Wednesday, December 12, 2018

විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මධ්‍යම පුවත්පත, ගිනිසිළුව 2018 දෙසැම්බර් කලාපය






නවලිබරල් පාලකයන් බල සූදුවකය. 
ඊළඟ තුරුම්පුව කාගෙන්ද? 
මහින්දගෙන්ද, මෛත්රීගෙන්ද , රනිල්ගෙන්ද? දිනන්නේ කවුද? 
දිනෙන් දින උණුසුම් වන සූදු පිටියේ අලුත්ම පුවත් මාධ්ය මගින් රස කරමින් වාර්තා කරති. ඉදින් සියල්ලෝම සඳළුතලය දෙස නෙත් හයා බලා හිඳිති. රස විඳිති.
වතු කම්කරුවන්ගේ ඉල්ලීම් ඉටුවීද?
රජරට, අග්නිදිග සිසු ගැටලු විසඳුවේද?
සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන් නේද?
හෝමාගම ඉඩම් විකිණීම නවතියිද?
ත්රස්ත විරෝධී පනත අහෝසි වෙයිද?
රුපියල බාල්දුවීම නවතියිද? බඩුමිල අඩු වෙයිද?
බදු බර නැතිවෙයිද? පඩි වැඩි වෙයිද?
අධ්යාපනය, සෞඛ්ය විකිණීම නවතියිද?
මෙකී නොකී දහසකුත් එකක් ප්රශ්නවලට විසඳුම් ලැබෙයිද? කිසිවෙකුට අදාළ නැත. මහපුටුවල කවරෙකු ලැග සිටියත් ක්රියාත්මක වන්නේ නවලිබරල් ප්රතිපත්තියයි. එහි වෙනසක් නැත. ප්රජාතන්ත්රවාදයේ පරණ මුව හමටම නවලිබරල් පාලකයන් අද නැවතත් තඩිබාමින් සිටිති. විනාශකාරී ආර්ථික ප්රතිපත්තියක් කරපින්නාගත් පාලකයන්ගෙන් ලැබෙන ප්රජාතන්ත්රවාදයක් නැත. අවම වශයෙන් ධනේෂ්වර නොණ්ඩි ගහන ප්රජාතන්ත්රවාදයවත් සමාජයේ පාත මාලයට උරුම නැත.
ඉදින් තවත් අපි රැවටෙමුද?
ගතවෙන මොහොත යනු අරගලයේ මොහොතයි. ඉදින් සහෘදයනි, අපි එකතු වෙමු.
සංවිධානය වෙමු. අයිතීන් උදෙසා එක්ව සටන් වදිමු!

0 comments:

Post a Comment