Thursday, December 13, 2018

ගරිල්ලා සිත්තරෙක් බැන්ස්කි..



ගරිල්ලා සිත්තරෙක් බැන්ස්කි...

චිත්‍ර කලාව තුළ මේ වන විට  තරුවක් බවට පත්වී සිටින බැන්ස්කි ප්‍රධාන දහරාවේ චිත්‍ර කලා සංස්කෘතිය දෙදරුම් කවන්නට සමත් වී ඇත. බැන්ස්කි සුවිශේෂි වන්නේ සිතුවම් කලාව තුළ පැවැති ඔහුගේ සුවිශේෂිත්වය පමණක් නිසාම නොව කලාකරුවෙකු ලෙස ඔහු පෙන්වා දුන් ඔහුගේ භාවිතයත් නිසාවෙනි.
ඔහුගේ කලා මාධ්‍ය චිත්‍ර කලාව බවට පත් වූවත් ඒ සිතුවම් නිර්මාණය වූයේ සුපුරුදු කැන්වස් හෝ කඩදාසි කොළ මත නම් නොවේ. ප්‍රසිද්ධ ස්ථානවල ලද සෑම ඉඩක්ම ඔහුගේ සිතුවම්වලට ප්‍රමාණවත් විය. මෙසේ වීදි, තාප්ප, බිත්ති තුළ සිතුවම් කිරීම චිත්‍ර කලාව තුළ හඳුන්වනු ලබන්නේ ග්‍රැෆිට් ලෙසිනි. බැන්ස්කි තම සිතුවම් කලාව සඳහා ග්‍රැෆිට් සම්ප්‍රදාය තෝරා ගනු ලැබීමට
 සුවිශේෂී හේතුවක් වූයේ
 මිනිසා කාර්යබහුල බවට පත් කර ඇති ධනේෂ්වර සමාජ ක්‍රමය තුළ
 මිනිසුන්ට කලාව රස විඳීමට නොහැකි වීම නිසා මිනිසුන් අසලට කලාව ගෙන යාමටය. ග්‍රැෆිට් නිර්මාණ කරණයේ නියැලීම පහසු කටයුත්තක් නොවන්නේ මහා සම්ප්‍රදාය උල්ලංඝණය කරමින්, ඒවායේ පූර්ව නිශ්චිත තත්ත්වයන් ගණනකට නොගනිමින් කලාව වීදියට රැගෙන ඒමේදීි මහා සම්ප්‍රදායෙන් එල්ලවන චෝදනා අතිමහත් වන හෙයින් මෙන්ම එය අභියෝගාත්මක කටයුත්තක් වන හෙයිනි. ඔහු සිතුවම් කලාව සඳහා තේමාවන් බවට පත් කරගනු ලැබුවේ ද ක්‍රම විරෝධී තේමාවන්ය. ඒ
 බොහෝමයක් සිතුවම් යුධ විරෝධීය. ප්‍රචණ්ඩත්වයට එරෙහිය. මිනිස් අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කළ යුතු නූතන තාක්ෂණය වෙළඳපොළ විසින් අත්පත් කර ගැනීම වැනි ධනේෂ්වර අගතීන්ට එරෙහිව තම හැකියාව ඔහු විසින් භාවිත කරන ලදී.
බැන්ස්කි කෙතරම් ජනප්‍රිය සිත්තරෙක් බවට පත්වූවත් ඔහුගේ පැවැති සුවිශේෂීත්වය නම් ඔහු කිසිඳු විටක තම අනන්‍යතාවය හෙළි කර නොතිබීමයි. බැන්ස්කි සෑම විටකම විශ්වාස කරනු ලැබුවේ තම නිර්මාණය තුළින් සමාජයට ලබා දෙන
 පණිවිඩය, අදහස මිස තමා කවුද යන්න දැනගැනීම එතරම් වැදගත් නොවන බවයි. රටවල් විශාල ප්‍රමාණයක මේ වන විය ප්‍රදර්ශන පවත්වා ඇතත් බැන්ස්කි කවුරුන්ද යන්න
 අභිරහසක්ව පවතින්නේ බැන්ස්කි විසින් දරනු ලබන මෙම අදහස නිසාවෙනි.
එංගලන්තයේ බි්‍රස්ටල් නගරය මූලික කර ගනිමින්  මුල් කාලීනව නිර්මාණකරණයේ යෙදුණු ඔහුගේ නිර්මාණ පසු කාලීනව ලෝකය පුරා ව්‍යාප්තවීම හරහා පවතින ක්‍රමය අභියෝගයට ලක්වන විට ඔහුට පැමිණි බලපෑම් වැඩි වන්නට විය. දේශපාලකයින් හා විවිධ
සංවිධාන චෝදනා කරනු ලබන් නේ ග්‍රැෆිට් නිර්මාණ හේතුවෙන් ප්‍රසිද්ධ ස්ථාන අපවිත්‍ර වන බවයි. එංගලන්තයේ ධනපති නීතියට අනුව ප්‍රසිද්ධ ස්ථාන විනාශ කිරීම යටතේ වසර 10ක සිර දඬුවමකට ලක් කළ හැක. එම නිසා ඔහුව සිරභාරයට ගැනීමේ අවදානමක්ද මතුව ඇත. කෙතරම් අවදානමක් පැවතුනද ඔහු ජනතාව වෙනුවෙන් නිර්මාණ කිරීම අත්හැර නැත.
වරක් මාධ්‍ය  විසින්  සුප්‍රකට  සාචි හා සාචි සමාගමේ හිමිකරු චාල්ස්  සාචි  ඔහුගේ රසිකයෙකු වන නිසා තම නිර්මාණ චාල්ස් සාචි හට විකුණන්නේද යන්න විමසූ විට ඔහු පවසා සිටියේ “ඔහුට ඔහුගේ මුදල් ඔහු ළඟම තියා ගන්න පුළුවන්, මම කැමති එක්
 අයෙක් ළඟ තියා ගන්නවාට වඩා මගේ නිර්මාණ මිනිස්සු දස දහස් ගණනක් අතරේ තබන්න” යනුවෙනි.
බැන්ස්කිගේ ජනප්‍රිය භාවය හේතුවෙන් භසනැ සමාගම ඔහුට තම සමාගම වෙනුවෙන් වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමට ආරාධනා කළ විට එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා සිටියේ,
 “මම විකිණෙන්න කැමති නෑ. මම කැමති මගේ නිර්මාණ වෙනුවෙන් අවධානය යොමු කරන්න.” යනුවෙනි.
බැන්ස්කි විසින් කළ නිර්මාණ අතර ඩයනා කුමරියගේ රුව රැගත් බි්‍රතාන්‍ය පවුම් 10ක ව්‍යාජ මුදල් නෝට්ටුව දැඩි ආන්දෝලනයකට ලක් වූ නිර්මාණයකි. සාමාන්‍යයෙන් බි්‍රතාන්‍ය පවුම්
 නෝට්ටු හා කාසි සඳහා යොදා ගනු ලබන්නේ බි්‍රතාන්‍ය රුජිනගේ රුවය. බි්‍රතාන්‍යයේ ඩයනා කුමාරිය රජ පවුල තුළ දැඩි ආන්දෝලනයකට ලක් වූ චරිතයකි. ඔහු ඩයනා කුමරිය යොදා ගත්තා පමණක් නොව නෝට්ටුවෙහි
ඉ්බන දf ෑබටක්බා යන්න වෙනුවට ඉ්බනිහ දf ැබටක්බා ලෙස වෙනස් කොට තිබුණි. මෙම මුදල් නෝට්ටුව එංගලන්තයේ කළු ජාතිකයන්ගේ සාම්ප්‍රදායික උත්සවයක් වන නොට්සග්ගම් සැනකෙළියේදී බෙදා හැර ඇත. ඇතැම් පුද්ගලයන් මෙම නෝට්ටුව හුවමාරු කර භාණ්ඩද ලබාගෙන තිබුණි. එසේම මෙම මුදල් නෝට්ටුව ෑඉමහ වෙබ් අඩවිය තුළ පවුම් 100කට වඩා අධික මුදලක් දක්වා දැනටමත් විකිණෙමින් පවතී.
බැන්ස්කි චිත්‍ර ශිල්පියෙක් පමණක් නොව වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ද වේ. ඔහු විසින් නිර්මාණය කරන ලද ැංසඑ එයරදමටය එයැ ටසff ියදච  නම් වාර්තා චිත්‍රපටය 2011 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම වාර්තා චිත්‍රපටය ලෙස නිර්දේශ විය.බොහෝ පිරිසක් බැන්ස්කි මෙම උළෙලට සහභාගි වේ යැයි බලාපොරොත්තු වුවත් බැන්ස්කි එයට සහභාගි
 නොවීය.
බැන්ක්සි විසින් පලස්තීන බටහිර ඉවුර ප්‍රදේශයේ ඊශ්‍රාලය හා පලස්තීනය වෙන් කිරීමට ඉදිකර ඇති සැතැපුම් 425ක් දිග තාප්ප මත ග්‍රැෆිට් චිත්‍ර 09ක් නිර්මාණය කර ඇත. මෙම ප්‍රදේශය යනු දැඩි අවදානම් සහිත ප්‍රදේශයකි. නමුත් පලස්තීන ජාතිකයන්ව පීඩාවට පත් කිරීමට එරෙහිව ඔහු ජීවිත අවදානමද නොතකා නිර්මාණකරණයේ යෙදුණි. දහස් ගණන් නිර්මාණ කරුවන් අතරින් අපට බැන්ක්සිව කියවා ගැනීම වැදගත් වන්නේ වර්තමානය තුළ තමාව විකුණා ගැනීමට සැම උත්සාහයක්ම ගන්නා මිනිසුන් අතර නොවිකිණෙන සමාජ අරමුණක් සහිතව නිර්මාණ කරනයේ නියැළෙන කලාකරුවෙක් ලෙසට ඔහුගේ ජීවිතය තුළින් අපගේ ජීවිතට එකතු කරගත හැකි බෝහෝ දේ ඔහු සතුව පවතින නිසාවෙනි.

0 comments:

Post a Comment