ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යන හා සුභසාධන ගැටළු වලට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුහු 2019.07.17 වන දින විරෝධතා ගමනක් සංවිධානය කර තිබුණි. විරෝධතා පා ගමන සෞන්දර්යය විශ්වවිද්‍යාල භූමියෙන් ආරම්භ වී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන් කර ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශය දක්වා යන ලදී.
පා ගමන,
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතින උග්‍ර අධ්‍යයන හා සුබසාධන ගැටළු වහා විසඳනු.!
යන මුලික සටන්පාඨය ඇතුළු,.
-අවශ්‍ය සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් වහා ලබාදෙනු!
ස්ථිර නේවාසිකාගාර සංකීර්ණයක් වහා ඉදිකරනු !
-ආචාර්ය්වරු නෑ, දේශනශාලා නෑ,
විද්‍යාගාර නෑ,
තාක්ෂණ පීඨයේ සියලු අධ්‍යන සුබසාධන ගැටලු වහා විසඳනු !
-ඉංජිනේරු පීඨ සංකීර්ණය වහා ඉදිකරනු !
-ශාස්ත්‍ර පීඨයේ නව පීඨ ගොඩනැගිල්ල වහා ලබාදෙනු !
-කළමනාකරණ පීඨයේ ඉදිකිරීමට යෝජිත නව පරිගණක මධ්‍යස්ථානය හා ඉංග්‍රීසි ඉගැන්වීමේ ඒකකය වහා ඉදිකරනු !
-නව ශ්‍රවණාගාරයක් වහා ලබාදෙනු !
-විශ්වවිද්‍යාලයේ පවතින ක්‍රිඩා ගැටලු වහා විසඳනු !
අංග සම්පූර්ණ නව ක්රීඩාගාර සංකීර්ණයක් වහා ලබාදෙනු !
ඉල්ලීම් 07ක් මුලික කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment