Thursday, March 14, 2019

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව සිදුකළ විරෝධතාවයේදී අන්තරේ කැදවුම්කරු මහීල් බණ්ඩාර අත්අඩංගුවට...

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒ්මට සැරසෙන ප්රතිත්රස්ත පනතට ඒරෙහිව  අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් 2019-03-13  විරෝධතා පාගමනක් සංවිධානය කරනු ලැබූ අතර  විරෝධතා පාගමන සඳහා අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය නියෝජනය කරමින් විශාල ප්‍රමාණයක් එක්වී සිටියහ. විරෝධතා පාගමන පාර්ලිමේන්තුව දෙසට ගමන් කල අතර එය වළක්වාලමින් පොලිසිය විසින් මාර්ග බාධක යොදා ස්ථාන දෙපොලකින් අවහිර කර තිබිණ.  විරෝධතාකරුවන් හට  අගමැති සහ පක්ෂ නායකයින් සමග මේ පිලිබඳ සාකච්චා කිරීමට අවශ්‍ය යැයි පැවසුවත් පොලිසිය විසින් ප්‍රකාශ කර සිටියේ අගමැතිවරයා  පාර්ලිමේන්තුව තුල නොසිටින බවයි. එම පිලිතුර ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට සුදානම් වූ සිසුන්ට පොලිසිය විසින් අමානුෂික ලෙස අධි පීඩන ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර කිහිපවිටකදිම එල්ල කරන ලද අතර එම ප්‍රහාරවලින් සිසුන් තිදෙනෙක් රෝහල් ගත කෙරිණ. විරෝධතාවය අතරතුර  සිසුන් ලුහුබැද යමින් පහර දුන් පොලිස් කැරලි මර්දන භටයෝ අ.වි.ශි.බ.ම කැදවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙනිය සහෝදරයාට අමානුෂික අන්දමින් පහරදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබිය. 

අ.වි.ශි.බ.ම කැදවුම්කරු සහෝදරයා පසුව වැලිකඩ ‌පොලිස් ස්ථානයට රැගෙන ‌ගොස් ‌පොලිස් බාරයේ තබා 2019-03-14 දින ‌ෙකොළඹ අලුත්කඩේ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර ඒහිදී  ‌ෙමොහු කලහකාරී ‌ලෙස හැසිරුණා යැයි ‌ෙචෝදනා ‌ගොනුකිරීමෙන් පසුව 2019-03-18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී. පාගමන අවසානයේ පැවැත් වූ රැළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර ගෙන ආ රථය විරෝධතාව අවසානයේ නැවත පිටත් ව යන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට දෙන ආයතනයේ දෙදෙනකු හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් හත්දෙනෙකු තලංගම පොලිස් ස්ථානයට ගෙන ගොස් තර්ජනය කරමින්බැන වදිමින් පහර දීමට උත්සහ කර තිබේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පුරසාරම් දොඩන රනිල්  ආණ්ඩු ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත කර ගැනීමට පෙර මෙලෙස සිදු කරන මර්දනයන් අනුව ගෙන ඒ්මට නියමිත ප්‍රතිත්‍රස්ත පනත සම්මත කිරීමෙන් පසු ඔවුන් කි‍්‍රයාකිරීමට බලාපොරොත්තු වන කුරුමානම පිළිබදව සිතා ගැනීමට අපහසු නැත.















0 comments:

Post a Comment