Thursday, February 28, 2019

ගුරු විදුහල්පති ගැටලූ වලට වහා විසදුම් ලබාදෙන ලෙස ගුරුවරුන් විරෝධතාවක...

x BC පෙරේරා වැටුප් කොමිසමෙන් සිදු කළ අසාධාරණය නිවැරදි කර ගුරු වැටුප් වැඩි කරනු!
x ගුරුවරුන්ට වදයක් වූ සිසුන්ට පලක් නොවූ කොළ පිරවිල්ල නවතනු!
x වැටුප් විෂමතා, හිඟ වැටුප්, වැටුප් වර්ධක, උසස්වීම් ගැටළු වහා විසඳනු!
x ගුණාත්මක ජාතික ගුරු අධ්‍යාපන වැඩපිළිවෙළක් සකසනු!
x විධිමත් ගුරු මාරු පටිපාටියක් ස්ථාපිත කරනු!
x පාසල් තුළ මුදල් අයකිරීම නවතනු!
x අධ්‍යාපනයට 6% ක් වෙන් කරනු!
x දරුවන් මානසික රෝගීන් කරන වත්මන් අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කරනු!

යන සටන් පාඨ මූලික කරගනිමින් ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් අද දින 28 ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදී. දිගු කලක් ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සේවාවන් සම්බන්ධ යුක්තිය ඉටු නොකරීමෙන් උද්ගතව ඇති වැටුප් ගැටලූ ඇතුළු ගැටලූ සම්බන්ධව වහාම විසදුම් ඉල්ලා මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණ. මේ වන තෙක් පාසල්වල විශාල ගැටලූ ප‍්‍රමාණයක් තීබීම හේතුවෙන් පාසල් අධ්‍යාපනය ගුණාත්මක තත්වයෙන් පහළ වැටී ඇත. මෙම සියලූම ගැටලූවලට පාලකයින් වගකිව යුතු බවටත් ඔවුන් ප‍්‍රකාශ කර සිටී. පසුව මොවුන්ට අමාත්‍යංශ ලේකම්වරයෙකු සමග ප‍්‍රශ්ණ සාකච්ඡුා කිරීමට අවස්ථාව ලැබිණ.

















0 comments:

Post a Comment