Wednesday, December 12, 2018

හෙට අරගලයට සිසු ජන බලයක්..






අධ්‍යාපනය සෞඛ්‍ය විකුණන, ජනතා අයීතීන් කප්පාදු කරන ප්‍රජාතන්ත්‍රවිරෝධී නව ලිබරල් ප්‍රතිපත්තියට එරෙහි ”හෙට අරගලයට සිසු ජන බලයක්” තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පසුගිය දෙසැම්බර් 12 වන දින විරෝධතා පාගමනක් හා රැළියක් කොළඹදී සංවිධානය කර තිබුණි.
සෞන්දර්්‍යය කලා විශ්වවිද්‍යාලයෙන්  පාගමන ආරම්භ කර කොළඹ කොටුව දක්වා පැමිණි ශිෂ්‍යයන් එහි විරෝධතා රැළිය  පැවැත්වීමට කටයුතුකල අතර ඒ සදහා  විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල ආචාර්්‍යයවරු, සිවිල් ක්‍රියාකාරිකයන් සම්බන්ධ විය. 
  පසුගිය දශක ගණනක් මුළුල්ලේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අධ්‍යාපනය විකිණීමට එරෙහිව සහ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම සදහා අඛණ්ඩව අරගලයක නිරතව සිටින බවත්. අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි ක්ෂේත්‍ර විකිණීමටත්, රාජ්‍ය ආයතන විකිණීමටත් එරෙහිව එම අරගලය ක්‍රියාත්මක කරන බවත් ආසන්න මාස කිහිපය සැලකුවද එම අරගලය අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන මොහොතක් වන බවත් එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු මහීල් බණ්ඩාර සහෝදරයා පැවසීය.
තව දුරටත්  අදහස් දැක්වූ ඔහු ප්‍රකාශකර සිටියේ මේ මොහොතේ රට තුළ බරපතල දේශපාලන අර්බූදයක් නිර්මාණය වී තිබෙන අතර එය ධනේෂ්වර පාලකයන්ගේ බලපොරයක ප්‍රතිඵලයක් වන බවයි. එම බලපොරය කුමන පාර්ශවය ජයග්‍රහණය ලබාගත්ත ද ඉතිහාසයක් පුරා මේ ධනේෂ්වර පාලකයන් ගෙනා ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙනයන නිසා එම ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතා අයිතීන් දිනාගැනීම සඳහා වන සාමූයික අරගලයක් අප ඉදිරියේ ඇති බවයි.
මෙම රැළියේදී අන්තර් විශ්වවිද්‍යාල්‍යීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි මෙන්ම වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු දිදුල අමරසිංහ සහෝදරයාද අදහස් දක්වන ලදී. එමෙන්ම  අධ්‍යාපනය, සෞඛ්‍ය විකුණන, ජනතා අයිතීන් කප්පාදු කරන නවලිබරල් ප්‍රතිපත්තියට එරෙහිව සිසු-ජන බලයක් ගොඩනැගීමට අප්‍රතිහත ධෛර්යයෙන්, කැපවීමෙන් යුතුව සටන් කරන බවටත්, ශිෂ්‍ය ව්‍යාපාරය  ඒ වෙනුවෙන් සටන් කිරීමට නායකත්වය ගන්නා බවටත්  ප්‍රතිඥාවක්ද සියලු සිසුන් විසින් ලබා දෙන ලදී.

0 comments:

Post a Comment