Thursday, October 11, 2018

පිරිවෙන් අවසාන සිසුන්ට භික්ෂු අන්තරෙන් සම්මන්ත්‍රණ මාලාවක්





මූලික පිරිවෙන් අවසාන විභාගයට පෙනීසිටින සිසුන්ට අත්වැලක් වෙමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් වාර්ෂිකව පැවැත්වෙන පුරන් වූ දැනුම් කෙත ප්‍රඥාවෙන් අස්වද්දන්නට සිප්යාය සම්මන්ත්‍රණ මාලාව මෙවරත් පැවැත්වේ. උතුරුමැද, මධ්‍යම, නැගෙනහිර, දකුණ හා උෟව පළාත් ආවරණය කරමින් මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වේ. මේ වන විටත් උෟව පළාත් සම්මන්ත්‍රණ දියතලාව, අලුත්වෙල උතුර, පිරිවෙන් සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර එය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය විසින් මෙහෙයවයි. පේරාදෙණිය සාමූහික භික්ෂු සංගමයෙන් මෙහෙයවන මාතලේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණය ඔක්. 13 වන දින ආරම්භවීමට නියමිතය.

මූලික පිරිවෙන් අවසාන විභාගය යනු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට සමාන්තරව පිරිවෙන් සිසුන් ස‍දහා පැවැත්වෙන විභාගයයි. පළාත කිහිපයක හැර දිවයිනේ සියලු පළාත් ආවරණය කරමින් පිරිවෙන් අවසාන සිසුන්ට අත්වැලක් සැපයෙන කිසිදු වැඩසටහණක් රජය මගින් ක්‍රියාත්මක වන්නේ නැත. මෙවර රජය මගින් කරන සම්මන්ත්‍රණ කිහිපය සිදු  කෙරෙන්නේද සිසුන්ගෙන් මුදල් අයකරමින් වන අතර පිරිවෙන අමාත්‍යාංශය මගින් ඒ සදහා වෙන් කළ ප්‍රතිපාදන කප්පාදු කර තිබේ. 

වෙනකක් තබා පිරිවෙන් සිසුන්ට අවශ්‍ය පෙළ පොත් ලබා දීම සිදු කෙරුණේද සැප්තැම්බර් මාසයේ වන අතර ඒ නිසාවෙන් පිරිවෙන් අවසාන සිසුන් මෙවර මුහුණ දී ඇත්තේ ඉමහත් අර්බුදයකටය. නව විෂය නිර්දේශයක් හා නව ප්‍රශ්න පත්‍ර ආකෘතියක් හදුන්වා දී ඇති තත්ත්වයක් තුළ මෙය වඩාත් සංකීර්ණ වී තිබේ. 

රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළින් ශාස්ත්‍රීය විෂයයන් ඉවත් වෙමින් යන තත්ත්වයක් තුළ මේ පිළිබදව අප පුදුම විය යුතු නොවේ. ශාස්ත්‍රීය විෂයය කප්පාදුවට එරෙහිව අඛණ්ඩව අරගල කරන අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය මෙම සිප්යාය සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරන්නේ එහිම එක් පියවරක් වශයෙනි. 

0 comments:

Post a Comment