පෞද්ගලික
විශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ ආණ්ඩුවේ අරමුණු ඉදිරියට ගෙන යමින්
සියලූ පෞද්ගලික හා රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ බලය පවරනු ලබන ආයතනයක්
බිහි කිරිමට අවශ්‍ය නීති කෙටුම්පත් මේ වනවිට ආණ්ඩුව විසින් සකස් කර ඇත.
2012 වසරේදී
හඳුන්වාදීමට සූදානම් වූ ‘තත්ව සහතික කිරීමේ හා ප‍්‍රතීතන පනත’ යටතේ මෙම උත්සාහය
ගෙන එනු ලැබූ නමුත් විරෝධතා මධ්‍යයේ එය හකුළා ගන්නා ලදී. ඉන්පසුව ‘සයිටම්’ හොර
උපාධි ආයතනය නීතිගත කිරිමේ ක‍්‍රියාවලියට අදාළව මෙම පනත හඳුන්වා දීමට ආණ්ඩුව
උත්සාහ ගනු ලැබුවද ශිෂ්‍ය ව්‍යාපාරයේ අඛණ්ඩ අරගල හමුවේ ‘සයිටම්’ ආයතනයද අහෝසි
කිරීමෙන් පසුව නැවත එම පනත සම්මත කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව ශිෂ්‍ය ක‍්‍රියාකාරීහු
පවසති.
මෙම පනත යටතේ
උසස් අධ්‍යාපන ආයතන ලෙස විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, වෘත්තිය අධ්‍යාපන ආයතන නියාමනයට අදාළව පිහිටුවන තත්ව
සහතික කිරීමේ හා ප‍්‍රතීතන කොමිසමක් හරහා එක් එක් වෘත්තීන්ට අදාළ වෘත්තීයවේදී
ආයතනද අධික්ෂණයට ලක් කරනු ලැබීමට නියමිතය. ඒ අනුව, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඉහළින් පිහිටුවන මෙම
කොමිසමේ සාමාජිකයන් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් හෝ නම් කළ නියෝජිතයකු, අමාත්‍යංශ අමාත්‍යංශ ලේකම් හෝ නම් කළ
නියෝජිතයකු, වි.වි. ප‍්‍රතිපාදන
කොමිසමේ සභාපති හෝ නම්කළ අයකු, ජාතික අධ්‍යාපන
කොමිසමේ සභාපති හෝ නම්කළ අයකු වශයෙන් නිල බලයෙන් සිවු දෙනකු පත් වේ. එසේම උසස් අධ්‍යාපන
ඇමතිවරයා විසින් නම්කරණ 15 දෙනකු අතුරින්
ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවන වත් 9 දෙනකු මෙම කොමිෂන් සභාවට පත් වේ. මේ අනුව, රාජ්‍ය ආයතනවල සහ කොමිෂන් සභාවල
නියෝජිතයන්ද ආණ්ඩුවෙන් පත්කරන පසුබිමක, ඇමතිවරයාගේ යෝජනා අනුව, පත්කරන දේශපාලන නියෝජිතයන් 9 දෙනකු මෙම කොමිසමේ සාමාජිකයෝ වෙති.
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඉහලින් ඇති මෙම ආයතනය දේශපාලන බලය හරහා කටයුතු
කරන අතර රජයේ හා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයකනය නියාමනය සඳහා කටයුතු කරයි.
මේ අනුව, මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය මෙන්ම
පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනයට මෙම දේශපාලන බල ව්‍යුහය කටයුතු කරනු ඇත. එසේම එම
කොමිසමේ ලියාපදිංචිවීම සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන විසින් ලිඛිතව
ඉල්ලූම් කළ යුතුව ඇත. එසේම පෞද්ගලික ආයතන ලෙස පවතින ඇතැම් ආයතනවල පාඨමාලා සියල්ල
ලියාපදිංචි නොවන පසුබමකදී වුව ඒවා කොමිසමේ ලියාපදිංචිය ලබාගත් පසුව, වසර 5ක කාලයක් සඳහා පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක පවත්වන
පිළිගත් පාඨමාලා ලෙස සැළකිල්ලට ලක්වන්නට නියමිතය. ඒ අනුව, උසස් අධ්‍යාපන ආයතන ලෙස නොව, පෞද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කර
වංචනික ලෙස උසස් අධ්‍යාපන සහතික විකුණන ආයතනවලට නිරායාසයෙන්ම රජයේ පිළිගැනීම
හිමිකර දෙන්නට මෙම පනත සකස් කර ඇති බව අනාවරණය වේ.
මෙහි ඇති
බරපතළම කාරණය වන්නේ මෙම පනත යටතේ පිහිටුවන කොමිෂන් සභාවේ සාමාජිකයන්ට තමන් විසින්
ඉටුකරන කාර්ය පිළිබඳ චෝදනා කරමින් ලංකාවේ සිවිල් නීතිය යටතේ නඩු පැවරිමට නොහැකි
වීමය.
මේ දක්වා විශ්වවිද්‍යාල
අධ්‍යාපනය ආරක්ෂා කරගන්නට ශිෂ්‍ය ව්‍යාපාරය, ආචාර්යවරු, මව්පියන්, ප‍්‍රගතිශීලි සමාජ ව්‍යාපාර ඇතුළු ජනතාව විසින් ගෙන ගිය
අරගල සියල්ල ආපස්සට තල්ලූ කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාල සම්බන්ධ තීන්දු ගැනීමට
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඉහලින් කටයුතු කළ හැකි මෙම පනත මෙරට අධ්‍යාපනයට
ඇති අයිතිය සම්පූර්ණයෙන් වළලා දැමීමේ උත්සාහයක් බැවින් එය අහෝසිකිරිමට සියලූ දෙනා
එක්ව මැදිහත් විය යුතුව ඇත.
0 comments:
Post a Comment