Monday, February 25, 2019

1000 ව්‍යාපාරයේ සහෝදර සහෝදරියන්ට තර්ජන ගර්ජන

වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000 කරන ලෙස බොගවන්තලාව නගරයේදී පෙබරවාරි 24 දින සංවිධානය කරන්නට සූදානම් වූ රැළිය පිළිබද ජනතාව දැනුවත් කිරීමක් 1000 ව්‍යාපාරය විසින් බොගවන්තලාවේදී 23 වැනිදා සිදු කරන ලදී. එහිදී බොගවන්තලාව නගර මධ්‍යයේ දැනුවත් කිරීම් කර සිටි සහෝදර සහෝදරියන්ට දිගම්බරන්ගේ මැර පිරිසක් කඩා වැද සියල්ලම නවතා දමන්නැයි කර්ජනය කල අතර පහරදීමටද උත්සහ කළේය. එමෙන්ම 24 දින සංවිධානය කළ රැළිය පවත්වන්නටද ඉඩනොදෙන බව ඔවුන් තර්ජනය කරන ලදී. 24 දින අගමැති රනිල් වික්‍රමසිංහ බොගවන්තලාව නගරයට පැමිණෙන බවත් එහිදී අලුතින් තැනූ නිවාස විවෘත කිරීමේ වැඩපිළිවෙලක්ද සංවිධානය කර ඇති බවත් දැනගන්නට ලැබී ඇත.





0 comments:

Post a Comment