාපදිංචිය සම්බන්ධයෙන් තම ආයතනයෙන් අඩුපාඩුවක් සිදුවී ඇති බවයි. 

මෙම ක්‍රියාවලිය හරහා පාසල් අධ්‍යාපනයද, ඩිප්ලෝමාව පිළිබද සිහිනයද බොද කර ගැනීමට එම සිසුවියන් දෙදෙනාට සිදුවී තිබේ. මෙම අසාධාරණය පිළිබදව ගම්පහ Esoft metro campus ආයතනයටද, ගම්පහ පොලිසියටද දැනුවත් කළද එයිනදු පිළිතුරක් නොලැබුණු තැන දෙමාපියන් විසින් මාධ්‍ය හමුවක් පවත්වා මෙම අසාධාරණය පිළිබදව කරුණු පැහැදිලි කළේය. එමෙන්ම එම ආයතනය ඉදිරිපිට විරෝධතාවක්ද සිදු කරන ලදී. 

Esoft ආයතනය විසින්  මාධ්‍ය හමුවක් පවත්වා මෙම සිද්ධියේ වරද සිසුවියන් දෙදනො සහ දෙමාපියන් මත පටවා තිබේ. Esoft ආයතනය කරන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මෙම අසාධාරණයට මෙම ආයතනය වගකිව යුතු බවත් අසාධාරණයට පත් සිසුවියන්ගේ දෙමාපියන් සහ ඒ වෙනුවෙන් පෙනී සිටින පාර්ශව කියා සිටී. මේ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා ගනුලැබූ මාධ්‍ය හමුවේදී  එම සිසුවියන් දෙදෙනාගේ ඥාති සොහොයුරියක වන දිල්ශානී විදූෂා සොහොයුරිය දැක්වූ අදහස්...


0 comments:

Post a Comment